(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන්ගේ නාමයෝජනා සකස් කර අවසන් බව ජාතික හෙළ උරුමය පවසයි. 
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට හැර අනිකුත් සෑම දිස්ත්‍රික්කයකටම එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධාන ගත වී මැතිවරණයට මුහුණ දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
හෙළ උරුමයේ ලැයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාට බාරදී ඇති අතර ඔවුන් හඳුනාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවද ඔහු පැවසීය
නවක අපේක්ෂකයන්ට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත් වූ අතර බොහෝ දුරට ලබන ජනවාරි මාසෙය්දී පමණ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි විශ්වාස
කෙරෙන බවද වර්ණසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.