IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


හිටපු කොටි දෙමස්සිනාලාගේ මිනිස් දඩයම

දඩබ්ම

අපරාධය සිදුවූ නිවස

 

  • දෑවැදි ප්‍රශ්නයකට බ්රිය මරවලා

 

සර්, මම ගෙදර එද්දි මගේ ගෑනිව කුස්සිය ඇතුළේ මරලා දාලා. මාස 10 ක පොඩි එකා එක්ක ගෙදර හිටිය වෙලාවේ තමා මේ අපරාධය කරලා තියෙන්නේ.   
අක්කරයාන්කුලම් පොලිසියට දුවගෙන ආ පුද්ගලයෙක් කියාසිටියේය.   


එම පැමිණිල්ල පොලිසියට කළේ අක්කරායන්කුලම් පදිංචි මනුවෙල්පිල්ලේ ඇන්ටන් ජෙයරාජ් (40) නමැත්තෙකි.   
ඇන්ටන් ජෙයරාජ් කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ සාමාජිකයකුව සිටියදී වන්නි මානුෂිය මෙහෙයුම සමයේ හමුදාවට බාරවී පසුව සමාජගත කරන ලද අයෙකි.   
මොහු දැනට රියැදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිටී.   


ඝාතනය කර තිබුණේ ඇන්ටන් ජෙයරාජ් මේරි අඛිලා (29) නමැති එක්දරු මවකි. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක් වූ ඇයද වන්නි මානුෂිය මෙහෙයුම සමයේ හමුදාවට බාරවීමෙන් පසු සමාජගත කරන ලද තැනැත්තියකි.   


මෙම හිටපු කොටි සාමාජිකයා සහ හිටපු කොටි සාමාජිකාව විවාහවී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවකින් පසුවය.   


සිද්ධියවූ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ අක්කරායන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ඩී. පද්මනන්ද මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.   
අඛිලාගේ සිරුර ලේ විලක් මැද නිවසේ මුළුතැන් ගෙය තුළ වැටී තිබෙන අයුරු එහි ගිය පොලිස් කණ්ඩායමට දැකගැනීමට ලැබිණ.   
තමුන්ට මේ මරණය ගැන කවුරුහරි සැක කෙනෙක් ඉන්නවාද? යැයි ඇන්ටන් ජෙයරාජ්ගෙන් පරීක්ෂණ සඳහා ගිය පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් නිලධාරියෙකු විමසා තිබේ.   
සැක කරන්න කියලා කිසිම කෙනෙක් නැහැ සර් යැයි ඇන්ටන් ජෙයරාජ් පවසා තිබිණ.   


ඝාතකයා කවරෙක්ද? මෙය කුමන හේතුවක් මත සිදුකළාද යන්න පොලිසියට විසඳාගත යුතුව තිබූ ලොකුම ප්‍රශ්නය විය.   
ඝාතකයා ගැන මොනයම් හෝ හෝඩුවාවක් සොයාගැනීමට පොලිස් කණ්ඩායම මුළු නිවසම සෝදිසි කරන අතරවාරයේ මුළුතැන්ගෙයි පාපිස්සක් යට සඟවා තිබූ ලේ තැවරුණු වක් පිහියක් හමුවිණ.   


ඝාතකයා ගැන හෝඩුවාවක් සොයා ගැනීමට මෙය කදිම සාධකයක් නිසා ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස් නිල සුනඛයකුගේ සහාය ලබාගැනීමට පොලිස් නිලධාරීහු තීරණය කළහ.   
කිලිනොච්චිය මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිල සුනඛ රම්බෝ අපරාධය සිදුවූ ස්ථානය කරා කැඳවාගෙන එන්නේ ඒ අනුවය.   
පොලිස් නිල සුනඛ රම්බෝට ලේ තැවරුණු ඒ වක් පිහිය ඉවකිරීමට සැලැස්සුවේ සුනඛයා මෙහෙයවූ පොලිස් කොස්තාපල් මිලාන් සාගර ප්‍රේමතිලක (86732) මහතාය.   
පිහියට ඉව කළ රම්බෝ අඛිලා වැටී සිටි ස්ථානයට ගොස් ඇයගේ සිරුරට ඉවකර මුළුතැන්ගෙයින් එළියට පැමිණ ඊළඟට ගියේ මේ අපරාධය ගැන සැලවී ගෙවත්තට පැමිණ සිටි පිරිසක් වෙතය.   


ඒ පිරිස අතරේ සිටි පුද්ගලයකු ළඟට ගිය රම්බෝ එම පුද්ගලයාට ඉවකර ඔහුගේ දෙපාමුල වාඩිවී සිය හාම්පුතා වන පොලිස් කොස්තාපල් මිලාන්ගේ මුහුණ දෙස බලා ඇතැයි කියන්නේ තමාට පැවරූ රාජකාරිය හමාර කළා යැයි පවසන්නාක් මෙනි.   


පොලිස් නිල සුනඛයාගේ මේ ක්‍රියාවෙන් පසු එකී පුද්ගලයා තරමක් කලබලයට පත්වූ බවක් ද පෙන්නුම් කළ බව පොලිස් කණ්ඩායමට පෙනී ගොස් ඇත.   
පොලිස් නිල සුනඛයා ලබාදුන් ඒ හෝඩුවාව සීයට සීයක්ම නිවැරදිද කියා සොයා බැලීමට ඌව යළිත් ලේ තැවරුණු වක් පිහිය ඉවකිරීමට පොලිස් කොස්තාපල් මිලාන් මහතා කටයුතු කළේය.   


පිහියට ඉවකළ රම්බෝ පෙර පරිදිම අඛිලාගේ සිරුරට ඉවකර පෙරකී පුද්ගලයා ළඟට ගොස් ඉවකර ඔහුගේ දෙපාමුල වැතිරී ඇත.   
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලාල් සෙනවිරත්න මහතාගේ සහ එම කොට්ඨාසයේ උතුරු පළාත් අධීක්ෂණ නිලධාරී උප පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛ රම්බෝ මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් මිලාන් මහතා විසිනි.   
පොලිස් නිල සුනඛයා දෙවරක්ම ලබාදුන් එම හෝඩුවාව අනුව පොලිස් කණ්ඩායම ජෝශන් නිශාන්තත් (S) නමැත්තා සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගනු ලැබ ඇත.   
නිශාන්තන් නමැත්තාද වන්නි මානුෂීය මෙහෙයුම පැවති වකවානුවේ හමුදාවට බාරවී ඇති එල්ටීටීඊ සන්නද්ධ අංශයේ සාමාජිකයෙකු බව පොලිස් පරීක්ෂණ වලින් කරුණු අනාවරණය විය.   


හමුදාවට බාරවීමෙන් පසු මොහුද පුනරුත්ථාපනය කර සමාජගත කරනු ලැබ සිටියේය.   


සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී අඛිලා නමැත්තිය ඝාතනය කර ඇත්තේ මොහු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගනු ලැබිණි.   
මොහු අඛිලාගේ සැමියාගේ සහෝදරියක් සමග විවාහවී සිට ඇත. 

 
නිශාන්තන්ගෙන් තවදුරටත් පොලිසිය ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත අඛිලාගේ සැමියාවූ ඇන්ටන් ජෙයරාජ් නමැත්තාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණ.   
පොලිසිය පවසන ආකාරයට සිය බිරිඳ ඝාතනය කිරීමට මස්සිනාට (නිශාන්තන්) කොන්ත්‍රාත්තුව ලබාදී ඇතැයි කියන්නේ ඇන්ටන් ජෙයරාජ් නමැත්තාය.   
ඒ ලක්ෂ 10 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මතය.   


අඛිලා ඝාතනය කිරීමට කලින් ඇන්ටන් ජෙයරාජ් ඔහුගේ මස්සිනාට ලක්ෂ 03 ක මුදලක් දී තිබෙන බවටද තොරතුරු පොලිසියට ලැබී තිබෙන බව කියති.   
වවුනියාවේ සිට සිය බිරියවූ අඛිලාට දුරකථනයෙන් සිද්ධියවූ දවසේ කතාකර රෑට ගෙදර එන බව කියා කෑම පිළියෙල කරන ලෙස පවසා ඇත.   
අඛිලා සැමියාට රසට කෑම වේලක් ලබාදීමට මුළුතැන්ගෙට ගොස් ඇත්තේ සිඟිති දියණිය නිදිකරවාය.   
මුළුතැන්ගෙට ගොස් කෑම පිසිමින් සිටි අතරවාරයේ ඇය ඝාතනයට ලක්වී තිබේ.   


සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය කරන ලද පරීක්ෂණවලින් මේ තොරතුරු සියල්ල හෙළිවිය.   
ඇන්ටන් ජෙයරාජ්ට අඛිලා විවාහ කර දෙන අවස්ථාවේ ඇයගේ මව්පියන් ඔහුට දෑවැද්දට ලක්ෂ 10 ක මුදලක්ද, ලක්ෂ 10 ක් පමණ වටිනා කනකර ආභරණද දෑවැද්ද වශයෙන් දී ඇත.   


පොලිසියට ලැබී තිබෙන තොරතුරු අනුව ඇන්ටන් ජෙයරාජ් නමැත්තා තමාට ලැබුණු දෑවැද්ද මදි බව කියමින් බිරියට නිතර කරදර කර ඇති බව කියති.   
මේ නිසා දෙදෙනා අතර පවුල් ආරවුල්ද ඇතිවී තිබෙන බවත් ඇය කිහිපවතාවක්ම සිය මව්පියන්ගෙන් මුදල් ඉල්ලා සැමියාට ලබාදී තිබෙන බවත් පොලිසිය කියයි.   
අඛිලා යමක්කමක් ඇති පවුලක කෙනෙක් වූවාය.   


මේ අතර ඇන්ටන් ජෙයරාජ් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක්ද පවත්වාගෙන ගොස් ඇති අතර බිරියගෙන් දෑවැද්ද මදි බව කියමින් කරදර කර ඉල්ලාගන්නා මුදල් ඇයට (අනියම් බිරියට) දී තිබෙන බවටත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.   

 

 

මෙම කරුණු මත ඔහු සිය බිරිය ඝාතනය කිරීමට මස්සිනාට කොන්ත්‍රාත්තුව බාරදී ඇති බවට පොලිසිය සැකකරයි.   
මුදල්වලට ඇති කෑදරකම නිසා මස්සිනාද නෑනා මරා දැමීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත.   
කිලිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්. ධනුෂ්කන් මහතා අඛිලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ ඇයගේ සිරුරේ පිහි ඇනුම් තුවාල 07 ක් පමණ දක්නට තිබෙන බවය.   


බිරිය ඝාතනය කිරීමට සලස්වා අවසානයේ පොලිසිය නොමග යැවීමට ඒ ගැන පොලිසියට පැමිණිලි කළ සැමියාද අවසානයේ නීතියේ රැහැනට කොටුවූයේ පොලිස් නිල සුනඛයකුගේ ඉව නිසාය.   


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ වනවිට පසුවන්නේ රිමාන්ඩ් බාරයේය.   


මව්පියන්ගේ ආදරය රැකවරණය හා උණුසුම අහිමිවූ හයක් හතරක් නොතේරෙන දරු සිඟිත්තා ඇන්ටන් ජෙයරාජ්ගේ මව්පියන් බාරයේ පසුවේ.   


උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කිලිනොච්චිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ විශේෂ උපදෙස් මත කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරි ආර්.පී.පී.පී.ආර්. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ අක්කරායන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ඩී. පද්මනන්දන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. විනෝද්, උප පොලිස් පරීක්ෂක උපුල්, පොලිස් කොස්තාපල්වරුන් වන ධම්මික (73115), විජේරත්න (70284), මෙන්ඩිස් (89373) හා වාගියන් (6209) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.   

 


සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   



අදහස් (0)

හිටපු කොටි දෙමස්සිනාලාගේ මිනිස් දඩයම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site