ඇඳිරි නීතියට අවනත වෙන්න
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය කියයි
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දැනට පැතිර යන කොරෝනා වයිරස් රෝගය තුරන් කිරීමට රජය ගන්නා උත්‍සාහයට සියලු මුස්ලිම්වරුන් අවනත විය යුතු බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය පවසයි.
මෙම වයිරසය පාලනය කිරීම සඳහා රජය පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ එයට අවනත වී නිවෙස් තුළම රැඳී සිට සහය දැක්වීම ඔවුන්ගේ වගකීම බවද එම සම්මේලනය පවසයි.
රජය දැනුම් දී ඇති පරිදි විදේශ රටවල සිට මෙරටට පැමිණ ඇති අය සැඟව සිටින්නේ නම් ඔවුන් වහාම පොලීසියට විස්තර ලබාදීම සියලු මුස්ලිම්වරුන්ගේ වගකීම බව එම සම්මේලනයේ උප ලේකම් එච්.එස්.එම්. තාසීම් මව්ලවිතුමා පවසයි.
පවතින වාතාවරණය හමුවේ මුස්ලිම්වරුන්ගේ වගකීම වනුයේ රජය ගන්නා සියලු උත්සාහයන්ට සහ ක්‍රියාමාර්ගවලට අවනත වීමයි.
තොරතුරු සඟවා සිටීමෙන් ඔබටත්, ජාතියටත්, රටටත් කරන්නේ අපරාධයක් නිසා වහාම එම තොරතුරු අදාළ අංශ වෙත ලබාදීම ඔවුන්ගේ වගකීම බවද තාසිම් මවුලවිතුමන් සඳහන් කරයි.
ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක
සිවිල් පුද්ගලයන් හට ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලුම ගිනි අවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබා දීමට සලකා බැලීම සඳහා
විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් (රට විරුවන්) ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු ආචාර්ය මණ්ඩලය 12,992ක් වුවද මේ ෙවන විට සිටිනුයේ ඉන් 6,548ක් පමණක් වීම නිසා ඇතැම් විශ්වවිද්‍යාලවල පාඨමාලා නතර කිරී
ඉදිරි මහ මැතිවරණයට සමගි ජන සන්ධානය යටතේ දුරකතනයෙන් තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රෝගය මඩින රජයේ උත්සාහයට සියලු මුස්ලිම්වරුන් අවනත විය යුතුයි