
(දයාසීලි ලියනගේ)
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයන්ගේ පාවිච්චියට මෙරටට ගෙන්වන ලද බෙන්ස් රථ 50 ක් අඩු මිලට විකුණා රජයට කෝටි 10 ක මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එක වාහනයක සැබෑ වටිනාකමින් ලක්ෂ 20 ක් මිල අඩුවෙන් මෙම වාහන විකුණා ඇතැයි කියති. අතිරේක ලේකම්වරු දෙදෙනෙක් මෙම ගනුදෙනුවට මූලික වී ඇතැයි ද වාර්තා වේ. මේ කරුණු පිළිබඳව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ පරීක්ෂණයක් පැවැත්වෙන සිද්ධියක් නොදන්නා බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් 50 දෙනා සඳහා ගෙන්වන ලද වාහන සමුළුවෙන් පසු අනිවාර්යයෙන්ම විකිණීමට සිදුවෙන බව ද ඔහු කීය. ඒ අනුව මෙම වාහන විකුණා දැමූ බව ද ඔහු කීහ. විකුණන ලද මිල ගණන් පිළිබඳව පැහැදිලි මතකයක් නැති බව කී ඒ මහතා මේ වාහන අලෙවි නොකර රඳවා ගැනීම තවත් විශාල පාඩුවක් බව ද කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.