අගමැතිගේ මාලදිවයින් සංචාරයෙන් පසු
(නිමල කොඩිතුවක්කු)
එජාපය ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනය සහ ජනාධිපතිවරණ අපේක්ෂක නම් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් නිල සංචාරයෙන් පසු සිදුකිරීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (2) දිනයේ සිය මාලදිවයින් සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර බදාදා දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව එක්සත් ජාතික පෙරමුණේ නායකයකු ඉරිදා ලංකාදීපයට පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පිහිටුවන නව සන්ධානයේ මහ ලේකම්ධුරය, මූලස්ථානයේ ලිපිනය සහ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු සිදුකරන බවත් ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd