IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කරන්න දෙමළ - මුස්ලිම් පක්‍ෂවලින් බලපෑම්

 

(නිශාන්ත කුමාර බණ්‍ඩාර)  
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම තවදුරටත් කල් දමන්නේ නම් දැඩි ස්ථාවරයකට එළඹෙන බව දේශපාලන පක්‍ෂ 4ක් ආණ්‍ඩුවට දැනුම් දී ඇති අතර තවත් පක්‍ෂ 3ක් ව්‍යවස්ථා සංශෝධන කඩිනම් කරන ලෙසට දන්වා අැත.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ හා කම්කරු පෙරමුණ මෙසේ දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වෙයි.  
ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණු 3 වන බලය බෙදීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය යන කරුණු එකම අවස්ථාවේදීම සිදුකළ යුතු බවට තමා ව්‍යවස්ථාදායක සභාවට කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ති​ෙබන බවට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා කීය.  


එම කාරණා 3 එකවර සංශෝධනය කළ යුතු බවත් කඩිනමින් නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවට පක්‍ෂ නායකයන් රජයට දැනුම් දී ඇත. මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී සංවිධානය ද ව්‍යවස්ථාව කඩිනම් කරන ලෙස ඉල්ලීම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  


නව ව්‍යවස්ථා සංශෝධනය ලබන දෙසැම්බර් මාසයට පෙර අවසන් නොකරන්නේ නම් දැඩි තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ සඳහා ආණ්ඩුවට කොන්දේසියක් පනවා ඇතැයි එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ‘‘ඉරිදා ලංකාදීප’’යට පැවැසීය.  


ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනතාවට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පළමු කොන්දේසියයි.  
ව්‍යවස්ථා සභාව දිනෙන් දින රැස්වී කාලය කා දමනවා මිස ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථිර දිනයක් තීරණය කර නැත.  
ලබන දෙසැම්බර් මාසයට පෙර නව ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ හොත් දැඩි තීරණයකට එළඹෙන බව විජිත හේරත් මහතා සඳහන් ක​ෙළ්ය.  


මේ පිළිබඳ දැනටමත් ආණ්ඩුවට තම ස්ථාවරය දැනුම් දී තිබේ.  


ආණ්‍ඩුව තවදුරටත් මෙසේ කල් මරමින් ව්‍යවස්ථාව සකස් නොකළ හොත් ව්‍යවස්ථා සභාව තුළ රැඳී සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳ ඒ මොහොතේ තීරණය කරන බවද ඔහු පැවැසීය.

 

 



අදහස් (0)

ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කරන්න දෙමළ - මුස්ලිම් පක්‍ෂවලින් බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site