- ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිටුවයි
සුජිත් හේවාජුලිගේ
මොඩියුල සහ ගුරු අත්පොත් නිසි ප්‍රමිතියට සකස් කිරීම සහ ඒවායේ අන්තර්ගතයේ වගකීම් නිශ්චිතව පැවරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අංශ දෙකක් පසුගියදා අලුතින් පිහිටුවනු ලැබීය.
තත්ත්ව කළමනාකරණ ඒකකය සහ විෂයමාලා සංවර්ධන ඒකකය එම අංශ දෙක වේ.
එසේම මෙමගින් ආයතනය නිසි ක්‍රියාපටිපාටියකට ඇතුළත් කෙරෙන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න “ඉරිදා ලංකාදීප”යට පැවසීය.
මොඩියුල හා සම්බන්ධ විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතුවීම් හේතුවෙන් පසුගිය කාලයේදී දැඩි සමාජ ආන්දෝලනයක් ඇතිවිය.
එවන් ගැටලුකාරී තත්ත්වයන් ද මෙම නව ඒකක ස්ථාපනයෙන් මගහැරී යනු ඇතැයි අධ්‍යාපන බලධාරීහු විශ්වාසය පළ කරති.
අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයන් ඉහළ නැංවීම සහ ජාතික අධ්‍යාපන ආයතනය තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙම ක්‍රියාමාර්ගය ගැනීමේ අරමුණ බැව් මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd