ආනයනකරුවෝ කියති
(මහින්ද නිශ්ශංක)
ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1500කට වැඩි ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇති නිසා එළඹෙන උත්සව සමයේදී පිටකොටුව තොග වෙෙළඳ මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය හැකි බව එම ආනයනකරුවෝ සඳහන් කරති.
විශේෂයෙන් එම කන්ටේනර් නිදහස් කර ගැනීමට අදාළ ලියකියවිලි වාණිජ බැංකු මගින් මුදා නොහැරීම නිසා මෙම කන්ටේනර් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු කියා සිටිති.
මෙම කන්ටේනර්වල අර්තාපල්, බී ළුෑනු, මිරිස්, පරිප්පු, කඩල, කරවල වර්ග, කුළුබඩු වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් අඩංගුව පවතින බව සඳහන් කරන ආනයනකරුවෝ මෙම භාණ්ඩවල ඩොලර් මිලියන 150ත් 200ත් අතර වටිනාකමක් පවතින බවද කීහ.
මෙම භාණ්ඩ කන්ටේනර් නිදහස් කර දෙන මෙන් ඔවුහු මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිති.
කන්ටේනර් නිදහස් කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් වරායට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී ඇති බවත් දින 21 කට වැඩි කාලයක් තුළ කන්ටේනර් නිදහස් කර නොගැනීමෙන් වෙන්දේසි කරන බවත් වරාය අධිකාරිය මගින් ආනයනකරුවන් බොහෝ දෙනෙකුට ලිපි මගින් දැනුම් දී ඇති බවත් ඔවුහු සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උත්සව සමයට බඩු හිඟවෙයි? කන්ටේනර් 1500ක් වරායේ හිරවෙලා