
(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලී ලියනගේ)
පිළියන්දල ප්‍රදේශයේ ශාක්‍ය ජනපදය ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළද, මෙතෙක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නැතැයි වාර්තා වේ. ඉකුත් වෙසක් මාසයේ මෙරට පැවැති එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව, පිළියන්දල ඩේසිවත්ත නමැති අක්කර 74ක් පමණ විශාල ඉඩමේ අක්කර 20ක පමණ භූමි ප්‍රදේශයක මෙම ශාක්‍ය ජනපදය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
බුද්ධශාසන අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, එම ව්‍යාපෘතිය ආරම්භ කර මාස කිහිපියක් ගතවී ඇතත් තවමත් එය ක්‍රියාවට නැංවී නැතැයි වාර්තා වේ.
මෙම ඩේසිවත්ත ඉඩමේ කොටසක නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමේ යෝජනාවක් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ඇමැති පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අතර උණුසුම් මත ගැටුමක් ද ඇති වූ බව වාර්තා විය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd