IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අගවිනිසුරු පුටුවට ශ්‍රීලනිප - එජාප සටනක්

(අජන්ත කුමාර අගලකඩ)  

මීළඟ අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුවේ  පාර්ශ්ව දෙකෙන් දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන්, ශ්‍රේෂ්‍ඨාධිකරණයේ විනිශ්චයකාර ඊවා වනසුන්දර මහත්මියගේ නමද, එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නමද මෙසේ යෝජනා වී ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.  


කෙසේ වෙතත්, අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීමට නමක් නිර්දේශ කර යැවීමේ බලය 19 වැනි ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පවරා තිබේ.  ඒ අනුව ජනාධිපතිවරයා ලබන සිකුරාදාට පෙර, අගවිනිසුරු ධුරය සඳහා නමක් ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යැවීමට නියමිතය. දැනට අගවිනිසුරු ධුරය හොබවන ප්‍රියසාද් ඩෙප් මහතාගේ ධුරකාලය මේ මස 12 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිලකාලය මේ වනවිට අවසන් වී එය අක්‍රීය වී ඇති අතර, නව අගවිනිසුරුවරයා පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව ලබන 12 වැනිදාට පෙර රැස්විය යුතුව තිබේ.  


ව්‍යවස්ථා සභාව පත්කිරීම ලබන 11 වැනිදාට පෙර සිදුකිරීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. දස දෙනකුගෙන් යුත් ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ නම දැනටමත් නම්කර යවා ඇත. අගමැතිවරයාත්, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථා සභාවට නිල බලයෙන් පත්වන අතර, අගමැතිවරයාගේ නියෝජිතයෙක් සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙක් ද සුළු පක්ෂ නියෝජිතයෙක් ද ඊට ඇතුළත් වෙති.  


මීට අමතරව, සිවිල් සමාජ ක්‍රියාකාරීහු තිදෙනෙක් ද ව්‍යවස්ථා සභාවට පත් කෙරෙති.  

 



අදහස් (0)

අගවිනිසුරු පුටුවට ශ්‍රීලනිප - එජාප සටනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site