IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ තේ වගාව ආරම්භ කළ ලූල්කඳුර වත්තේ කොටසක් විකිණීමේ සැලැස්මක්?

(පද්මිණී මාතරගේ)  

ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ලංකා තේ කර්මාන්තයේ විශාල ඓතිහාසික වටිනාකමින් යුත් ලූල් කඳුර වතුයායේ අක්කර 45ක් පෞද්ගලික සමාගමකට විකුණා දැමීමේ සැලසුමක් එම වතු සංවර්ධන මණ්ඩලය තුළ පවතින බව ලංකා වතු සේවා සංගමය පවසයි.  

මෙම ඓතිහාසික වතුයාය මේ ආකාරයට විකුණා දැමීමට කටයුතු කළහොත්, එයට විරුද්ධව සමස්ත වතු කාර්ය මණ්ඩලය සහ වතු සේවකයින් පාරට බස්සවා දැවැන්ත වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බවද එම වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


මහනුවර දිස්ත්‍රික්ක​ෙය් දෙල්තොට පිහිටි මෙම ඓතිහාසික තේ වතුයාය 1867 දී ජේම්ස් ටේලර් මහතා විසින් අක්කර 25ක තේ වගා කරමින් ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ කරනු ලැබූවක් බවත්, මෙය ආණ්ඩුව විසින් සංරක්ෂණය කළ යුතු ඓතිහාසික වටිනාකමකින් යුතු වතු යායක් බවද ඒ මහතා පෙන්වා දෙයි.  


දැනටත් යුරෝපය පුරා ලූල් කඳුර වතුයායේ නිෂ්පාදිත තේ සඳහා විශාල වෙළෙඳ පොළක් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා එවැනි ඓතිහාසික වටිනාකමකින් යුතු වතු යායක් මේ ආකාරයට පෞද්ගලික සමාගම් වෙත විකුණා දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ අනුව මෙම විරෝධය පළ කරන බවද පැවැසීය.  


මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප වැඩි දුරටත් කළ විමසීමේ දී ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති අමල් අරුන්දවන මහතා කියා සිටියේ ජනවසම සතු ඉඩම් හෙක්ටයාර් 9000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර දැනට නිෂ්පාදනයේ යෙදී තිබෙන ප්‍රමාණය හෙක්ටයාර් 4000ක් පමණ වන බවයි.  


ඉතිරි අනිකුත් සියල්ල හිස් ඉඩම් යැයිද පෙන්වාදුන් ඒ මහතා එම මුඩු හිස් ඉඩම් පෞද්ගලික අංශයට යෝජනා කැඳවා ඵලදායි ව්‍යාපෘති සඳහා බදු දී අලාභය අවම කර ගැනීම සහ අමතර බදු ආදායමක් ලබා ගැනීමට ජනවසම කටයුතු කරන බවය.  


ඒ අනුව අක්කර 3000ත් 4000ත් අතර ප්‍රමාණයක් විවිධ ව්‍යාපෘති සඳහා බදු දීමට කටයුතු කරන බවද ඒ මහතා පැවැසීය.   

 



අදහස් (0)

ලංකාවේ තේ වගාව ආරම්භ කළ ලූල්කඳුර වත්තේ කොටසක් විකිණීමේ සැලැස්මක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 105 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 946 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2552 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site