(දයාසීලි ලියනගේ)
ඇමැති මණ්ඩල සංශෝධනය නිසා රජයට රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව “ඉරිදා ලංකාදීප”යට වාර්තාවේ. අලුතෙන් අමාත්‍යංශ පිහිටුවීම, කාර්යාල පහසුකම් සැලසීම, කාර්යාල උපකරණ ගැනීම, සේවකයන් බඳවා ගැනීම, වාහන සැපයීම, ඉන්ධන පහසුකම් සැලසීම, නව ඇමැතිවරුනට අවශ්‍ය පරිදි නිල කාමර සැකසීම, පිළිගැනීමේ උත්සව ආදිය සඳහා මෙම මුදල වැය කිරීමට සිදුවී ඇත.
මේ අතර අලුතෙන් අමාත්‍යාංශයක වැඩ භාර ගත් ඇමැතිවරයකු පිළිගැනීමේ උත්සවයටත් 600 ක පිරිසක් සඳහා දිවා ආහාරය සැපයීමට හා ඇමැතිවරයාගේ නිල කාමරය නවීකරණය කිරීම සඳහාත් රුපියල් ලක්ෂ 40 ක මුදලක් වැයවන බව ගණන් බලා තිබේ. ඇමැති මාරුවෙන් පසු පැවැති මෙම වැඩ භාර ගැනීමේ උත්සවය සහ භෝජන සංග්‍රහයට කැඳවා ඇත්තේ ඇමැතිවරයා නියෝජනය කරන ආසනයේ පාක්ෂිකයන් සහ හිතවතුන් බවද දැනගන්නට ඇත. මීට අමතරව ප්‍රධාන පෙළේ දෙපාර්තමේන්තුවක තුන්වැනි මහලේ පිහිටා තිබූ ලේකම් කාර්යාලය ඉවත් කර හතර වැනි මහලට යවා ඇත. මේ සඳහාද අමතර වියදමක් දැරීමට සිදුවේ. ඇමැති මාරුවත් සමඟ බොහොමයක් අමාත්‍යාංශවල මෙතෙක් පැවැති පිහිටීම වෙනස් කිරීමේ කටයුතු නිසා සේවකයන් අසීරුවට පත්වී සිටින බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති මාරුවෙන් කෝටි 10 ක අමතර බරක්
චාමර Monday, 29 May 2017 11:13 AM
චීනය වගෙ රටවල ඇමතිවරු පොඩි ගානකින් පාලනය කරන්නේ. රටේ බරපතළ අර්බුධ වගේම ආපදා තත්ත්වයක් තියෙද්දි මේ වගේ මෝඩ වැඩ කරන රටක් තව නැතිව ඇති.