(දේශපාලන ලියුම්කරු)
ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම නිලධාරියකු අනිවාර්ය නිවාඩු ගැන්වීම ඉදිරි දිනවල සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ කතාබහ මතුවීමත් සමග මෙම ඉහළ පොලිස් නිලධාරියාගේ ක්‍රියා පිළිවෙතද විවේචනයට බඳුන් වූ අතර ජනාධිපතිවරයාගේ ද දැඩි විවේචනයට ලක් විය.
අනිවාර්ය නිවාඩු ගැන්වීමට පෙර ඉල්ලා අස්වන්නැයි ඔහුට දැනුම් දී ඇති බවද එසේ ඉවත් නොවුණහොත් අනිවාර්ය නිවාඩු ගැන්වීම සිදුවනු ඇති බවද දේශපාලන අංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd