(අජන්ත කුමාර අගලකඩ)
තවත් පළාත් සභා තුනක නිල කාලය මාස එක හමාරකින් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මස 8 වැනිදා ද, වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් 10 වැනිදා ද උතුරු පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 24 වැනිදා ද අවසන් වීමට නියමිතය.
මෙම පළාත් සභා තුනේ මැතිවරණය 2013 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්විණි.
මේ අතර උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය.
තවත් පළාත් සභා තුනක නිල කාලය ලබන වසරේ අවසන් වීමට නියමිතය. ඒ අනුව දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ අප්‍රේල් 10 වැනිදා ද බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් 21 වැනිදා ද අවසන් වීමට නියමිත අතර ඌව පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ සැප්තැම්බර් මස 8 වැනිදා අවසන් වීමට නියමිතය.
දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ තවත් මාස එක හමාරකින් නිල කාලය අවසන් වෙන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන දිනය කවදා ද යන්න තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභා තුනක නිල කාලය ලබන ඔක්තෝබරයේ අවසන්