(දයාසීලි ලියනගේ)
ලිහිසි තෙල් මුසු යන්ත්‍රාගාරයක් මුතුරාජවෙල පිහිටුවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මැලේසියානු සමාගමකට වසර 20 කට බදු දී ඇති ඉඩම හා එම යන්ත්‍රාගාරයෙන් රටට බරපතල අලාභයක් සිදුවන බවට මේ වනවිට චෝදන නැඟී තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 1600ක මුදලක් වැයකර මෙම යන්ත්‍රාගාරය ඉදිකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
මෙම යන්ත්‍රාගාරය පිහිටුවීම සඳහා මුතුරාජවෙල පිහිටි රජයේ ඉඩමකින් අක්කර 5ක් ලබාදී ඇති බව වාර්තාවේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා මැලේසියානු හයිරැක්ස් ඔයිල් සමාගම අතර පවතින මෙම ගිවිසුමට අනුව එහි නිෂ්පාදන ලීටර් ලක්ෂ 7 ක් අනිවාර්යයෙන්ම සංස්ථාව මිලදී ගත යුතු වන අතර ඔවුන් නිෂ්පාදන පිටරට ගැවීමෙන් ලබන ලාභය සංස්ථාවට හිමි නොවේ. මෙයට අමතරව සංස්ථාව මිලදී ගන්නා නිෂ්පාදන ලක්ෂ 7 සඳහා දින 7 ක් තුළ මුදල් ගෙවිය යුතුව ඇත.
මෙම ගිවිසුම වහාම අත්හිටුවන ලෙසට ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී. ෙජ්. රාජකරුණා මහතා ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා ඇත.
ඛනිජ තෙල් නියෝජ්‍ය අැමැතිනි දයා ගමගේ මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇය ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුතුරාජවෙල මැලේසියා තෙල් පිරිපහදුවෙන් රටට ලාභයක් නැතැයි චෝදනා