IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිංහල අවුරුද්දේ සදාචාරාත්මක අගය

දඩයම් යුගයෙන් පසු කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුපුරුදු වූ ආදිකාලීන මිනිසා හිරු -සඳු දෙදෙනාම දේවත්වයෙන් පිදීමට පුරුදුවිය. පෘථිවියේ වසන සත්වයාට පමණක් නොව පාරිසරික වස්තූන් සියල්ලන්ටම ජීවය ලැබෙන්නේ හිරු නිසා බව අමතක කළයුතු නැත. එසේනම් ‘හිරු දේවත්වයෙන් පිදීම” මනුෂ්‍යාගේ හද පත්ලෙන්ම නැගෙන කෘතඥතාවක් ලෙස සැලකිය හැකිය. හිරු පමණක් නොව සඳුගෙන්ද ගොවිතැනට යම් බලපෑමක් ලැබෙන බව අත්දැකීම් මගින් අවබෝධ කර ගත්හ. දොස්තර හෙවත් ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේ මුල් පදනම වූයේ ද මෙම හිරුගේ හා සඳුගේ ගමන් විලාසයයි. විශේෂයෙන්ම වසරකට වරක් සූර්්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සම්බන්ධයෙන් කරගත් ආදි හෙළයා එය උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට පුරුදු වූහ. එසේ මෙරට ආගමික සංස්කෘතික හා කලා අංශයන් ද එක්කර ගැනීමෙන් විසිතුරුව පැවැත්වෙන හෙළ කලා මංගල්‍යය සාමූහිකත්වයේ අගය විදේශිකයින්ගේ පවා විස්මයට හේතු විය.


භෞතිකවාදී අදහස් කරපින්නා ගත් නාගරික අතළොස්සක් හැර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු අලුත් අවුරුදු උළෙල වෙනුවෙන් නියමිත නැකැත් චාරිත්‍ර අනුගමනය කිරීමට කැමැත්තක් දක්වන්නේ එහි හරවත් බව සමාජය තුළින් ම අවබෝධ කරගෙන තිබෙන නිසාය.


අගනුවර රැකියාව කරන දූ දරුවෝ අවුරුදු උදාවට පෙර තම දෙමාපියන් වැඩිහිටියන් බැහැ දැකීමට යාමේදී ඇඳුමක් පැලඳුමක් රසකැවිල්ලක් රැගෙනයාමට අමතක නොකරති. එසේම වසරක් උදාවන මෙහොතේ හෝ තම දූ පුතුන් දැකීමේ ආශාවක් වැඩිහිටියන් තුළ ද ඇත. විවාහක දූ දරුවන් තම කුඩා දරුවන් සමග පැමිණ වැඩිහිටියන්ට බුලත් හුරුලු පිරිනමමින් වැදුම් පිදුම් කිරීමෙන් තම ළෙන්ගතුකම භක්තිය ගෙනහැර දක්වීමද මෙම අවුරුදු උළෙලේ දක්නට ලැබෙන විශේෂත්වයකි. 


පැරණි සිරිත්විරිත් හෙළාදකින නාගරික සමාජයේ කිහිපදෙනෙකුට නම් සිංහල අවුරුද්ද කා-බී සතුටුවන තවත් එක් දවසකි. එහෙත් ගැමි සමාජ සාරධර්ම අගය කරන අය නැකැත්වේලාවන් අනුව අවුරුදු සිරිත්විරිත් අකුරටම ඉටුකිරීමට අමතක නොකරති. සුපුරුදු වැඩ කටයුතු අවසන් කර පුණ්‍යකාලය තුළදී ආගමික වත් පිළිවෙත් වල යෙදීම පිණිස විහාරස්ථානයට, කෝවිලට යාමෙන් මෙම උත්සවය ආරම්භකෙරේ. (වසරක් පුරා නිවැසියන්ට ජලය සපයා දුන් ලිඳ සමගද ගනුදෙනු කිරීමට ගෘහණිය අමතක නොකරයි) 
නැකතට ගිනි මෙළවීම ආහාර අනුභවය හා පුද්ගලයන් අතර මුදලක් ගනුදෙනු කිරීම සිංහල අවුරුදු දිනයේ කැපී පෙනෙන විශේෂාංගයකි. ආහාරපාන ගැනීමේදී පවා වැඩිහිටියන් තරුණ බාල සෑම වයසකටම අයත් ස්ත්‍රී/ පුරුෂ භේදයක් නොමැතිව ඔවුනොවුන්ගේ ගෞරවයට හානියක් නොවන පරිදි බෙදා හදා ගැනීමද අප රටට පමණක් අවේණික අංගයකි. ජීවන වෘත්තිය සඳහා විවිධ ප්‍රදේශවල වාසය කළ පවුලේ සියලුම සාමාජිකයින් එකට එක්වී ආහාරපාන ගැනීමට අවස්ථාව උදාවන්නේ මෙම සිංහල අවුරුදු උළෙලේදීම වීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. කිරිබත්, කැවුම්, අතිරස, මුං කැරලි ආදී ප්‍රදේශයට ආවේණික මිහිරි රසකැවිලි සමග කෙසෙල් ගෙඩිවලින් ආහාර බදුන් සුවඳවත් වේ. එසේම මත්පැන් හෝ මස් මාංශ වලින් තොර ලපටි කජු, කොස්ඇට හා ප්‍රදේශයට ආවේණික එළවළු කිහිපයක් එක්ව තැනූ ව්‍යංජන සහිත ආහාර වට්ටෝරුව රසගුණ පිරි අංගයන්ගෙන් පිරී යන්නකි.


කජුකෙළිය, උන්චිල්ලා පැදීම රබන්ගැසීම ඇතුළු ජන ක්‍රීඩාවන් පමණක් නොව පංච කෙළිය, දාම් ඇදීම වැනි ගෘහ ක්‍රීඩාවන්ගෙන් දක්නට ලැබෙන්නේ සාමුහිකත්වයකි. එකමුතුව කරන වැඩ කටයුතුවලදී ලබන අහිංසක සතුට සාමකාමී සමාජයක ලක්ෂණයක්ද වේ. 


සුළු අමනාපයක් නිසා දුරස්ව සිටි අසල්වැසියන් ඥතීන් හා මිතුරන් අතර ඇති සුහදත්වය වර්ධනය කර ගැනීමට බුලත් අතකින්ද රසකැවිලිද හා තෑගි බෝග හුවමාරුවක් මගින් ද අවස්ථාව ලැබෙන්නේ වසරකට වරක් එළැඹෙන  මේ සිංහල අවුරුදු උළෙලේදී වීම විශේෂත්වයකි.


අවුරුදු චාරිත්‍රවල දෙවැනි අදියර වනුයේ ශාරීරික සෞඛ්‍ය කෙරෙහි දක්වන සැලකිල්ලයි. ඖෂධ රැසක් එක්කර සාදා ගන්නා නානු මිශ්‍රණය අලේප කරනුයේ බොහෝ විට ගමේ පන්සලේ නායක හාමුදුරුවන් හා ප්‍රභූන්ගේ සහභාගිත්වයෙනි. “වැවයි- දැගැබයි- පන්සලයි” යන්න පැරණි ගැමි සමාජයේ ත්‍රිමුර්ථිය වන අතර මෙම සිංහල අවුරුදු උළෙලේදී ඒ වැදගත්කම තවදුරටත් සනාථකෙරේ. ගෘහ ජීවිතයේ පොදු කටයුතු වලදී මග පෙන්වා දෙන ලද්දේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ විසිනි.


පැරණි ගම ස්වයංපෝෂිත වූයේ සෑම දෙනාම ගොවිතැන කෙරෙහි උනන්දුවක් දැක්වූ හෙයිනි. අද දවසේ දක්නට ලැබෙන කුලී ක්‍රමයක් එකල තිබුණේ නැත. “අත්කම් ක්‍රමය” නමින් හැදින්වූ සාමූහිකව අසල්වැසි හැමදෙනාටම උදව් උපකාර කරමින් ගෙවුන සාමකාමී ජීවන රටාවකි. එකල පැවතියේ ලෙඩට - දුකට, මරණයට මගුලට ඔවුන් එක්වූයේ එම බැඳීම තුළින් වන අතර සිංහල අවුරුදු උළෙලේදී ද ඒ බව තව දුරටත් සනාථ වූවේය. මේසේ ගම ස්වයංපෝෂිත වූයේ නම් අනුන්ගේ දේ කඩා වඩා ගැනීමට උවමනාවක් නොවීය. සතුන් මැරීම මෙන්ම සොරකම අපාගත වන පාපයක් ලෙස ගැමියාට  පෙන්වා දෙන ලද්දේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ විසිනි. එදා සිට අද දක්වාම නොනැසී පවතින සිංහල අවුරුදු චාරිත්‍ර රටාව හැඩගැසී ඇත්තේ සදාචාරයට මුල්තැන දෙන අන්දමින් බව ඉහත කී කරුණු කාරණාවලින් පෙනී යනවා ඇත.


එසේම “ආයු - වර්ණ - සැපය- බල - ප්‍රඥා” ලබමින් චිරාත් කාලයක් ජීවත් වීම පිණිස තම අසල්වැසියාට ආසිරි පැතීමටද, අලුත් අවුරුදු උළෙලේදී වැඩිහිටියෝ අමතක නොකරති.


ජ්‍යොතිෂවේදී-
මිල්ටන් හේවාපතිරණ



අදහස් (1)

සිංහල අවුරුද්දේ සදාචාරාත්මක අගය

මෙනුල් Friday, 12 June 2020 01:05 PM

සුපිරි. තව කරන්න මේ වගේ වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31229 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 915 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site