IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


හෝටල් කාමරයේ තරුණියකගේ අඩනිරුවත් සිරුරක්

මළවුන්ගේ අනාවරණ

ටෝකියෝ නුවර රෝයල් ඇම්බැසඩර් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය එම හෝටලයේම දහ හතර වැනි මහලේ කාමරයක අභිරහස් ලෙස මියගොස් ඇති බව අසා හෝටලයේ සේවක සේවිකාවන් පමණක් නොව නගර වැසියෝ පවා කලබලයට පත්වූහ. එය හෝටලයේ කීර්ති නාමයටද හානියකි. ඒ නිසා මේ ප‍්‍රශ්නය වහාම විසඳාගැනීමේ අවශ්‍යතාවක් හා අභියෝගයක් හෝටලයේ කළමනාකාරිත්වයට මතු විය.   

තම හෝටලයේ දාහතර වැනි මහලේ කාමර අංක 52 නවාතැන් ගෙන සිටි තරුණියක එහි ඇඳ මතම මියගොස් ඇතැයි ටෝකියේ නගර පොලිසියට හෝටලයෙන් කරන ලද දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීහු පැමිණ පරීක්ෂණ ඇරඹූහ. ප‍්‍රසන්න පෙනුමකින් යුත් තරුණියක වූ ඇය යහන මත උඩු අතට වැතිර සිටියාය. රාත‍්‍රි ඇඳුමකින් සැරසී සිටි ඇගේ දෑත් දෙපා දෙපසට විහිදී තිබිණ. කාමරය තුළ කිසිදු පොර බැදීමක් සිදුවූ බවට ලකුණක් දක්නට නොවූ අතර ලේ පැල්ලම් කිසිවක්ද නොවිණ. සියදිවි නසා ගැනීමක් යැයි සිතිය හැකි සාක්ෂි කිසිවක්ද හමු නොවිණ.   


හෝටලයේ කළමනාකරු පොලිසියට ප‍්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ මියගොස් සිටින ජෙසී නමැති නයිජීරියානු සම්භවයක් සහිත තරුණිය සිය හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස දීර්ඝ කාලයක් සේවය කළ බවත්, පෙර දින ඇය සේවය අවසන් කර නවාතැන්පළට යන්නට පිටව ගිය බවත්ය. එහෙත් ඇඟට අමාරු ගතියක් පවතින බැවින් නවාතැනට යාමට බැරි බව පවසා තමන්ට හෝටලයේ නවතින්නට ඉඩක් ලබාදෙන්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෙම කාමරය සුදානම් කර දුන් බවත් ඇයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා පහසුකම්ද සැපයූ බවත් කළමනාකරු පොලිසියට පැවසීය.  


රාත‍්‍රියේ ඇයට කීප විටක් ඇමතුම් දුන් නමුත් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණ බවද උදේ ආහාර ලබාගැනීම සඳහාද ඇය කාමරය විවෘත කර නැති නිසා එම කාමරයට අදාළ තවත් විද්‍යුත් කාඩ් පතක් භාවිත කර කාමරයේ දොර විවර කර බලන විට මෙම දර්ශනය දැකගන්නට ලැබුණ බවත් ඇගේ සිරුර සීතලවී තිබුණ නිසා මියගොස් ඇති බව තහවුරු වූයෙන් පොලිසියට දැනුම් දුන් බවත් කළමනාකරු පොලිසියට පැවසීය.   


මෙය ඝාතනයක්ද නැතහොත් සිය දිවි නසා ගැනීමක්දැයි නිශ්චය කිරීමට පොලිසියට නොහැකිවිය. ප‍්‍රධාන පෙළේ හෝටලයක සිදුවූ මරණයක් නිසා අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම ටෝකියෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට පැවරිණ. ඔහු මේ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ අධිකරණ වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර ඇතුළු කණ්ඩායමක සහයද ඇතිවය.   


ඔහු සිය කණ්ඩායමද සමග හෝටලයට පැමිණියේය. දාහතර වැනි මහලේ පනස්දෙවැනි කාමරයට පිවිසි ඔහු සැණින් කාමරය සිසාරා සිය තියුණු නෙත් යවා සියල්ල පිරික්සූහ. කාමරයේ ගෘහ භාණ්ඩ එතරම් වෙනසකට ලක් නොවී තිබූ පරිදි තිබෙන බවක් දැකිය හැකි විය. මියගිය ජෙසීගේ අත්බෑගයද, අත් ඔර්ලෝසුවද, ලේන්සුවක්ද, ඇය වැතිර සිටින සයනය අසළ වූ කණ්ණාඩි මේසය මත විය. පිටතින් කිසිවකු පැමිණ කළ පහරදීමක් හෝ ගෙල සිරකර ඝාතනය කළ බවට හෝ හැඟවෙන සාක්ෂි කිසිවක් මතුපිටින් දක්නට නොවිණ.   


පොලිසියේද නිරීක්ෂණයට හසුවූ පරිදි කිසිදු පොර බැදීමක ලකුණු හෝ ලේ පැල්ලම් නොවන බව අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයටද ලක් විය. ඇයගේ නියද දැඩිව පරීක්ෂා කර බැලූ අධිකරණ වෛද්‍යවරුන්ට නිය කැඩී ගිය බවක් හෝ ඒවායේ තැන්පත් වූ කිසිවෙකුගේ සමේ කොටස් හෝ වෙනත් යමක් දක්නට නොවිණ. ඒ අනුව ඇය කිසිවකු සමග පොරබැදීමක් සිදුකර නැති බවට නිගමනය කළ හැකි විය. හෝටලයේ කටයුතු පවත්වාගෙන යාමට ඉඩ ලබාදෙනු පිණිසත් පශ්චාත් මරණ පරීක්ෂණය නිරවුල්ව කරගෙන යාම පිණිසත් ඇගේ සිරුර හෝටලයෙන් ඉවත් කෙරිණ.   


හෝටලයෙන් රැගෙන ආ සිරුර තවදුරටත් අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමේ පරීක්ෂාවට ලක්විය. ඇගේ කලව පෙදෙසේ සම මතුපිට වියළී ගිය පැල්ලම් කීපයක් දක්නට ලැබිණ. එම පැල්ලම් අධෝරත්ක කිරණවල හසුකර පරීක්ෂා කර බලද්දී ඒවා රිදී පැහැයෙන් දිළිසෙන්නට විය. එවැනි දිළිසීමක් දක්වන්නේ ශුක‍්‍ර තරලයයි.   


මේ සාක්ෂිය අනුව ඇය කිසිවකු සමග ලිංගික සබඳතාවක් පවත්වා හෝ කිසිවෙක් ඇයව ලිංගික අතවරයකට ලක්කර තිබෙනවා විය හැකි යැයි නිගමනය විය. එහෙත් කාමරයේ අනෙක් ද්‍රව්‍යවල පැවැත්ම හා සයනය පැවති ආකාරය, ඇය පොරබැදූ බවට කිසිදු ලක්ෂණයක් දක්නට නොවීම නිසා මෙය බලහත්කාරකමක් යැයි සිතීමට නොහැකිය. එසේ නම් ඇය සමීපව ඇසුරු කළ කිසියම් තරුණයෙක් සමග එදින රාත‍්‍රියේ ලිංගික සබඳතාවක් පැවැත්වූවා විය හැකිය.   


එහෙත් සාමාන්‍ය ලිංගික සම්බන්ධතාවකින් ඇයව ඝාතනයට ලක්විය නොහැකිය. එසේ නම් ඇගේ පෙම්වතා ලිංගික ඇසුරත් පවත්වා නිදි පෙති හෝ වෙනත් විසක් පානය කරවා ඇයව ඝාතනය කළේ ද? එසේත් නැත්නම් වෙනත් පුද්ගලයෙක් ඇය සමග ලිංගික සබඳතාවක් ඇති කර ගත්තේ ද? ඒ පුද්ගලයා කවුදැයි නිශ්චිත කරගැනිමට නම් ශුක‍්‍ර තරලය ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කළ යුතුය. වෛද්‍යවරු ඒ සඳහා ඇගේ සිරුරේ තැවරී තිබූ ශුක‍්‍ර තරලය සිරුවෙන් ඉවත් කරගත්හ. එසේම ඇයව අවසන් වශයෙන් හමුවූයේ කවුදැයි දැන ගැනීමට ඇගේ දුරකථන දත්ත විශ්ලේෂණයක් දුරකථන නියාමන හා විදුලි සංන්දේශ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව පොලිසිය විසින් සිදුකරනු ලැබිණ.   


ජීවත්ව සිටින ඕනෑම පුද්ගලයකුගේ සිරුර තුළ රුධිර ගමනාගමනය හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය අනුව සිදුවේ. එහෙත් කෙනෙක් මිය යාම යනු හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය නැවතීමය. එවිට ගුරුත්වාකර්ෂණයේ බලයෙන් ශරීරයේ රුධිර නාළිකා තුළ තිබූ රුධිරය මරණ මොහොතේ අදාළ පුද්ගලයා සිටින ඉරියව්ව අනුව සිරුරේ පහළම තැනට ගලා යනු ඇත. උඩු බැලි අතට නම් කොන්ද හා තට්ටම දෙසටත්, එල්ලී මිය ගියේ නම් දෙපාවලටත්, යටිබැලි අතට නම් බඩ හා පපු පෙදෙසටත් ආදී ලෙස මේ ලේ ගමන සිදුවී තැන්පත් වනු ඇත. එවිට එම ස්ථාන තද රතු හෝ නිල් පැහැයකින් දිස්වනු ඇත. මෙය අධෝස්ථිතිය නමින් හැඳින්වේ.   
ජෙසීගේ සිරුර වැටී තිබුණේ උඩුබැලි අතට නිසා ඇගේ කොන්ද හා තට්ටම් ප‍්‍රදේශයේ රුධිරය එකතුවී තද රතු පැහැ වී තිබිය යුතු නමුත් එහි එවැන්නක් දක්නට ලැබුණේ නැත. මේ ප‍්‍රදේශය රත් පැහැ වී තිබුණේ ඉතාමත් සුළු වශයෙනි. ඒ අනුව ඇගේ සිරුරේ රුධිරය පිටව ගොස් තිබිය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක්ද දක්නට ලැබුණේ නැත. එසේ නම් රුධිර නාළිකාවලින් පිටව රුධිරය වෙනත් කොතැනක හෝ එක් රැස්ව තිබිය යුතුය. එසේ වන්නට නම් යම් ඉන්ද්‍රියකට හානි සිදුව තිබිය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක්ද දක්නට ලැබුණේ නැත.   


සිරුර මතුපිටින් පරීක්ෂා කිරීමේදී දකුණු ඉළ ප‍්‍රදේශයේ අක්මාවට ඉහළින් සම මතුපිට එකිනෙකට සමාන්තරව පිහිටි සීරුම් තුවාල කීපයක් දක්නට ලැබිණ. ඒවා අත්කාචයකින් පරීක්ෂා කර බැලීමේදී වියළෙමින් පවතින තුවාල බව පෙන්නුම් කරමින් ආශ‍්‍රිත සම හැකිළී තිබිණ. මෙවැනි සීරුමක් ඇති වන්නේ වැලි, පස්, ගල් හෝ රළු සිමෙන්ති සහිත පොළොවක් මත වැටී ඇදී යාමෙනි. නැත්නම් රළු බිත්තියක ගැටී ඇදී යාමෙනි. මේ මට්ටමේ තුවාලයක් මෙසේ වියළෙන්නේ දින පහක් හෝ හතක් ඇතුළතය. එසේම ඒ ආසන්නයේම තැල්මක්ද දක්නට ලැබුණ අතර එය ළා දුඹුරු සහ කහ පැහැයෙන් යුතු විය. එවැනි මට්ටමකට තැළුමක් පත්වන්නේ තැළුම සිදුවී දින හයක් වැනි කාලයක් තුළ දීය. ඒ අනුව මේවා දින කීපයකට පෙර සිදුවු වැටීමකින් ඇති වූ ඒවා යැයි නිගමනය කළ හැකි විය. එය මේ මරණය සමග සම්බන්ධ යැයි තවමත් නිගමනය කළ නොහැකිය.   


 අනතුරුව සිරුර කපා පරීක්ෂා කිරීම ආරම්භ විය. උදරය කපා විවෘත කර බලන විට වෛද්‍යවරු අධොස්ථිතිය පරීක්ෂා කිරීමේදී සැක කළ පරිදි අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුව තිබෙනු දක්නට ලැබිණ. උදරයේ අවයවවලට පිටතින් මෙසේ විශාල වශයෙන් රුධිරය එක් රැස්ව තිබිණ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ සිරුරේ රුධිර සංසරණ පද්ධතියේ ලීටර් පහක පමණ රුධිර ධාරිතාවක් ගමන් කරනු ලබන අතර එයින් ලීටරයක් පිට වුවද මරණය සිදුවීමට ඉඩ තිබේ. ඇගේ උදරයේ එකතු වී තිබු රුධිර ප‍්‍රමාණය ලීටර දෙක හමාරක් පමණ විය. එය ඇගේ මරණය සිදුකරන්නට තරම් ප‍්‍රමාණවත්ය.   


මෙතරම් රුධිරය ප‍්‍රමාණයක් එකතු විය හැක්කේ ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට සිදුවන හානියක් නිසා විය යුතුය. එකතු වූ රුධිරය සියුම්ව ඉවත් කිරීමෙන් පසු ඇගේ අක්මාවේ දකුණු පස පුපුරා ඇති බව දැකිය හැකි විය. එසේ වන්නේ අක්මාවට මොට පහරක් එල්ල වීමෙනි. එය කිසිවකු විසින් මොට ආයුධයකින් පහරදීමෙන් දැඩි පා පහරකින් එසේත් නැත්නම් ඇද වැටීමකදී දැඩි පෘෂ්ඨයක වැදීමෙන් සිදුවිය හැකිය. ඇයගේ අක්මාව තවදුරටත් පිරික්සා බැලීමේදී අක්මාවේ පිපිරුම අතර ලේ කැටියක් තිබෙනු දක්නට ලැබිණ. එයින් ලේ වහනය වීමේ වේගය අඩාළ වී තිබේ. ලේ වහනය වී තිබෙන්නේ ඉතාමත් සුළු වශයෙනි. වෙනත් කිසිදු අවයවයකට හානිවී තිබුණේ නැත.   


එලෙස අක්මාවෙන් සුළු වශයෙන් රුධිරය පිටවන තත්ත්වයකදී ලීටර් දෙකකට අධික රුධිර ප‍්‍රමාණයක් උදරයේ එක් රැස්වීමට දිර්ඝ කාලයක් ගතවනු ඇත. එසේත් නැත්නම් මුලින් විශාල වශයෙන් ලේ ගලාවිත් පසුව රුධිර කැටිය හිරවීම නිසා සෙමෙන් සෙමෙන් ලේ පිට වූවා වන්නටද හැකිය. මේ දෙකෙන් කුමක් සිදුවූයේද යන්න තීරණය කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය වේ.   


 මේ අතර පොලිසිය ජෙසීගේ දුරකථන දත්ත වාර්තා පරීක්ෂා කරමින් ඇයට අවසන් වශයෙන් ඇමතුම් ලබාගත් හා ඇය ඇමතුම් ලබාදුන් අය කවුදැයි සොයා බැලීය. එහිදි ඇය විසින් අවසන් වරට ඇමතුමක් ලබාගත් හා ඇයට ඉන්පසු ඇමතුම් කීපයක් ලැබුණ දුරකථන අංකයක් ගැන අවධානය යොමු විය. ඒ අංකය පිළිබඳව පරීක්ෂා කර බලා එහි හිමිකරු සොයාගැනිණ.   


ඔහු වියට්නාම් ජාතික තරුණයෙකි. හේ ජෙසීගේ පෙම්වතා බව පිළිගත්තේය. එහෙත් මේ සිදුවීම ගැන තමන් කිසිවක් නොදන්නා බව හෙතෙම පැවැසීය. එය පිළිනොගත් පොලිසිය අධිකරණයේ නියෝග ලබාගනිමින් ඔහුගේ රුධිර සාම්පලයක් ඩී.එන්.ඒ. පරීක්ෂාවට ලක්කරනු ලැබිණ. එය ජෙසීගේ සිරුරේ තැවරි තිබු ශුක‍්‍ර තරලය සම්බන්ධයෙන් සිදුකළ ඩී.එන්.ඒ. පරීක්ෂණයේ වාර්තා සමග සැසඳිණ.   


ඒ අනුව මිය යන්නට පෙර ඊට ආසන්න අවස්ථාවකදී ජෙසී සමග ලිංගික සබඳතාවක් පවත්වා තිබෙන්නේ ඇගේ පෙම්වතා බව තහවුරු විය. එසේම හෝටලයේ ආරක්ෂක කැමරා දර්ශනවල පෙර දින රාත‍්‍රියේ මෙම වියට්නාම් ජාතික තරුණයා හෝටලයට පැමිණෙන අයුරුත් පැය කීපයකට පසු ඔහු පිටව යන අයුරුත් සටහන්ව තිබිණ. තවදුරටත් කතා නොකර සිටීමෙන් තමන් ලොකු අමාරුවක වැටෙන බව දැනගත් මේ තරුණයා තමන් දන්නා දේ කියන්නට විය.   


මේ මගේ පෙම්වතියයි. ඇය මීට සතියකට පමණ පෙර හෝටලයේ වැඩ අවසන්ව නිවසට යමින් සිටියදී හිම ගොඩක ලිස්සා වැටී තිබෙනවා. ඒ වෙලාවේ එයාගේ බඩේ දකුණු පැත්ත බිම වැදුණා කියලා මට කිව්වා. එයින් සිදුවූ සීරුම් තුවාලත් මට පෙන්නුවා. ඒත් එයාට ලොකු අමාරුවක් තිබුණේ නැහැ. පහුගිය සුමානෙම වැඩට ආවා. සිද්ධිය වූ දවසෙත් එයා වැඩ ඇරිලා ගෙදර යන ගමන් කතා කරලා ඇඟට අමාරුයි වගේ ඒ නිසා ගෙදර යන්නේ නැහැ ආපහු හෝටලයට යනවා කියලා කිව්වා. ඊට පස්සේ? කතා කරලා ඇඟට අමාරුයි, අපහසු ගතියක් දැනෙනවා ඒ නිසා පුළුවන් නම් හෝටලයට එන්න කියලා ජෙසී මගෙන් ඉල්ලීමක් කළා. ඒ නිසා මම ඒ වෙලාවෙම හෝටලයට ආවා. ටිකක් වෙලා එයත් එක්ක කතා කර කර හිටියා.   


ඊට පස්සේ එයාට තිබුණ අමාරුව අඩුයි කියලා කිව්වා. හොඳට නැගිටලා ඇවිද්දා. ප‍්‍රබෝධමත්ව හිටියා. ඊට පස්සේ අපි දෙන්නගේම කැමැත්ත මත සතුටු වුණා. ටික වෙලාවක් ඉඳලා එපාර්ට්මන්ට් එකට යනවා කියලා කියපු නිසා මමත් හෝටලයෙන් ගියා. එතනින් පස්සේ සිදුවුණ කිසිම දෙයක් මම දන්නේ නැහැ.   


මේ ප‍්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිරික්සා බැලීමේ අභියෝගය අධිකරණ වෛද්‍ය කණ්ඩායම හමුවට ඉදිරිපත් විය. සම මතුපිට හෝ අභ්‍යන්තර අවයවයකට තුවාල සිදුවූ විටදී ඒ ආශ‍්‍රිතව රුධිර ගැලීමක් සිදුවේ. රුධිර ගැලීම සිදුවී දින තුනකට පමණ පසු එම ප‍්‍රදේශයට ආගමනය වන එක්තරා භක්ෂක ෙසෙල විශේෂයක් මගින් රුධිරය භක්ෂණය හෙවත් ආහාරයට ගනී. එහිදී රුධිර ෙසෙල තුළ වූ හිමෝග්ලොබින් නමැති රසායනිකය බිඳ දමන අතර එයින් යකඩ වෙන්කරනු ලබයි. මේ නිසා රුධිර ගලනයක් සිදුවී දින තුනකට පසුව තුවාල සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීමේදී මේ යකඩ සංඝටකය භක්ෂක ෙසෙලවලින් පිටත දක්නට ලැබෙනු ඇත. ඒ නිසා දින තුනකට පසුව තුවාලය අවට පටක කොටස් විශේෂිත වර්ණයකින් වර්ණ ගැන්වූ විටදී මේ යකඩ සංඝටකය තිබෙනු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වේ. ඒ අනුව ජෙසීගේ දකුණු ඉළ ප‍්‍රදේශයේ වූ තැළුම් තුවාලයේද අක්මාවේ පුපුරා ගිය ස්ථානය ආශ‍්‍රිත පටක කොටසක්ද වර්ණ ගන්වා පිරික්සා බැලීමේදී යකඩ සංඝටකය තිබෙනු දැකිය හැකි විය.   


අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී කලින් ලබාගත් සාක්ෂිද අනුව එනම් තුවාල වේළී ඇති ආකාරය අනුව ඒවා සිදුවී දින පහක් දහයක් අතර කාලයක් ගතව ඇතැයි ලබාගත් සාක්ෂිය, තුවාල සිදුව තිබෙන්නේ රළු පෘෂ්ඨයක වැටී ඇදී යාමෙන් හෝ රළු බිත්තියක වැදීමෙන් බවට ආ නිගමනය, අක්මාවේ පුපුරා ගිය ස්ථානයේ ලේ කැටියක් හිරවීම නිසා එයින් බිඳෙන් බිඳ ලේ ගලා ගිය ආකාරය අනුව උදරයේ රුධිරය ලීටර් දෙකහමාරක පමණ ප‍්‍රමාණයක් එක්වීමට දින කීපයක් ගතවනු ඇති බවට ආ නිගමනය හා ජෙසීගේ පෙම්වතා ලබාදුන් ප‍්‍රකාශයත් ඒ අනුව ලබාගත් අවසන් සාක්ෂියද එකිනෙකට සමපාත වූයෙන් ඇගේ තුවාල මියගිය දිනට අවම වශයෙන් දින තුනකටවත් ඉහතදී සිදුවූ ඒවා බවට නිගමනය කරනු ලැබිණ.   


එසේම ඇයගේ අක්මාවේ වූ පිපිරීමෙන් රුධිරය ගැලීම එකවර උත්සන්න වීම නිසා ඇය මිය ගොස් ඇති නමුත් ඇය මිය ගිය දිනයේ කිසිම තුවාලයක් සිදුවී නැති බවටද නිගමනය විය.   


මේ මතයත් සමග වියට්නාම් ජාතික තරුණයා සිදුකළ ප‍්‍රකාශය සත්‍ය ප‍්‍රකාශයක් සේ පිළිගත් අතර ජෙසීගේ මරණය හදිසි අනතුරකින් වූ තුවාල නිසා සිදුවූවක් බවට තීරණය කෙරිණ. ඒ නිසා වියට්නාම් ජාතික තරුණයා කෙරෙහි ඇති කරගත් සැකයෙන් ඔහු නිදහස් කරනු ලැබිණ.

 

 

 

 

(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න)   


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡා​වක් ඇසුරෙන් සටහන් කළේ 
මුදිතා දයානන්ද



අදහස් (0)

හෝටල් කාමරයේ තරුණියකගේ අඩනිරුවත් සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 123 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 43 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 85 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 325 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1345 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site