(දයාසීලි ලියනගේ)
වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින කෝටි 40 ක පමණ වටිනාකම ඇති එල්.පී. ගෑස් පිරවුම් යන්ත්‍රය මේ වෙන විට යකඩ වලටවත් විකිණීමට නොහැකි තත්ත්වයක පවතින බව වාර්තා වේ.
සපුගස්කන්ද පරිශ්‍රයේ ඇති මෙම යන්ත්‍රයෙන් මෙතෙක් එක් දිනක් හෝ ප්‍රායෝජනයක් ලබා නැති බව ද දැනගන්නට ඇත
පසුගිය දිනක අදාළ ඇමැතිවරයා සපුගස්කන්ද පරිශ්‍රයේ සංචාරය කර ඇතත් මෙම දිරාපත් වෙමින් පවතින යන්ත්‍රය පිහිටි භූමියට කැඳවා ගෙන ගොස් නැතැයි එහි සේවකයෝ සඳහන් කරති.
මෙම යන්ත්‍රය ගෙන්වීමට මූලික වූ ඉහළ නිලධාරියෙක් තවමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරනු ලබන අතර ඔහු මෙම සිද්ධියෙන් පසුවත් තාර අලෙවියෙන් මිලියන 358 ක් අලාභ කිරීම ඇතුළුව සිදුවීම් කීපයකටම චෝදනා ලබා ඇතත් මෙතෙක් කිසිදු පරික්ෂණයක් ඔහුට එරෙහිව පවත්වා නැති බව ද සඳහන් වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.