IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සිකුරු බලවත් වෙයි ලග්න රැසකට මංගල සීනු

 

සෞරග්‍රහ මණ්ඩලයේ ‘කුමරිය’ ලෙස හැඳින්වෙන සකල කලාවට අධිපති සිකුරු ග්‍රහයා 2018 සැප්තැම්බර් මස 01 වන දින මෙතෙක් ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියට පැමිණෙයි. 2019 ජනවාරි මස 01 වන දින දක්වා සිකුරු ග්‍රහයා තුලා රාශියේ බලවත් වී සුබ ඵල උදාකරයි. තුලා හා වෘෂභ රාශි සිකුරුට ස්වක්ෂේත්‍රය තමාගේම නිවසයි. මීන රාශියේ සිකුරු උච්ච බලය ලබන අතර කන්‍යා රාශියේදී නීව වේ. සිකුරු යනු ආපෝ ග්‍රහයෙකි. ආපෝ යනු ද්‍රව ගතියයි.   


තරුණ වයසේ පසුවන අයෙකු අලංකාර ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිනාමුසු මුහුණින් සිටින විට දකින අය කියන වචනයක් නම් ‘දැන් සිකුරු ලබල වගෙයි නේද?’ කියාය. එය ඇත්තය. සිකුරු ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් අතර අලංකාර හා චමත්කාර ග්‍රහයා වේ. එය වඩාත් පැහැදිලි වන්නේ අලංකාර රූප ශෝභාවටද තාරුණ්‍යටද, චිත්ත ශක්තියටද, විනෝදශීලී ජීවන රටාවකට සිකුරු බලපාන නිසාය. ඔබේ ජන්ම කේන්දරයේත් සිකුරු බලවත් වී දෙවැන්නේ හෝ එකොළොස්වැන්නේ සිටීම ඉතාම යහපත් වේ. දෙවැන්න ධනස්ථානය වන අතර එකොළොස්වැන්න සියලුම ලැබීම් පෙන්වන ලාභස්ථානය වේ. මෙම භාව දෙකේම සිකුරු බලවත්ව සිටීමෙන් අාදායම් තත්ත්වය සුභදායක වේ.   


2018 සැප්තැම්බර් 01 වන දින සිට 2019 ජනවාරි මස 01 වන දින දක්වා සිකුරු ග්‍රහයා තුලා රාශියේ ස්වක්ෂේත්‍රවෙමින් ගත කරන කාලයේ මේෂ, කටක, තුලා හා මකර යන ලග්නවලින් මෙලොව එළිය දකින දරුවන්ට ‘‘මාලවි’’ නම් පංච මහා පුරුෂ යෝගය උදා වේ. සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ​කේන්ද්‍රස්ථාන හතරෙන් එකක තැන්පත් වීමෙන් මාලවී යෝගය උදාවේ. මාලවී යෝගයෙන් උපන් අයට ලෞකික සැප සම්පත් සියල්ලම ලැබීමට වාසනාව උදාවන අතර ප්‍රසිද්ධ කලාකරුවන්, නළු නිළියන්, සංගීතඥයින් ආදී කලා ක්ෂේත්‍රයෙහි වැජඹිමට මෙම යෝගය බෙහෙවින් උපකාරී වේ. සිකුරු තුලා රාශියේ ගත කරන කාල සීමාවේ සංගීතඥයින්ට, ව්‍යාපාරිකයින්ට, විවිධ කලා ශිල්පීන්ට, ගායක ගායිකාවන්ට, නළු නිළියන්ට හා රූපලාවන්‍ය ශිල්පයේ නියැළෙන්නන්ට සුබඵල උදාකරයි.   


සිකුරු තුලා රාශිගත වීම ඔබේ ලග්නයට කොහොමද?   


මේෂ- මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ හත්වැන්නට සිකුරු පැමිණ බලවත්වීම ඉතා සුබදායක වේ. අවිවාහක තරුණ තරුණයින්ට මංගල යෝග උදාවේ. මංගල උත්සවවලට හා ප්‍රීති උත්සවවලට සහභාගිවීමට අවස්ථාව උදා වේ. විවාහ සහකරුට සුබදායක වේ. මේ අතර හවුල් ව්‍යාපාරවලින් අපේක්ෂිත ලාභ ලැබේ. සමාජයේ ජනප්‍රියතාවට පත් වේ. කෙසේ නමුත් ඔක්තෝබර් 11 වැනිදා ගුරු ඔබේ ලග්නයේ අටවැන්නට ගමන් කරන නිසා ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.   


වෘෂභ-   


වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ හයවැන්නට ලග්නාධිපති සිකුරුගේ පැමිණීම මිශ්‍රපලදායක වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ. නිරෝගී සුවය අපේක්ෂා කළ හැකිය. සුරතල් සතුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක පක්ෂයේ උනන්දුව වැඩිවීම නිසා එම අංශවලට සුබ වේ. කෙසේ නමුත් සෙනසුරැ අපලයට අදාළ ග්‍රහශාන්ති කර්මවල නිරතවන්න. 

 
මිථුන   


මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ පස්වැන්නට සිකුරුගේ පැමිණීම සුබදායක වේ. සෞන්දර්යය අධ්‍යාපන අංශවල ඉගෙනීම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපත් වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. මේ අතර හදිසි ධන ලාභ අපේක්ෂා කළ හැකියි. පෙම් සබඳතා හා මංගල යෝජනාවලට සුබදායක වේ. දරු ලාභ අපේක්ෂාවෙන් සිටි අයට ලස්සන දරුවන් ලැ​බේ.   


කටක   


කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ හතරවැන්නට සිකුරු පැමිණ දිග්බලයෙන් හා කේන්ද්‍රගතව ගමන් කරන නිසා ඉතා යහපත්ය. ගෘහ ජීවිතය සුබදායක වේ. මව්පියන්, දූදරුවන් සමග සතුටින් කාලය ගත කිරීමට හැකි වේ. ශෘහාශ්‍රිත ව්‍යාපාරවලින් හා වගා කටයුතුවලින් ලාභ ලැබේ. ඉඩකඩම් නිවාස හා වාහන ගනුදෙනුවලට සුබදායක වේ. ආදායම් ඉහළ යයි. නිවසේ ප්‍රීති උත්සවයක් පැවැත්වීමට අවස්ථාව උදාවිය හැකියි.   


සිංහ   


සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ තුන්වැන්නට සිකුරුගේ පැමිණීම සුබදායක වේ. උත්සාහය හා ධෛර්ය ඉහළ යයි. සහෝදරයින්ට සුබඵල ලැබේ. අසල්වාසීන් අතර මිත්‍රත්වය වර්ධනය වේ. ලිපිලේඛන හා නිර්මාණාත්මක කලා කටයුතුවලට යහපත් වන අතර එවැනි කලා කටයුතුවල නියැලී සිටින අය තව තවත් ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වේ. වාසිදායක ගමන් බිමන්ද යෙදේ. මේ අතර අවිවාහක අයට මංගල යෝග යෙදේ.   


කන්‍යා   


කන්‍යා ලග්න හිමියන්ගේ ​කේන්දරයේ ධනස්ථානයට යෝගකාරක සිකුරුගේ පැමිණීම ඉතා සුබයි. භාග්‍යස්ථානාධිපති බලවත්වීම නිසා දෙවියන්ගේ පිහිට පෙරපින හා වාසනාව උදා වේ. ඔබේ පවුලේ දියුණුව ඇති වේ. තැන්පත් ධනය ධර්ධනය කර ගැනීමට හැකි වේ. විවාහ සහකරු නිසා ධනයක් ලැබීමට පුළුවන. මේ අතර රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වේ. කන්‍යා ලග්න හිමි ගායක ගායිකාවන්ට විශේෂ සුබඵල උදාකරයි.   


තුලා   


තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ ලග්නාධිපතියා ලග්නගතව සිටීම සුබදායක වේ. රූපශ්‍රීයෙන් වර්ධනය වේ. සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදා වේ. අවිවාහක තරුණ තරුණියන්ගේ විවාහ මංගල කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට සුබපලදායකයි. උසස් අධ්‍යාපනයේ යෙදෙන කලා විෂයයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපත් වේ. වි​දේශ ගමන් සාර්ථක වේ. රැකියා හා ව්‍යාපාරවලට සුබ කාලසීමාවකි. මේ අතර සිත් තැවුල්ද ඇතිවීමට ඉඩ ඇත. 

 
වෘශ්චික   


වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ දොළොස්වැන්නට සිකුරු පැමිණෙයි. විදෙස් ගමන් සාර්ථක වේ. විවාහ සහකරුට එතරම් යහපත් නොවන අතර දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත. ඔබේ වියදම් පාලනය කර ගන්න. විවාහ කටයුතු කල්දැමීම වඩාත් සුදුසු වේ. හවුල් ව්‍යාපාර කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. මේ අතර ඉඩකඩම් නිවාස හා වාහන මිලදී ගැනීමට සිත යොමුවේ. බාධක මැදින් ඉලක්ක ජය ගැනීමට උත්සාහ ගන්න. 

 
ධනු-   


ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට පැමිණීම යහපත් වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදාවේ. ස්ත්‍රී පක්ෂයෙන් වැඩි සහයෝගයක් ලැබේ. වැඩිමහල් සහෝදරයින්ට සුබයි. පෙම්වතුන්ට සුබදායක වන අතර අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වේ. කෙසේ වෙතත් සෙනසුරු අපලයට අදාළ ග්‍රහශාන්ති කර්ම කරගන්න.   


මකර   


මකර ලග්නයන්​ගේ කේන්දරයේ දසවැන්නට සිකුරු පැමිණ බලවත්වීම ඉතා සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු ද සාර්ථක කර ගැනීමට හැකි වේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් අපේක්ෂිත ලාභ ලැබිය හැකි වේ. පෙම්වතුන්ට සුබදායක වන අතර මංගල යෝජනා ස්ථිර කර ගැනීමට හැකි වේ. රැකි රක්ෂා කටයුතුවල උසස්වීම් හා නව රැකියා ලාභ හිමි වේ.   


කුම්භ   


කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයේ යෝගකාරක සිකුරු ග්‍රහයා නවවැන්නට පැමිණ බලවත්වීමෙන් පෙර පින වාසනාව හා දෙවියන්ගේ පිහිට ලැබේ. ආගම දහමට සිත යොමු වේ. වන්දනා ගමන් යාමට අවස්ථාව උදාවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. උසස් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. විදේශ ගමන් බලාපොරොත්තු වූ අය​ගේ සිහින සැබෑවේ. මේ අතර අවිවාහක අයට මංගල යෝග උදා වේ.   


මීන   


මීන ලග්න හිමියන්ගේ කේන්දරයේ අටවැන්නට සිකුරු පැමිණෙයි. අසල්වැසියන් ඇසුරු කිරීමේදී අමනාප වීමට ඉඩ ඇති නිසා වඩාත් සැලකිලිමත් වන්න. බාල සහෝදරයකුට එතරම් යහපත් නොවේ. මංගල කටයුතුවලට තරමක බාධා ඇති වේ. බලා​පොරොත්තු රහිත මාර්ගවලින් ලාබ ලැබේ. මේ අතර නිෂ්ඵල ගමන් බිමන්ද යෙදේ. කෙසේ නමුත් ඔක්තෝබර් මස 11 වැනිදා ඔබේ ලග්නාධිපති ගුරු නවවැන්න වන වෘශ්චික රාශිගත වීම සුබඵල උදාකරයි.   


සිකුරු ග්‍රහයා තුලා රාශිගතවීම සමහර ලග්නවලට සුබපල මෙන්ම ලග්න කිහිපයකට අසුබපලයන් උදාකරන බව පෙනේ. ග්‍රහශාන්ති කර්ම මගින් සිකුරුගේ අපලය බොහෝ දුරට මගහරවා ගත හැකියි. මේ අනුව සිකුරාදා දිනවල සිකුරු හෝරාවෙන් බුද්ධ පූජා බෝධි පූජා තබා පත්තිනි මෑණියන්ට පින්දී සෙත්පතා ගන්න. මංගල සූත්‍රය භාවිතය සුදුසුය. තවද සිකුරු අපලය ඇති අය කාමයේ වරදවා හැසිරීම නොකළ යුතුය.   

 

 


ජ්‍යෝතිර්වේදිනී   
අජන්තා ඒකනායක   
අංක 121, මාංගොඩ, මැදමහනුවර   



අදහස් (0)

සිකුරු බලවත් වෙයි ලග්න රැසකට මංගල සීනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1046 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site