(ප්‍රේමකීර්ති රණතුංග)
ආණ්ඩුවේ මුස්ලිම් දේශපාලකයන් ගණනාවකට අන්තවාදී සන්නද්ධ කල්ලියකින් තර්ජන එල්ලවී ඇතැයි වාර්තාවේ.
මෙම තර්ජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුස්ලිම් ජාතික ඇමැතිවරුන් පිරිසක් සහ ආරක්ෂක ලේකම්වරයා අතර සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඉකුත් සතියේ පැවැත්විණි.
කබීර් හෂීම්, රාවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන් යන ඇමැතිවරු ද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති කබීර් හෂීම් මහතා ජනපතිට සහ අගමැතිට පවසා ඇැත්තේ මුස්ලිම් ප්‍රජාව එක්තරා ප්‍රශ්නයකින් පීඩා විඳින බවත් ඔබතුමන්ලා දෙපළ එකට හමුවීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් කැමැත්තෙන් සිටින බවත්ය.
ඇමැති කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් නස්ලිම් මහතා මාවනැල්ලේ දනාගම පිහිටි ඒ මහතාගේ නිවසේදී ඉකුත් සතියේ නාඳුනන පුද්ගලයකුගේ වෙඩි තැබීමකින් තුවාල ලැබීය. මාවනැල්ලේ බුදු පිළිම කැඩූ මුස්ලිම් ආගමික කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා නස්ලිම් මහතා ආරක්ෂක අංශ වෙත උදව් කළ බවත් ඒ නිසා මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් දේශපාලකයන් අතර විශ්වාසයක් පවතී.
බුදු පිළිම කැඩූ මෙම අන්තවාදී කල්ලියේ සාමාජිකයන් රැඳී සිටි පුත්තලමේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද ඉකුත්දා සොයා ගැනුණි.
2025 නොවැම්බර් මස 21
180
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අන්තවාදී කල්ලියකින් මුස්ලිම් දේශපාලකයන්ට තර්ජන