IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ඇමැතින්ට බලතල පැවරුවේ මහින්ද හා ඩලස් පමණයි

(අජන්ත කුමාර අගලකඩ)   

රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයයන් හා කාර්යයන් පවරා ගැසට් නිවේදන නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත විශේෂ ලිපියකින් දැනුම්දෙනු ලැබ ඇතත් එසේ විෂයයන් වෙන්කර ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ දෙකකින් පමණක් බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   


ඒ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් අමාත්‍යංශයෙන් හා ඩලස් අලහප්පෙරුම මහතා යටතේ ඇති අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයෙන් බව වාර්තාවේ.   

මුදල් අමාත්‍යංශ​යෙ විෂයයන් හා කාර්යයන්වලින් කොටසක් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට සහ සංවර්ධන බැංකු හා ණය යෝජනා ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාටත්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් හා කාර්යයන්වලින් කොටසක් අධ්‍යාපන සේවා ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට සහ තරුණ කටයුතු ඇමැති දුමින්ද දිසානායක මහතාටත් පවරා එම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් විසින් ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ ඇත.   
වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකු සිටින අතර ඉන් 4 දෙනකුට පමණක් ඒ අනුව විෂයයන් හා කාර්යයන් ගැසට් නිවේදන මඟින් පවරා ඇති බව වාර්තා වේ.   
කැබිනට් මණ්ඩලයෙ සාමාජික නොවන රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයයන් හා කාර්යයන් පැවරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ඉකුත් දෙසැම්බර් මස 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.   


ඒ අනුව එක් එක් රාජ්‍ය ඇමැතිවරුන්ට පැවරෙන විෂයයන් හා කාර්යයන් ඇතුළත් ලැයිස්තුවක් ද සහිතව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සියලුම අමාත්‍යංශ ලේකම් ධුරයන් වෙත මෙම ලිපිය යවනු ලැබ ඇත. 

 
එසේ වුවද රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යයන් පවරමින් අමාත්‍යංශ ලේකම්වරුන් පෙරේදා (03) වනවිට නිකුත් කර තිබුණේ ගැසට් නිවේදන හතරක් බව රජයේ මුද්‍රණාල ආරංචි මාර්ගවලින් ද දැන ගන්නට තිබිණි.

 



අදහස් (0)

රාජ්‍ය ඇමැතින්ට බලතල පැවරුවේ මහින්ද හා ඩලස් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site