IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රටින් ගෙනා කෝටි 11 ක කැණීම් යන්ත්‍රයක් පැත්තකට ද‌ාලා

වැඩ මෙහෙම නම් රටට හරි යයිද?

(දයාසීලි ලියනගේ)  

පසුගිය වසරේදී රුපියල් කෝටි 11 ක රජයේ වියදමින් ගෙන්වන ලද කැණීම් යන්ත්‍රයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වාහන අංගනයක රඳවා තිබෙන සිද්ධියක් පිළිබඳව විගණන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.  

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය යටතේ පවතින ආයතනයක් මගින් ගෙන්වා ඇති මෙම කැණීම් යන්ත්‍රය වෙ​ෙළඳ පොළේ පවතින සාමාන්‍ය මිල ගණන් ඉක්මවා ගොස් ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී අැත.  


වසරකට අධික කාලයක් මෙම කැණීම් යන්ත්‍රය කිසිදු පාවිච්චියකට නොගෙන සඟවා තැබීම පිළිබඳව කරන ලද විමසීමකදී මේ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් කරන බව අද‌ාළ බලධාරීන් ප්‍රකාශ කර ඇත.  
රට ආර්ථික වශයෙන් බරපතළ ප්‍රපාතයකට වැටී සිටින මෙවැනි අවස්ථාවක මෙතරම් විශාල මුදලක් වැය කර හදිසි කටයුත්තක් සේ සලකා මෙවැනි යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳව ආයතන මට්ටමින් ද සොයා බලන ලෙසට ඇමැතිවරයා උපදෙස් දී ඇත.

 

 



අදහස් (0)

රටින් ගෙනා කෝටි 11 ක කැණීම් යන්ත්‍රයක් පැත්තකට ද‌ාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site