IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජයේ මාධ්‍ය ආයතන දෙකක් ජනාධිපති යටතට ?

(අජන්ත කුමාර අගලකඩ)

අමාත්‍යාංශ විෂය පථය ගැසට් කිරීමේදී රජයේ මාධ්‍ය ආයතන දෙකක් ජනාධිපතිවරයා යටතේ තබාගැනීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග කියයි.  

මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස දිවුරුම්දීමත් සමග ජාතික රූපවාහිනියේ, ස්වාධීන රූපවාහිනී සේවයේ හා ලේක්හවුස් ආයතනයේ ඔක්තෝබර් 26 වැනිදාට පෙර සිටි සභාපතිවරුන්ට නැවත සිය ධුරවල කටයුතු කරන ලෙස මංගල සමරවීර ඇමැතිවරයා උපදෙස් දී තිබූ බව වාර්තාවේ.  


ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා හැර අනෙක් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකේ සභාපතිවරුන්ට විෂය ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් වැඩබාර නොගන්නා ලෙසත් දැනට එම ආයතන දෙකේ කටයුතු කරන සභාපතිවරුන්ට සුපුරුදු පරිදි රාජකාරි කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇතැයි ද දැනගන්නට තිබේ.  
අලුතින් දිවුරුම් දෙන ලද ඇමැතිවරුන්ගේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන සඳුදා නිකුත් කෙරෙනු ඇතැයි ද වාර්තාවේ.

 



අදහස් (0)

රජයේ මාධ්‍ය ආයතන දෙකක් ජනාධිපති යටතට ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site