ඩග්ලස් දේවානන්ද
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ජනාධිපතිවරණයට වඩා වැඩි සහයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා දී ඇති බවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට එය ශක්තියක් කරගන්නා බවත් ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට එම පළාත්වල ජනතාව කටයුතු කළ බවත් ඒ නිසා තම සන්ධානයට මෙවර ආසන 2 ක් ලබා ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
තම සංවිධානය කෙරෙහි උතුරු නැගෙනහිර ජනතාව තැබූ විශ්වාසය එලෙසම ආරක්ෂා කරන බවත් ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට ක්‍රියාකරන බවත් ඔහු සඳහන් කළේය.
මෙතෙක් දෙමළ ජනතාවට බොරු පොරොන්දු දුන් උතුරේ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළ ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ද ඔහු පැවසීය.
ජනාධිපති හා අගමැතිවරයා සමග සාකච්ඡා කොට ඔවුන්ගේ ගැටලු විසඳීමට කඩිනමින් ක්‍රියාකරන බව ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ ජනතාවගෙන් රජයට වැඩි සහායක් ලැබිලා