IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කොල්ලුපිටියේදී දුම්රියේ වැදී මියගිය අයියා-මලෝ

සුසාන භූමියට දේහයන් රැගෙන යන අයුරු

 

වසර තුනක කාලයක් සිංගප්පූරුවේ පාඨමාලාවක් හදාරා සැතපුම් දහස් ගණනක දුරක් ගෙවා මව්පියන් හා බාල සහෝදරයන් දෙදෙනා සමඟ කාලය ගතකිරීමේ අරමුණින් මෙරටට පැමිණි අනුරාධපුර පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයෙක් මෙරටට පැමිණ හෝරා කීපයක් යන්නට මත්තෙන් දොළොස් හැවිරිදි සිය බාwල සහෝදරයා ද සමඟ කොල්ලුපිටියේදී දුම්රියකට බිලි වී මරුවා වැළඳ ගත් ශෝචනීය පුවතකින් පසුගිය සතිය ආරම්භයේදී රටම කම්පාවට පත්විය.   


ශ‍්‍රී ලංකා යුද හමුදා සේවයේ රාජකාරී කර විශ‍්‍රාම ලැබූ කෝප‍්‍රල්වරයෙකු වන ප‍්‍රසන්න ප‍්‍රියංකර රණවීර (49) හා යුද හමුදා කාන්තා බලකායේ විශ‍්‍රාමික සෙබළියක වූ ආර්.ඒ. බණ්ඩාර මැණිකේ (47) යන දෙපළගේ පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා හා බාල දරුවා වූ ශෂී මධුශාන් රණවීර (24) හා තීක්ෂණ ශක්ෂාන් රණවීර (12) යන දෙදෙනා මෙසේ අවාසනාවත්න ලෙස මරණයට පත්වූහ.   


පසුගිය 11 වැනි දින කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී අලුත්ගම සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වෙමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රියක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුර සිදුවීමෙන් පසු ශෂී මධුශාන් වන වැඩිමහල් සොයුරාගේ සිරුර දුම්රිය මාර්ගයේ වැටී තිබී සොයාගත් අතර බාල සොයුරු තීක්ෂණගේ සිරුරේ හිස කොටස පසුදා (12 දා) අළුයම දුම්රිය මැදිරි දෙකක් අතර සිරවී තිබියදී දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් මගියෙක් කළ දැනුම්දීමකදී ගම්පහ දුම්රිය ස්ථානයේදී සොයාගෙන තිබුණි.  


මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබූ ශෂී මධුශාන් හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් වසර 03කට පසුව පසුගිය 11 වැනිදා ප.ව. 4.30 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණ තිබේ. සිය දරුවා සිංගප්පූරුවේ පාඨමාලාවක් හදාරා සහතික පත් ලබාගෙන වසර 03කට පසුව මෙරටට පැමිණීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් ඔහු ගුවන්තොටුපළට ගොස් පිළිගෙන කැඳවාගෙන ඒම සඳහා මව, පියා, සහෝදරයින් දෙදෙනා, මිත්තණිය ඇතුළු පවුලේ ඥාතින් පිරිසක් ගුවන්තොටුපළට පිටත්ව ගොස් තිබේ.   


පසුව ඔවුන් කටුනායක සිට කොළඹ දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කොළඹට පැමිණ ගෝල්ෆේස් පිටියේ විනෝදවීමෙන් අනතුරුව කඳාන ප‍්‍රදේශයේ පදිංචිව සිටින පුංචි අම්මාගේ නිවසට යාම සඳහා පිටත්ව තිබේ. එම ගමන අතරතුරේදී දුම්රිය මාර්ගය මුහුදු වෙරළ සමීපයෙන් ගමන් ගන්නා ස්ථානයකදී, දුම්රියක් ගමන් කරන අවස්ථාවේ වෙරළේ සිට ඡායාරූප ගැනීම සඳහා වෑන් රථය මදක් නතර කරන ලෙස කුඩා පුතු වන 12 හැවිරිදි තීක්ෂණ පියා ඇතුළු පිරිසට ඇවිටිලි කළ බව පවුලේ ඥාතීහු පැවසූහ.   
මෙම ගමනට සහභාගි වෙමින් අනතුර සිදු​ෙවන අවස්ථාවේ එම දරුවන් ළඟ සිටිමින් මෙම අවාසනාවන්ත සිදුවීම දැක කම්පනයට පත්ව සිටින මියගිය දරු දෙදෙනාගේ මිත්තණිය වන ඩබ්. පේ‍්‍රමා ගුණවර්ධන (68) මහත්මිය හඬා වැළපෙමින් සිද්ධිය පිළිබඳව මෙසේ පැවසුවාය.  

හඬා වැළපෙන පිලිපීන ජාතික තරුණියන් දෙදෙනා  

 

 


“පොඩි පුතාගේ බලපෑමට තමයි ඡායාරූප ගන්න කියලා වාහනය නතර කළේ. ඒත් අපි කැමති වුණේ නැහැ. පසුව මල්ලි සහ අයියලා දෙදෙනා වාහනයෙන් බැසගොස් මුහුදු වෙරළ ආසන්නයේ ඡායාරූප ගසා විනෝද වී නැවත වාහනයට පැමිණෙන විට වෙරළ ආසන්නයේ දුම්රිය මාර්ගය අසල මමත් හිටියා. එවිට වේලාව 5.45 ට පමණ ඇති. එක්වරම මා දුටුවා විදුලි ලාම්පු දල්වාගෙන දුම්රියක් පැමිණෙනවා. මාර්ගයේ වාහනවල නළා ශබ්දයත්, මුහුදේ ඝෝෂාව නිසාත් දුම්රියක් ළඟට එන තෙක් අප කිසිවෙකුටත් ඇසුණේ නෑ. එක්වරම මා දුම්රිය මාර්ගයේ සිටි චූටි පුතාට ‘කෝච්චියක් එනවා’ යැයි කියා කෑ ගැසුවා. ඉන්පසු බිය වූ චූටි පුතා එක්වරම රේල් පාරෙන් පිටතට පැන නැවතත් අයියා සිටින පැත්තට පනින්න හැදුවා. එන්න එපා යැයි කියමින් මල්ලි බේරා ගැනීමට ලොකු පුතා ශෂී පනිනවාත් සමඟම දෙදෙනාම වේගයෙන් පැමිණි කෝච්චියට හැපුණා.   


කෝච්චිය ගිය පසු බලන විට දරු දෙදෙනා මාර්ගය අසල බිම වැටී සිටියා. ලොකු පුතාගේ කකුලක් සිරුරෙන් වෙන් වී තිබුණා. ටික වේලාවක් යනකල් එයාලා රෝහල්ගත කරන්න කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ. වැටී සිටි චූටි පුතා දෙස බලන විට ඔහුගේ හිස කොටස තිබුණේ නෑ. පසුව මා එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථයක ලොකු පුතාගේ කකුල උස්සා දැමුවා. ආච්චි කෙනෙකුට මේවා දරාගන්න පුළුවන්ද. අම්මයි තාත්තයි දරුවන් දෙදෙනා දිහා බලමින් සිප ගනිමින් විළාප තියනවා. අනේ මගේ දරු පැටව් දෙන්නා. මම මුලින් හිතුවේ කම්පනයට වැටී සිටිනවා කියා. සහතික අරන් ආපු මගේ සුදු පුතා ඒවා මට පෙන්නන්නේ නැතිවම අපිව දාලා ගියා” යැයි හඬා වැළපෙමින් ඇය සිහිසුන් වූවාය.​  


එම ළමුන් දෙදෙනා පදිංචිව සිටි අනුරාධපුර විජයපුර ප‍්‍රදේශයේ පිහිටි නිවස අවට ජනතාව පාසල් ළමුන් ඇතුළු පිරිස් වැළ නොකැඩී ඇදී ආහ.   


අනතුර සිදු වී දිනකට පසු මරණ පරීක්ෂණ කටයුතු නිමවීමෙන් අනතුරුව 12 දා පස්වරුවේ දේහයන් අනුරාධපුර පිහිටි නිවසට රැගෙන ආ අතර ඉන් ටික වේලාවකට පසු පිලිපීන ජාතික තරුණියෝ දෙදෙනෙක් මෙම නිවසට පැමිණියහ. මෙම තරුණියන් දෙදෙනා කවුරුන්ද යන්න සොයා බැලීමේදී, මියගිය ශෂී මධුශාන් සමඟ සිංගප්පූරුවේ එම පාඨමාලා හැදෑරූ පිලිපීන ජාතික තරුණියන් දෙදෙනෙකු බව අනාවරණය විය. ඥාතීන්, අසල්වැසියන් සමඟ එක්ව මෙම තරුණියන් දෙදෙනා හඬා වැළපෙන දර්ශනය දුටු සැමගේ දෙනෙත්වලින් කඳුළු කඩා හැලෙන්නට විය.  


කල්පනාකාරීව ජීවත් විය යුතු යැයි සියලුම දෙනාට අවවාදයක් ලබාදෙමින් දහස් ගණනකගේ සෝසුසුම් මධ්‍යයේ පසුගිය 13 දා සන්ධ්‍යාවේ අනුරාධපුර, නිසල නිම්න පොදු සුසාන භූමියේදී මෙම දරු දෙදෙනාගේ සිරුරු මිහිදන් කෙරිණි.   

 

සටහන ඡායාරූප අනුරාධපුර - චතුරංග, සඳරැස්ගම  

 



අදහස් (0)

කොල්ලුපිටියේදී දුම්රියේ වැදී මියගිය අයියා-මලෝ

ඔබේ අදහස් එවන්න

පුවත්

ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ
2024 ඔක්තෝබර් මස 07 50 0

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක


සිවිල් පුද්ගලයන්ට ලබා දී තිබූ ගිනි අවි යළි රජය භාරයට සේනාධිපතිට 9 ක්, ජොන්ස්ටන්ට 8 ක්, යෝෂිතට 7 ක් දීලා ගිනිඅවි භාරදිය යුතු අවසන් දිනය නොවැම්බර් 7
2024 ඔක්තෝබර් මස 07 26 0

සිවිල් පුද්ගලයන් හට ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලුම ගිනි අවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබා දීමට සලකා බැලීම සඳහා


රට විරු වාහන බලපත්‍රයෙන් කෝටි ගණනක වංචාවක් විගණනය මැතිසබයට වාර්තා කරයි
2024 ඔක්තෝබර් මස 07 24 0

විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් (රට විරුවන්) ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්


මහ ඡන්දෙදි මාලිමාවට ලැබෙන ජනවරමෙන් ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා
2024 ඔක්තෝබර් මස 07 20 0

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්


ආචාර්ය මණ්ඩල පුරප්පාඩු නිසා සරසවි අඩපණ වෙයි
2024 ඔක්තෝබර් මස 07 19 0

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු ආචාර්ය මණ්ඩලය 12,992ක් වුවද මේ ​ෙවන විට සිටිනුයේ ඉන් 6,548ක් පමණක් වීම නිසා ඇතැම් විශ්වවිද්‍යාලවල පාඨමාලා නතර කිරී


පුළුල් සන්ධානයක් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි සමගි ජන සන්ධානය දුරකතනයෙන් එයි
2024 ඔක්තෝබර් මස 07 16 0

ඉදිරි මහ මැතිවරණයට සමගි ජන සන්ධානය යටතේ දුරකතනයෙන් තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39478 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25721 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1172 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site