IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


හැත්තෑ එකේ කැරැල්ල හෙළිකළ යළි උපන් දරුවෝ

පෙර භවයේ ප්‍රබල සාක්කි

එක්දහස් නමසිය හැත්තෑ එකේදී තරුණ පිරිසක් මෙහෙයවන ලද කැරැල්ල පැවති වකවානුව භීෂණ සමයක් ලෙස ඉතිහාසයට එක්විය. එම කාල පරිච්ඡේදය (INSURGENCY PERIOD) ලෙස ද හඳුන්වනු ලැබේ. එම කාලය තුළ දී වෙඩි වැදීම් පහරදීම් සහ බෝම්බ ප්‍රහාර මගින් ජීවිත රැසක් විනාශ විය.  

මෙම කැරලි සමයේ මරණයට පත්වූ බැව් හෙළි කළ දරුවෝ පිරිසක් ද පුනර්භව පර්යේෂණවලට ද ඇතුළත්ව සිටිති. කණ්ඩායම් වශයෙන් සිටිය දී පොලිස් සහ හමුදා වෙඩි ප්‍රහාරවලට ලක්වූ බැව් අැතැම් දරුවෝ පැහැදිලිව ප්‍රකාශ කළහ. එම දරුවන්ගේ ප්‍රකාශ අනුව ඇල්පිටිය, ගාල්ල, අනුරාධපුරය, වැලිගම, ගම්පහ, කෑගල්ල සහ කළුතර යන ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වල දී පොලිස් වෙඩි පහරට ගොදුරුවී මිය ගිය බැව් අනාවරණය විය.  
ඇතැම්විට ඔවුන්ගේ සිරුරුවල දක්නට තිබූ උපන් ලප පෙන්වමින් එම ස්ථානවලට වෙඩි වැදීම් සිදුවූ බැව් ද කියා සිටියහ. 1971 කැරැල්ල පිළිබඳව අනාවරණය කළ ප්‍රථම දරුවා උපත ලැබුවේ 1972 වසරේ දීය. ගම්පහ ප්‍රදේශයේ දී උපන් එම දරුවා පොලිස් වෙඩි පහරක් පිළිබඳව පැවසුවේ වයස අවුරුදු දෙකේ සිටය. මෙම දරුවාට ඔහුගේ පෙර භවයේ භාවිතා කළ නම ඉතා හොඳින් මතක තිබිණි.  


මට එහෙදි කිව්වේ සුද්දා කියල​ා. මට අයියෙක් හිටියා. අපේ තාත්තාට කාර් හදන ගැරේජ් එකක් තිබුණා. තාත්තට මිනිස්සු කතා කළේ නිමල් කියලා. සමහරු නෙවිල් කියලත් කිව්වා. මට අක්කල තුන්දෙනෙක් හිටියා. දවසක් අපේ ගෙදරට හොරු ආවා. ඉතා කුඩා අවදියේ සිට ම පෙර භවය හෙළි කිරීමට ඔහුට හැකියාව තිබිණි.  


දිනක් ඔහු කාරයකින් යද්දී පොලිස් වෙඩි පහරකට ලක්වූ බව ද එහිදී රථයේ ඉදිරි වීදුරු බිඳී ගිය හැටි තමා දුටු බව ද ඔහු පැවසුවේය. ගමන් යාම සඳහා මෝටර් බයිසිකලයක් තිබූ බැව් ද මතකයෙන් හෙළි කළ මෙම දරුවා එදා අනාවරණය කළේ ඔහු රැස්වීම්වලට ද සහභාගි වූ බවය.  


වෙඩි වැදීමෙන් පසු යාළුවො ඇවිත් ඔහු ඔසවාගෙන ගිය බැව් ද පැවසූ එම දරුවා හතරදෙනෙක් එක්ක එකතුවී පොලිසියට වෙඩි තැබූ බව ද පැවසීය. ඔවුන් පදිංචිව සිටියේ පොලිසියක් අසලම නිවසක බැව් ද එම දරුවාට මතක තිබිණි.  


අපේ ගේ ළඟ පොලිසිය තිබුණා. එතනම මාළු කඩයකුත් තිබුණා යැයි එම දරුවා හෙළි කළ නමුත් ජීවත්ව සිටි ප්‍රදේශය ඔහු හැඳින්වූයේ මගේ යාළුවො හිටියේ ගම්පහ යනුවෙනි. ඔහු ඒවන විට තරුණ වියේ පසුවූ බැව් මෙම දරුවා අනාවරණය කළේය.  


මම එතකොට ඇන්දෙ දිග කලිසම් බවත්. නිවස අසල ඩැඩී යනුවෙන් හැඳින් වූ අයෙක් සිටි බව ද ඔහුට මතක තිබිණි. සනාථ නොවූ පුනර්භව සාධකයක් ලෙස මෙම දරුවාගේ පෙර භව තොරතුරු තවමත් පර්යේෂණ වාර්තා අතරට එක්වී තිබේ.  


හැත්තෑ එකේ කැරැල්ල පිළිබඳව හෙළි කළ දැරියන් දෙදෙනෙක් මීට වසර ගණනකට උඩදී උපත ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ දීය. නිවුන් දැරියන් දෙදෙනෙකු වූ ඔවුහු ඉතා පැහැදිලිව පෙරභව තොරතුරු අනාවරණය කළහ. එම දැරියන් දෙදෙනා පැවසුවේ ඔවුන් පෙර භවයේ දී තරුණයන්  දෙදෙනෙකු ලෙස ජීවත්ව සිටි බවය. පෙර භවයේ දී ඔවුන්ගේ නම් ද ඉතා පැහැදිලිව මෙම දැරියන්ට ඉතා හොඳින් මතක තිබිණි. හැත්තෑ එකේ කැරැල්ල සමයේ අප්‍රේල් 18 වනදා මරණයට පත්වූ එම තරුණයන්ගේ නිවෙස්වලට ගොස් පෙරභව ඥාතීන් හඳුනා ගැනීමට ද එම දැරියන්ට එදා හැකියාව ලැබිණි.  


නිවුන් දැරියන් වුවද එම දරුවන් තුළින් දක්නට තිබූ විශේෂත්වය වූයේ ඔවුන් දෙදෙනා රුවින් එකිනෙකාට වෙනස් රුවක් ගෙන තිබීමය. සිරුරේ හැඩ රුව ද පෙරභව හැඩ රුවට දැඩි සබඳතාවක් ද දක්නට ලැබිණි. එක් දැරියකගේ සිරුරේ පිහිටා තිබූ උපන් ලපයක් පෙන්වූ ඇය ප්‍රකාශ කළේ එම ස්ථානයට පොලිස් වෙඩි පහර එල්ලවූ බවය. අනෙක් දරුවා ප්‍රකාශ කළේ පිළිස්සීමකට ලක්වී මරණයට පත්වූ බවය.  


මෙම දරුවන් දෙදෙනා පෙර භවය අනාවරණය කරන මුල් අවදියේම පර්යේෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි. ඔවුන් දෙදෙනා පෙර භවය හෙළිකිරීම ආරම්භ වූයේ වයස අවුරුදු තුනේ දීය. එම දරුවන් විසින් ඔවුනොවුන්ට කරන කතා බහකදීය. එක් දැරියක් දෑත් පිටුපසට එක්කර ඇවිදිමින් ඇයව පෙරභවයේ දී පොලිසියෙන් රැගෙන ගියේ ඒ අයුරින් බැව් අනුකරණය කර පෙන්වූවාය. එය බලා සිටි අනෙක් දැරිය ද ඇයව ද ගෙන ගියේ ඒ අයුරින්ම බැව් හෙළිකළාය.  


එලෙස ඇරඹුණු පෙරභව තොරතුරු දෙමාපියන්ගේ දැඩි අවධානයට යොමු විය.  


ඔවුන් ප්‍රකාශ කළ තොරතුරු අනුව රූමස්සල ප්‍රදේශ​යේ දී කැරැල්ල සමයේ මරණයට පත්ව සිටි තරුණයන් දෙදෙනෙකුගේ ජීවිත තොරතුරු ඇතුළත්ව තිබූ බැව් තහවුරු විය. අනතුරුව මෙම දැරියන් දෙදෙනා දෙමාපියන්ගේ ඉදිරිපත්වීමෙන් පෙර භවයේ පදිංචිව සිටි ප්‍රදේශ වෙත කැඳවා ගෙන යෑමට ද මෙම පර්යේෂණයේ දී අවස්ථාව ලැබිණි.  

 

හැත්තෑ එකේ කැරැල්ල පිළිබඳව හෙළි කළ දැරියන් දෙදෙනෙක් මීට වසර ගණනකට උඩදී උපත ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ දීය. නිවුන් දැරියන් දෙදෙනෙකු වූ ඔවුහු ඉතා පැහැදිලිව පෙරභව තොරතුරු අනාවරණය කළහ. එම දැරියන් දෙදෙනා පැවසුවේ ඔවුන් පෙර භවයේ දී තරුණයන්  දෙදෙනෙකු ලෙස ජීවත්ව සිටි බවය. පෙර භවයේ දී ඔවුන්ගේ නම් ද ඉතා පැහැදිලිව මෙම දැරියන්ට ඉතා හොඳින් මතක තිබිණි. හැත්තෑ එකේ කැරැල්ල සමයේ අප්‍රේල් 18 වනදා මරණයට පත්වූ එම තරුණයන්ගේ නිවෙස්වලට ගොස් පෙරභව ඥාතීන් හඳුනා ගැනීමට ද එම දැරියන්ට එදා හැකියාව ලැබිණි.  
නිවුන් දැරියන් වුවද එම දරුවන් තුළින් දක්නට තිබූ විශේෂත්වය වූයේ ඔවුන් දෙදෙනා රුවින් එකිනෙකාට වෙනස් රුවක් ගෙන තිබීමය. සිරුරේ හැඩ රුව ද පෙරභව හැඩ රුවට දැඩි සබඳතාවක් ද දක්නට ලැබිණි. එක් දැරියකගේ සිරුරේ පිහිටා තිබූ උපන් ලපයක් පෙන්වූ ඇය ප්‍රකාශ කළේ එම ස්ථානයට පොලිස් වෙඩි පහර එල්ලවූ බවය. අනෙක් දරුවා ප්‍රකාශ කළේ පිළිස්සීමකට ලක්වී මරණයට පත්වූ බවය.  


මෙම දරුවන් දෙදෙනා පෙර භවය අනාවරණය කරන මුල් අවදියේම පර්යේෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි. ඔවුන් දෙදෙනා පෙර භවය හෙළිකිරීම ආරම්භ වූයේ වයස අවුරුදු තුනේ දීය. එම දරුවන් විසින් ඔවුනොවුන් කරන කතා බහකදීය. එක් දැරියක් දෑත් පිටුපසට එක්කර ඇවිදිමින් ඇයව පෙරභවයේ දී පොලිසියෙන් රැගෙන ගියේ ඒ අයුරින් බැව් අනුකරණය කර පෙන්වූවාය. එය බලා සිටි අනෙක් දැරිය ද ඇයව ද ගෙන ගියේ ඒ අයුරින්ම බැව් හෙළිකළාය.  

 

 

එහිදී එම දරුවන්ට පෙරභව නිවෙස් පිහිටා තිබූ පරිසරය හඳුනා ගැනීමට ද හැකි වූයේ අතිශය පුදුම අයුරිනි. 1978 වසරේ දී උපත ලද මෙම දැරියන් දෙදෙනා පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණ පූර්ණ පරික්ෂණයක් සිදු කළේය.  


පුනර්භව පර්යේෂණවල දී සිදුකරන රුධිර සාම්පල් පරික්ෂණයක් ද මෙම දැරියන් සඳහා සිදු කළේය. එයට හේතු වූයේ නිවුන් දරුවන් ලෙස උපත ලබා තිබිය දී ඔවුන්ගේ හැඩරුව වෙනස් වීම පිළිබඳව නිවුන් දරු උපත් පරික්ෂණවල දී කරනු ලබන රුධිර පරික්ෂණ අනුවය.  


මෙම දරුවන්ගේ පුනර්භව පර්යේෂණයේ දී හෙළිවූ තවත් අතිශය වැදගත් කරුණක් තිබිණි. එනම් මියගිය පෙර භවයේ තරුණයන් දෙදෙනා මෙම දරුවන්ගේ පියා දැන හැඳිනගෙන සිටි බැව් තහවුරු වීමය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් මේ පිළිබඳව සිදු කළ පර්යේෂණය ඔහුගේ අතිශය වැදගත් පර්යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කර තිබේ. එහි දක්වා ඇත්තේ මෙසේය.  


"THE SUBJECTS OF THIS CASE WERE DIZYGOTIC FEMALE TWINS OF SRI LANKA. THE MEN HAD BOTH BEEN KILLED BY THE POLICE DURING THE INSURGENCY THAT BROKE OUT IN SRI LANKA IN APRIL 1971. AND THE GENERAL CIRCUMSTANCES OF THEIR DEATH WERE WIDELY KNOWN IN THE GALLE DISTRICT" යනුවෙන් සඳහන් කර ඇත.  
පෙර භවයේ තරුණයන් දෙදෙනා 1971 අප්‍රේල් 18 වනදා මරණයට පත්වූ බැව් සඳහන් වන අතර පෙර භවය හෙළිකළ දැරියන් උපත ලබා ඇත්තේ 1978 නොවැම්බර් මාසයේදීය.  


හැත්තෑ එකේ කැරැල්ල හෙළිකළ තවත් දරුවෙක් උපත ලබා තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේදීය. එම දරුවා ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ බවය. වයස අවුරුදු තුනක් වූ මෙම දරුවා ඔහුට දෙන සෙල්ලම් භාණ්ඩ අතරින් නිතර ඉල්ලා සිටියේ තුවක්කුය. උපතින්ම ඔහු තුළ දක්නට තිබූ එම ආසාව දෙමාපියන්ගේ අවධානයට ද යොමු විය. ඔහුට ගෙනවිත් දුන් සෙල්ලම් තුවක්කුවක් අතට ගත් එම දරුවා දිනක් කළ ප්‍රකාශයක් දෙමාපියන්ගේ මවිතයට හේතුවිය.  


තුවක්කුව අරගෙන කැලේට යනවා යැයි ඔහු පැවසීය. තම පුත්‍රයාගේ මෙම වදන ශ්‍රවණය කළ මව ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමක් කළාය.  


තුවක්කුව අරන් කැලේට යන්නෙ මොකටද?  


මවගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් දරුවා  


අපි ඒ දවස්වල තුවක්කු තියාගෙන කැලේ හිටියෙ. අපිට බඩගින්නට කන්න දෙයක් නැතිව අපි දිවුල් ගැටත් කෑවා. දවසක් අපි ඉන්න තැනට ජීප් එකක් ඇවිත් අපිව ඒකෙ දාගෙන අරන් ගියා. අපේ තුවක්කු කන්දක් පාමුල හංගල තිබ්බා යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.  


තවත් වරක් ඔහු ප්‍රකාශ කළේ එහිදී විශාල ශබ්දයක් ඇසුණු බවත් ඒ සමගම ඔහුට දැඩි රස්නයක් දැනුණ බවත්ය. එයින් ඔහුගේ උදර ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුවූ බැව්ද එම දරුවා එදා මතකයෙන් අනාවරණය කළේය.  
මෙම දරුවා කළ එක් ප්‍රකාශයක් පිළිබඳව මවගෙන් අනාවරණය වූ කරුණක් ද සුවිශේෂී බවක් ගනු ලැබීය. එනම් දරුවා ප්‍රකාශ කළේ කැලේ සිටිය දී කුසගින්නේ සිටි බවය. කුසගින්න ඉවසා සිටීමට බැරිව දිවුල් ගැට කෑ බවක් ද ඔහු පැවසීය.  


එ් පිළිබඳව මව අප සමග හෙළි කළේ ඔහුට මව්කිරි දීමේ දී දැඩි කුසගිනි බවක් පෙන්වමින් නිතරම කිරි උරා බීමට උත්සාහ කළ බවය. අන් දරුවන්ට වඩා ඔහුට නිතර නිතර කුසගිනි ඇතිවීමත් එමගින් දක්නට ලැබුණු බැව් ද මව අප සමග අනාවරණය කළාය.  


මීට වසර කීපයකට උඩ දී අනුරාධපුර ප්‍රදේශයේ දී උපත ලද දරුවෙක් ද පෙර භවයේ දී කැරැල්ලට සම්බන්ධ වී සිටි බැව් හෙළි කළේය. මිතුරන් පිරිසක් සමග සිටිය දී ඔවුන් අත තුවක්කු සහ පිස්තෝල තිබූ බැව් කීය. පොලිසිය සමග ගැටුමක් තිබූ බැව් ද පැවසූ එම දරුවා කියා සිටියේ ඔවුන් සැඟවී සිටියේ ඔත්තප්පුව නමින් හැඳින්වූ ප්‍රදේශයක බවය. එහි කන්දක් සහිත පෙදෙසක සිටි බවත් ඔහුට මතක තිබිණි.  


පෙර භවයේ දී නිවසේ මව සහ නැගණියක් සිටි බවත් එම නිවසේ වහලයට පිදුරු යොදා තිබූ බවත් කීය.  


අපේ ඒ ගෙදර වහලට තිබුණෙ පිදුරු. අම්මයි නංගියි ගෙදර හිටියා. අපේ ගෙවල් පාරේ ගියේ කබල් බස් දෙකක්. ඒ ගෙදරට ගියේ කැලෑ පාරකින් යයි ද අනාවරණය කළ මෙම දරුවා ඔවුන්ගේ නිවස අසල ගවගාලක් තිබූ බැව් ද කීය.  


ඒවනවිට වයස අවුරුදු විස්සක තරුණයෙකු ලෙස සිටි බැව් ද මෙම දරුවාට මතක තිබිණි. පොලිසියකට පහරදීමට ගිය අවස්ථාවේ වෙඩි වැදීමක් නිසා මරණයට පත්වූ බැව් ඔහු පැවසුවේය.  
දවසක් අපි කට්ටියක් ගිහින් පොලිසියට ගැහැව්වා. ඒ වෙලාවෙ අපිට පොලිසිය වෙඩි තිබ්බා. මට වෙඩි පාරක් වැදුණා. එතකොට මම මැරුණා යනුවෙන් එම ජීවිතය අවසන් වූ අන්දම ඔහු ඉතා පැහැදිලිව අනාවරණය කළේය.  


මීට වසර කීපයකට උඩ දී හෝමාගම ප්‍රදේශයේ දී උපත ලද දරුවෙක් ද ප්‍රකාශ කළේ පොලිස් ස්ථානයක් අසල දී සිදුවූ ගැටුමකින් මරණයට පත්වූ බවය.  


එදා අපි පොලිසිය ළඟ සිටියදී කලබලයක් ඇතිවුණා. කට්ටියත් එක්ක වෙඩි තිබ්බා. මගේ යාළුවෙකුටත් වෙඩි වැදුණා. මම ඉස්සරහට පනිනකොට මටත් වෙඩි වැදුණා. එතකොට මට ළමයි දෙන්නෙක් හිටියා. ඒ වන විට වයස අවුරුදු 20 ක් පමණ වී සිටි බැව්ද හෙළි කළ මෙම දරුවා ඔවුන්ට වෙඩි පහර වදින අවස්ථාවේ ඔවුන් ද ගලකට මුවාවී පොලිසිය දෙසට වෙඩි තැබූ බැව් ද පැවසීය.  


කැරලි සමය අනාවරණය කළ මෙම දරුවන් සියලුදෙනාම ඔවුන් තුවක්කු සඟවා තබාගෙන සිටි බැව් හෙළි කිරීම විශේෂත්වයක් විය. ඔවුන් වැඩිදෙනෙකුගේ සිරුරුවල උපන් ලප කැළැල් පැහැදිලිව දක්නට ලැබීම ද විශේෂත්වයකි. එම ලප කැළල් වෙඩි ප්‍රහාර නිසා ඇතිවූ ඒවා බව ද ඔවුහු පැවසූහ.  


එම දරුවන්ගේ ඇතැමුන් ඉතා කුඩාකල සිට පොලිස් නිලධාරීන් සමග දැඩි කෝපයකින් සිටින බැව් දක්නට ලැබුණු බැව් දෙමාපියෝ පවසති. ඇතැම් විට පොලිස් නිල ඇඳුමකින් සැරසී සිටි අයෙකු දුටු විගස පෙර භවයේ දී ඔවුන්ට පහරදුන්නේ එවැනි ඇඳුම් ඇඳ සිටි අය බැව් ද ප්‍රකාශ කිරීම ද විශේෂත්වයක් විය.  


කැරලි සමයේ දී ත්‍රස්තවාදී භීෂණය නිසා මියගිය බැව් හෙළිකළ මෙම දරුවන් රැසක් පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් ද පර්යේෂණ පැවැත්වීය. ඉන් අනතුරුව ඔහු ඒ දිනවල අලුත උපන් දරුවන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද කළේය. ශ්‍රී ලංකාවේ කැරැල්ල සඳහන් කර ඔහු විසින් ලිඛිතව කළ සටහනක් ද පර්යේෂණ අතරට ඇතුළත් කර ඇත්තේ මෙසේය.  


THESE ARE THE CASES OF CHILDREN WHO SAY THAT THEY WERE INSURGENTS KILLED DURING THE INSURGENCY OF 1971 යනුවෙනි. මේ අයුරින් පසුගිය 1971 කැරලි සමයේ ගැටුම්වලින් මියගිය බැව් හෙළිකළ දරුවන් දස දෙනෙකු පමණ පෙර භවය අනාවරණය කළහ.  

 

 

 


තිස්ස ජයවර්ධන   



අදහස් (0)

හැත්තෑ එකේ කැරැල්ල හෙළිකළ යළි උපන් දරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

බැණුම් අහන්නේ චරිතය සාර්ථක නිසා - ගාවින්ද නවරත්න
2025 පෙබරවාරි මස 13 30 0

හැඩි දැඩි පෙනුම, රෞද්‍ර රළු බව පිරිමි පෞරුෂය පිළිබිඹු කරන ලක්ෂණ කිහිපයකි. එවන් පෞරුෂවත් පිරිමි පෙනුම නිසාම නිරන්තරයෙන් රළු චරිතවලට නිර්දේශ වන මොහු දැන


මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි
2025 පෙබරවාරි මස 13 50 0

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, ’’ගිනි අවි සහ ගිනි කෙළි’’ චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද ’’ලලයි ලිලයි ලයි’’ ට


ලෝක විවාහක රූ රැජින දෙවෙනි ස්ථානය දිනූ ඉෂාදි අමන්දා
2025 පෙබරවාරි මස 13 31 0

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්හි දී 40 වැනි වතාවටත් පැවැත් වූ ලෝක විවාහක රූ-රැජින තරගයේ දී, ‘උප කිරුළ’ දිනා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත


සුනීතා විමලවීරට ආනන්දයක් වූ නිරානන්දයේ සකරදාං
2025 පෙබරවාරි මස 13 52 0

සකරදාං බලන්නට මනාලයෙක් ආවේය. ඔහු උඩ ගොස් බිම වැටුණේ ඇගේ රූප ස්වභාවය දුටු විටය.


සංජය සහ අපූර්වා
2025 පෙබරවාරි මස 13 58 0

ඔහු රංගනයට වඩාත් දක්‍ෂ වූ තුරුණු රංග ශිල්පියෙකි. ඇය ගැයුමට සහ සංගීතයට වඩාත් දක්‍ෂ වූ තුරුණු සංගීත ශිල්පිනියකි. දැන් මේ දෙදෙනා පෙම්වතුන්ය. ඔහු සංජය මුරම


තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 147 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 272 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 142 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 971 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site