(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබායි පොලිසියට කොටුකර දීමට නායකත්වය ලබාදුන් බව කියන ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට පැවසෙන කිරුළපනේ මෙරිල් නමැත්තාට එරට පොලිසිය විසින් ආරක්ෂාවක් සපයනු ලැබ ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා ‘ලංකාදීප’යට පැවැසීය.
ඩුබායි රටේ සිටින මධුෂ් ගේ ගෝලයන් ඔහුව ඝාතනය කිරීමට ඉඩ කඩක් තිබෙන බවට සැකකර පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බව කියති. මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබායි පොලිසියට කොටුකර දීමෙන් පසු ආරක්ෂාව පතා ලන්ඩන්වලට පලාගොස් සිටි මෙරිල් නමැත්තා යළි ඩුබායිවලට පැමිණීමෙන් පසු මෙසේ ඔහුට එරට පොලිසියේ ආරක්ෂාව සපයා ඇති බව එරටින් ලැබුණු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබුණු බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙයට වසර 15 කට පමණ ඉහතදී පොලිසියෙන් බේරීම සඳහා ඩුබායි රටට පලාගොස් ඇති මෙරිල් එම රටේ ව්‍යාපාර කිහිපයක්ම පවත්වාගෙන යන බව පැවසේ.
ව්‍යාපාර පවත්වාගෙන යන අතර වාරයේ මෙරිල් නමැත්තා පකිස්ථානයේ සිටින ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමග එක්වී මත් ද්‍රව්‍ය ජාවාරමේද නිරතව සිටි බවට තොරතුරු වාර්තාවී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග කියයි.
මත් ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් හා මෙරිල් අතර තදබල විරසකයක් තිබුණ බවද මේ විරසකයන් නිසා මධුෂ්ව එරට පොලිසියට කොටුකර දීමට කටයුතුකර ඇති බවද එම පොලිස් ආරංචි මාර්ග කීය.
2025 දෙසැම්බර් මස 18
86
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධුෂ් අල්ලන්න ඔත්තු දුන් පාතාලයාට ඩුබායි පොලිසිය ආරක්ෂාව දීලා