ශ්රී ලංකාවේ දෙවැනි විශාලතම නගරය මහනුවරය. ලෝකයේ මෙවන් කුඩා නගර පිහිටා ඇත්තේ අතළොස්සකි. එපමණක් ද නොව ලෝක උරුම නගරයකි. මෙම නගරය ගැන දැන් දැන් බොහෝ දෙනෙකු කතා බහ කරන්නේ අප්‍රසාදයෙනි. එයට හේතුව අධික වාහන තදබදයක් සහිත නගරයක් වන බැවිනි. එපමණක් නොව අධික වායු දූෂණයක් සහිත නගරයක් වශයෙන් ද නම් කර තිබේ.
එහෙත් පරසර අධිකාරිය පවසන්නේ ඔවුන්ගේ සීමා අගයන් ඉක්මවා ගොස් නොමැති බැවින් එය පිළිගැනීමට නොහැකි බවයි.
මහනුවර යනු මෙරට ඓතිහාසිකමය වශයෙන් වැදගත් ස්ථානයකි. ලෝක උරුම නගරයක් ලෙසින් නම් කර තිබීමෙන්ම එය පැහැදිලි වේ. එපමණක් ද නොව ස්වාභාවික සෞන්දර්යයෙන් පොහොසත් පළාතකි. ප්‍රමාණයෙන් මහනුවර මහ නගර සීමාව වර්ග කිලෝමීටර් 28.5ක් වේ. මෙම නගරය තුළ උඩවත්ත කැළේ, වාකරවත්ත යන රක්ෂිත වනාන්තර දෙකක් පිහිටා තිබේ. නුවර වැව (කිරි මුහුද) දුනුමඩලාව වැව, රොස්නින් වැව ආදී වැව් තුනකි. ශ්‍රී දළදා මාලිගය, සතර මහා දේවාල ඇතුළු ඓතිහාසික ස්මාරක හාරසිය ගණනක් පිහිටා තිබේ. ජාතික පාසල් ඇතුළු පාසල් පනස් දෙකකි. රෝහල් දෙකකි. නගරයේ නේවාසික නිවාස විසිහයදහස් හත්සිය හැත්තෑදෙකකි. නගර සීමාවේ නේවාසික ජනගහනය එක්ලක්ෂ විසි හය දහසක් පමණ වේ.
සාමාන්‍ය දිනයක මහනුවර නගරයට ලක්ෂ හයකට ආසන්න ජනතාවක් කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර යන ප්‍රදේශ හරහා පැමිණෙන අතර, පෙරහර සමයෙහිදි එය ලක්ෂ දහය දක්වා වැඩි වේ. මෙවන් පරිසරයක් පවතින මහනුවර නගරය ගැන වසර ගණනක සිටම බොහෝ දෙනෙකු කතා කරන්නේ අප්‍රසාදයෙනි. ඉහත සඳහන් කළ ආකාරයට එයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ වාහන තදබදය, වායු දුෂණය නිසා වේ.
ඒ නිසා මෑතක සිට මෙම වාහන තදබදයට වගකිවයුත්තන් විසඳුම් සොයමින් වෙහෙස වන බව පෙනේ. ඒ සඳහා අලුතෙන්ම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ මහනුවර, සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා ද්විත්ව මංතීරු උමං මාර්ගයක් ඉදිකිරීමටය. ඊට අමතරව මහයියාවේ පිහිටි උමඟට, සමාන්තරව තවත් උමගක් නුදුරේදීම ඉදි වනු ඇත. නගරය තුළ පදික උමං මාර්ග පහක්ද ඉදිකිරීමට නියමිතය. මේ වන විටත් මහනුවර විදුලි බලමණ්ඩලය අසලින් ඇති පදික උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.
වර්තමානයේ කාර්යබහුල ජනාකීර්ණ නගරයක් වුවද, සෙංකඩගල කන්ද උඩරට මහනුවර බවට පත් කරනු ලබන්නේ සේනා සම්මත වික්‍රමබාහු රජු (ක්‍රි.ව. 1473-1511) විසිනි. ක්‍රි.ව 1800 ක තරම් වූ ඈත අතීතයේදී මහනුවර ජනගහනය දෙදහස් පන්සියක තරම් වූ සුළු පිරිසකි.
මහනුවර විදුලිබල මණ්ඩලය අසලින් දිවෙන පදික උමං මාර්ගය සකසමින්
මහනුවර සුදුහුම්පොල සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගය..
ඒ ආකාරයෙන් පැවත ගෙන එන, මහනුවර නගරයේ වාහන තදබදය අඩුකිරීමේ අරමුණින් සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා ද්විත්ව මංතීරු උමං මාර්ගයක් කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදලේ :ෑෘක්‍ත්* අරමුදල් යටතේ ඉදිකිරීමට නියමිතය. මහනුවර නගරයට තරමක් ඈතින් පොළොව යටින් දිවෙන මෙම මාර්ගය කිලෝ මීටර් පහ හමාරක දුරකින් යුක්තය. එයට නුවරවෙල හංදිය (අම්පිටිය) අසලින් සහ බෝගම්බරින් අන්තර් හුවමාරු ස්ථාන දෙකක් ද ඇතුළත් වේ.
මෙම උමං මාර්ගය ආරක්ෂිත නැවතුම් පහසුකම්, ආරක්ෂිත පිටවීමේ පහසුකම් ඇතුළත්ව අන්තර් ජාතික තත්ත්වයෙන් යුතු නවීන උමං මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙය මෙරට ඉදිවන ප්‍රථම ද්විත්ව මංතීරු උමං මාර්ගයද වේ. සැබවින්ම ශ්‍රී ලාංකීය ජනතාවට නැවුම් අත්දැකීමක් එක් කරමින් ඉදිකිරීමට නියමිත මෙම උමං මාර්ගය නිසා, මහනුවර නගරය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර වැව රවුම මාර්ගය, දළදා මාලිගය පෙදෙසේ සිට තැන්නේකුඹුර දක්වා මාර්ගයෙහි තදබදය අවසන් වනු ඇත.
පදික උමං මාර්ග පහක් අලුතින් ඉදි කරයි
මේ වන විට මහනුවර නගරයේ ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසලින් පදික උමං මාර්ගයක් ඉදිකර තිබේ. ඊට අමතරව විදුලිබල මණ්ඩලය, මධ්‍යම වෙළෙඳපොළ, ඩී.එස්. සේනානායක විදුහල, පේරාදෙණිය රෝහල, ඔරලෝසු කණුව අසල බර්ඞ්පාර්ක් ආසන්නයෙන්ද පදික උමං මාර්ග ඉදිකරනු ඇත.
මහනුවර සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා ද්විත්ව උමං මාර්ගය යන ආකාරය දැක්වෙන ගුවන් සිතියම
විදුලිබල මණ්ඩලය අසලින් ඉදිකරන පදික උමං මාර්ගය අවසන් වන්නේ ඉදිරියෙන් ඇති මධ්‍යම වෙළඳපොළ පිහිටි බැම්ම ඇතුළිනි. මීටර් හතළිහක් පමණ දිගය. කෙසේ වෙතත් එම බැම්ම ඉවත්කර එහි වෙළෙඳාම් කරන විසි දෙනෙක් පමණ වන වෙළෙඳ සල් හිමියන්ට අලුතින් වෙළඳසල්වල මුහුණත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සාදා දෙනු ඇත. ඊට අවශ්‍ය සැළසුම් සඳහා අනුමැතිය, මහනුවර නගරික කොමසාරිස් මේ වන විටත් ලබාදී අවසන්ය. මධ්‍යම වෙළෙඳපොළ දෙසට යාමට අවශ්‍ය නැති, ගුඞ්ෂෙඞ් බස් නැවතුම්පොළ, දුම්රියපොළ දෙසට යන ජනතාවට විදුලිබල මණ්ඩලය දෙසින් මීටර් දෙකක පමණ පදික වේදිකාවක් සාදාදීමට නියමිතය. මෙම උමං මාර්ගය ද ඉතාමත් විසිතුරු අන්දමින් සාදා දෙනු ඇත. මේ සඳහා මිලියන හැටකට ආසන්න මුදලක් වැය වන බවට ගණන් බලා ඇත. මේ වන විටත් ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම උමං මාර්ගය අගෝස්තු මාසයේ අවසන් වීමට පෙර සාදා අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මහනුවර නගරයේ වාහන තදබදයට මෙය විශාල සහනයකි.
මහනුවර මහා මායා බාලිකා විදුහල අසලින් ඇති ප්‍රධාන මාර්ගයට පහළින් පොකුණක් (කිරි මුහුදේ කොටසක්) පිහිටා තිබේ. ඒ මැදින් කුඩා පාලමකි. එය ප්‍රධාන මාර්ගය තෙක් උස්සා අලුතින් පාලමක් සාදා ඒ දෙසින් වාහන ධාවනය කිරීමට අවස්ථාව ලබාදෙනු ඇත. එපමණක්ද නොව මහනුවර වැව කෙළවර (මායිම) දෙසින් ප්‍රධන මාර්ගයට පිවිසීමට ඇති මං තිරුව ප්‍රධාන මාර්ගයක් ලෙස සාදා ඒ දෙසින් වාහන ධාවනය කිරීමටද නියමිතය. පාසල් ආරම්භ වෙන සහ අවසන් වෙන කාලයේදී සිදුවන වාහන තදබදයට එය කදිම විසඳුමකි. මේ සඳහා මිලියන අනූහතරක මුදලක් වැය කිරීමට නියමිතය. ලුවි පිරීස් මාවතද පළල් කරනු ඇත.
ස්තුතිය - තොරතුරු ලබා ගැනීමට සහය දැක්වූ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම් රාජිත සමරසූරිය, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු මහේන්ද්‍ර විජේපාල, ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපෘති) තිලක් සිරිවර්ධන යන මහත්වරුන්ට.
සටහන සහ ජායාරූප
සිසිර කුමාර බණ්ඩාර
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදොස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාව සහ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවූ කරුණු පිළිබඳ පැහැදිලි කරමින් නීතිපත
වී මිලදී ගැනීම සඳහා රජය වෙන් කර තිබෙන රුපියල් කෝටි 500ක මුදලින් මිලදී ගත හැකි වී මෙ.ටො. 41,000 තොගයෙන් ලැබෙන සහල් ප්‍රමාණය රටේ ජනතාවට ප්‍රමාණවත් වන්නේ දින හතර
මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙ
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් කෙරෙන සාකච්ඡා කඩාකප්පල් කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එම බලවේගයේ ජ
වාණිජ බැංකු ණය මුදල් නිකුත් කිරීමේදී සෙසු සියලු සාධක ඉවතලා ක්‍රිබ් වාර්තාව (ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව) මූලික පදනම කරගෙන ණය අයැදුම් පත්‍ර ප්‍රතික්
විශ්වවිද්‍යාල 17 හා උසස් අධ්‍යාපන ආයතන සැලකීමේදී පොදුවේ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය සියයට විස්සත් විසිපහත් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනධ්‍යයන කාර්යමණ්ඩල
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මහනුවර තදබදය මකන අලුත් උමං මාර්ග මෙන්න