ඇමැති දිගම්බරම්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දැනට බන්ධනාගාරගත වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය පවසයි.
එම සංවිධානයේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කළේ තමන් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කළද තමන්ගේ පෞද්ගලික මතය වී ඇත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවයි.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ඥානසාර හිමියන් හෙළිකළ විට ඇතැමුන් එය හාස්‍යයට ලක් කෙරිණ.
නමුත් දැන් එය සනාථ වී ඇත. මෙම තොරතුරු හෙළිකළ අවදියේම පරීක්ෂා කළේ නම් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට ඉඩ තිබුණ බවද අමාත්‍යවරයා පැවැසීය. ඒ නිසා තමන්ගේ මතය වී ඇත්තේ උන්වහන්සේට ජනාධිපති සමාව යටතේ වහා නිදහස් කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් උන් වහන්සේගෙන් සමාවගෙන නිදහස් කල යුතු බව යි.
සත්‍යය අවබෝධ කර දුන්නා අපි මේ ගැන බලන්නේ නම් උන් වහන්සේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි මූ
අනිවාර්යයෙන්ම නිදහස් කොට, සියළු චෝදනාවලින් නිදහස් කළයුතුය.
එතකොට රටේ නීතියට මොකද වෙන්නේ. නීතිය සැමට පොදු දෙයක්.
එතකොට මේ කියන විදියට හාමුදුරුවන්ට නිදහස දෙන එක වැරදිද? උන් වහන්සේ කතා කලේ රට වෙන්වෙන්.
උන්වහන්සේ වැරදිකාරයා වුනේ වචන බාවිතය නිසා . ඉතින් එහෙම නම් කඩු තොග පිටින් හමුවෙන මෙම කාලයේ ඒවාට සම්බන්ද අයට දඩුවම් කෝ?
උසාවියට අපහසකල කියමින් ඥානසාර හිමි හිර ගතකල දිගින්දිගටම් උසාවියට අපහසකල රන්ජන් රාමනායක මාස ගණනක් තිස්සේ තවමත් කට මත දොඩවමින් නිදහසේ සිටී. ලංකාවේ අධිකරණය පාලකයින්ගේ අයුධයකි. මැතිවරණයක් පැවත් වීමට විරුද්ධව සත් පුද්ගල විනිසුරුවන් තීරණය කලේ මේ අයගේ ඕනෑකම අනුවය. මැතිවරණයක් පවත්වුවනම් මෙම විනාශයෙන් ගොඩ ඒමට හැකියාව තිබුණි
හාමුදුරුවන්ගෙන් සමාවගෙන නිදහස් කලයුතුයි, නමුත් උන්වහන්සටත් වගකීමක් තියෙනවා රටේ පැවති සාමකාමී තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යෑමට.
උසාවිය විහිළුවක් කරන්න එපා. අම්ම ගහද්දි තාත්ත බේරනවා වගේ හිරේ දාපු වැරදි කරපු පුද්ගලයන්ට සමාව දෙන එක විකාරයක්.
මේ රටේ කොහෙද එක නීතියක් තියෙන්නේ. අවුරුදු 18 අඩු ගැණු ලමයි කසාද බදින්න සමහර ආගමිකයන්ට අවසර ඇත . අනෙක් අය අවුරුදු 20 හිරේ යනවා. ගැහැණු එක්කෙනෙක්ට වඩා ගන්න සමහර ආගමිකයන්ට පුළුවන් .අනික් ආගමිකයෝ එහෙම කලොත් අවුරුදු 7 හිරේ.