IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ හුදකලා කළ ජනතාවට ප්‍රමාණවත් සහනාධාර නෑ

පුරපතිනියගෙන් චෝදනා  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

කොළඹ නගරයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් තරම් සහනාධාර ලැබී නැතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසන්නීය.

අඩු ආද‌ායම්ලාභී ජනතාව 1,50,000 ක් පමණ සිටින බවට හඳුනාගෙන ඇති අතර රජය මගින් ලබා දුන් රුපියල් 10,000 ක බඩු මල්ල සියලු ජනතාවට ලැබී නැතැයි ද ඇය සඳහන් කළාය.  


කොළඹ නගරය තුළ ප්‍රදේශ කිහිපයක් සීමා කර ඇති නිසා ඔවුන්ගේ දෛනික කටයුතු ඇනහිට තිබේ.  
ඒ පිළිබඳ තමන් හදවතින්ම කනගාටු වෙන අතර කඩිනමින් එම ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුද‌ාහැරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඇය පැවැසුවාය.  


හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට නගර සභාවේ මැදිහත්වීම මත රුපියල් 3000 ක සහනාධාර බඩුමල්ලක් ලබා දීමට පියවර ගෙන තිබේ.  


එහෙත් ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති නිසා පරිත්‍යාග ශීලීන්ගෙන් හා පෞද්ගලික ආයතනවලින් ජනතාවට සහන සලසන ලෙස ද ඉල්ලීමක් කරන බව ද කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය. 

  



අදහස් (0)

කොළඹ හුදකලා කළ ජනතාවට ප්‍රමාණවත් සහනාධාර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site