පාඩුව රජයෙන් ඉල්ලයි
(අජන්ත කුමාර අගලකඩ)
රජයේ තීරණයකට අනුව අඩු මිලට භාණ්ඩ විකිණීමෙන් ලංකා සතොසට සිදුවූ රුපියල් කෝටි 6ක පාඩුව ලබාදෙන්නැයි වෙළෙඳ අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
රජය ගත් තීන්දුවකට අනුව ලංකා සතොස ඉකුත් ඔක්තෝබර් මස 14 වැනිදා සිට දිවයිනපුරා සිය අලෙවි ජාලය හරහා ටින්මාළු රුපියල් 200කට ද සුදු සීනි කිලෝවක් රුපියල් 85කට ද ලොකු ලූනු කිලෝවක් රුපියල් 100කට හා පරිප්පු කිලෝවක් රුපියල් 150කට ද විකිණීමෙන් මෙම මුදල පාඩු වී ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයට දන්වා තිබේ.
මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4ක් මිල දී ගත් මුදලට වඩා අඩු මිලට විකිණීමෙන් රුපියල් කෝටි 6ක පාඩුවක් සිදුව ඇතැයි ද අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd