IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


වෛද්‍ය විද්‍යාවයි, ජ්‍යොතිෂයයි ඔබයි

කෙනකු ගේ රවි උච්ච වීමත් රවි නීච වීමත් දෙකම බොහෝ දියුණුවට හේතු වේ. මෙයින් පළමුව රවි උච්චවීමත් පසුව රවි නීච වීමත් සලකා බලමු. උච්චවීම යනු බලයේ උපරිමයට පත්වීමයි. නීච වීම යනු බලයේ අවම අවස්ථාවට පත්වීමයි.   

කෙනකු ගේ රවි උච්ච වන්නේ ඕනෑම අවුරුද්දක අප්‍රේල් 14 සිට මැයි 13 අතර කාලයේදී උපදින අයගේය. රවි උච්ච වීමෙන් ඇති වන වාසි මොනවාදැයි බලමු. රවි උච්ච වන්නේ මේෂ රාශියේදීය. ඉහත සඳහන් කාල පරාසය තුළ උපදින අය ගේ රවි මේෂයේය. එවිට රවි උච්ච බලය ලබයි. රවි උච්ච වූ විට නිරෝගීකම හා දීර්ඝායුෂ ලැබේ. කාර්ය ශූරත්වය හා ආත්ම විශ්වාසය ලබයි. ශරීර ශක්තිය ද යහපත් වේ.   
ආශ්‍රය කරන අය අතර හෝ රැකියාව කරන ස්ථානයේ ප්‍රධානත්වය දරයි. වෙනත් කෙනකු යටතේ රැකියාවක් කරනවාට වඩා තමාගේම ව්‍යාපාරයකින් ආදායම් ලබා ගැනීමට කැමැතිය. පාලකයකු වශයෙන් බොහෝ දක්ෂකම් ඇතිවේ. ආයතන ප්‍රධානත්වයට සුදුසු වේ. මෙම පිහිටීම විවාහයට ශුභවන අතර පියාට ද ශුභ වේ. කිසිවකුටත් හිස නැමීමට කැමැති නැත. මෙම ගතිය සමහර අවස්ථාවලදී හොඳ වුවත් තවත් සමහර අවස්ථාවලදී නරක ප්‍රතිඵල උදා කරයි. 

 
රවි උච්ච වීම ඉතා හොඳ වුවත් විවාහයේදී අඹු සැමි දෙදෙනාගේම රවි උච්චවීම විවාහ ජීවිතයට හොඳ නැත. ඒ දෙදෙනාම එක් අයකුටවත් හිස පහත් කිරීමට ඇති අකැමැති ගතිය නිසාය. දෙදෙනාම එක් අයකුටවත් යටත් පහත් ගතියක් නොදක්වන නිසා ගැටුම් උග්‍ර වේ. ඒ නිසා විවාහයේදී එක් අයකුගේ පමණක් රවි උච්ච වීම හොඳය. ආඩම්බර ගතිය ද අනවශ්‍ය ගැටුම් ඇති කර ගැනීමට හේතු වේ.   


රවි උච්ච වූ දරුවකු ලබා ගන්නේ කෙසේද? වෛද්‍ය විද්‍යාව අනුව ස්ත්‍රී ඩිම්බයක් පිරිමි ශුක්‍රාණුවක් සමග සංසේචනය වීමෙන් දරුවකු හට ගනී. එවැනි තත්ත්වයක් ඇති ස්ත්‍රියකගේ අවසන් සෘතු දිනයේ සිට දින 270 කට පසු හෙවත් චන්ද්‍ර මාස නවයකට පසු දරුවකු බිහි වේ. මෙම පදනම මත පිහිටා උදාහරණයක් වශයෙන් 2018 අගෝස්තු 13 අවසන් සෘතු දිනය නම් 2019 මැයි 10 වන දින දරුවා මෙලොව එළිය දැකීමට නියමිතය. දින ගණන ගණනය කරනුයේ මෙසේය.   


2018 අගෝස්තු   
(ඉතිරි දින) 18   
සැප්තැම්බර් 30   
ඔක්තෝබර් 31   
නොවැම්බර් 30   
දෙසැම්බර් 31   
2019 ජනවාරි 31   
පෙබරවාරි 28   
මාර්තු 31   
අප්‍රේල් 30   
මැයි 10   
270   


ඉහත සඳහන් කරුණු එසේ වුවත් දරුවා ලබාගැනීමට අවශ්‍ය වන්නේ මැයි 06 වනදා යැයි සිතමු. ප්‍රසූතියට තවත් දින 04 ක් තිබියදී ශල්‍යකර්මයකින් මැයි 06 වනදා දරුවා ලබා ගන්නවා යයි සිතමු. වෛද්‍යවරයාට අප විසින් දෙනු ලබන වේලාව වන්නේ ප.ව. 01.21 ය. එවිට දරුවාගේ ඉෂ්ට කාලය (උපදින දිනය සහ වේලාව) 2019 මැයි 06 වන සඳුදා ප.ව. 01.21 ට පානදුරේදී ස්ත්‍රී යයි සිතමු. ඒ අනුව දරුවාගේ හඳහන පහත සඳහන් වේ.   
මෙහි රවි දහයේ උච්චය. චන්ද්‍රයා ද දහයේ උච්චය. සිකුරු නවයේ උච්චය. අනෙක් ග්‍රහයින් සාමාන්‍ය ලෙස බලවත්ය. සතුරු රාශිවල එකම ග්‍රහයකුවත් නැත. මීට වඩා ග්‍රහයින් බලවත් වුණොත් ඇය ලෞකිකත්වයෙන් ඈත් වීමට ඉඩ තිබේ. දහයේ රවි උච්ච වීම වෛද්‍ය වෘත්තියට යාමට මං සැළැසීමකි. කම්මැළි නැත. දක්ෂය. පියාට ශුභ වේ. පියාගේ නොමඳ ආදරයට ලක්වේ. පාලන බලය ලබාගැනීමට උත්සාහ දරයි. කාටවත් යටත් වීමට කැමැති නැත. කවුරුවත් නොකරන විදියේ වැඩ කිරීමට පෙළඹේ.   


යම් කිසි වැඩක් කර ගැනීමට යම් තැනකට ගිය විට තමා එනතුරු බලා සිටියාක් මෙන් ඒ වැඩය කර දෙති. උසස් නිලධාරීන්ගේ පවා විශේෂ සැළකිල්ලට ලක් වේ. තමා ඉදිරියේ අනෙක් අය සුළු බවට පත්වෙති. තේජස් ගතියක්, ප්‍රතාපවත් ගතියක් පිහිටයි. කුමන කටයුත්තක් වුවත් ඉතා උසස් අයුරින් නිම කිරීමට උත්සාහ ගනී. දැඩි උද්‍යෝගයක් ඇත. ක්‍රමක්‍රමයෙන් තත්ත්වය උසස් කර ගනී. ස්වර්ණාභරණ විකිණීම වැනි කටයුතුවලට ද ​හොඳ පිහිටීමකි. උසස් තනතුරු, ප්‍රසිද්ධිය, කීර්තිය ගරු නම්බු සහ බොහෝ සැප සම්පත් ලබයි.   


මෙහි චන්ද්‍රයාගේ උච්චවීම ස්ත්‍රී ලාලිත්‍යයන්ගෙන් පරිපූර්ණ ස්ත්‍රියක් බවට පත් කරයි. රූමත් වේ. පෙර පින් ඇති මෙලොව ද පින් කරන අයෙකි. ඉඩකඩම් හා ධනය ලබයි. සිකුරුද උච්චය. ඉතා හොඳ ගතිගුණවලින් යුත් රූමත් අයෙකි. චන්ද්‍රයා උච්ච වීමත් සිකුරු උච්ච වීමත් ස්ත්‍රියකට ලැබිය හැකි වටිනා පිහිටීම් දෙකකි. චන්ද්‍රයා උච්චවීම නිසා මවට ඉතා හිතවත් වේ. රූප ශෝභාව හා උසස් ගතිගුණ පිහිටයි. මෙය ධන යෝගයක්ද වේ.   
මෙම පිහිටීම් දියණියගේ පමණක් නොව දෙමවුපියන්ගේ ද වාසනාවකි. ඉහත සඳහන් ග්‍රහ පිහිටීම් ස්ත්‍රියකට වඩාත් ගැළපෙන අතර පිරිමියකුට වුවද ඉතා හොඳය. රවිගෙන් මයුරපාල යෝගයත් චන්ද්‍රයාගෙන් සස යෝගයත් සිකුරුගෙන් පංච මහා පුරුෂ යෝගයක් වන මලවි යෝගයත් උදා වී ඇත. මෙම යෝග බො​හෝ ශුභ ඵල දෙයි.   


රවි නීච වීම ද දියුණුවට ඉතා හොඳ පිහිටීමකි. රවි නීච වන්නේ තුලා රාශියේදීය. ඒ ඕනෑම අවුරුද්දක ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 16 දක්වා කාලයේදීය. රවි නීචවූ අය කිසි කෙනකු තරහ කර නොගනිති. කාගේත් සිත් දිනා ගනිති. තම අදහස ඉෂ්ට කර ගැනීමට පහත් කෙනකුට වුවද හිස නැමීමට නොපැකිළේ. සහජයෙන්ම නිරහංකාරය. රවි නීච වූ අය කුමන රැකියාව කළත් එහි ඉහළටම යයි.   


කොතරම් පහත්ව ඉපදුණත් මධ්‍යම වයස වන විට උසස් අයකු වේ. සංගීතය වැනි කලාවන්ට ලැදිවේ. සාමකාමීය. අවුල් සහගත අවස්ථාවලදී අනෙක් පක්ෂයට ඉඩදී ඉවසාගෙන සිටි අවස්ථාවල ලද විගස තම වැඩය කර ගනී. යහපත් ගතිගුණ ඇත. දේශපාලනයට ද සුදුසුය. ගැටලු නිරාකරණය කර ගැනීමට දනී.   


රවි නීචව ඉපදී ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් අතර ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා, අග්‍රාමාත්‍යවරයකුව සිටි විජයානන්ද දහනායක මහතා, අග්‍රාණ්ඩු කාරයකුව සිටි ඔලිවර් ගුණතිලක මහතා සහ තානාපතිවරුන් වශයෙන් සිටි ආර්.එස්.එස්. ගුණවර්ධන මහතා සහ ගුණපාල මලලසේකර මහතා ද වෙති.   


රවි නීච වූ දරුවකු ලබාගැනීමට කලින් සඳහන් කරන ලද රවි උච්ච වූ දරුවකු ලබාගැනීමේ ක්‍රමයම අනුගමනය කළ හැකිය. මෙහිදී උදාහරණයක් වශයෙන් ස්ත්‍රියගේ අවසන් සෘතු වීමේ දිනය 2020 ජනවාරි 29 ලෙස සැළකුවොත් දරුවා ඉපදේ යයි බලාපොරොත්තු විය යුත්තේ 2020 ඔක්තෝබර් 25 ය. ඔක්තෝබර් 22 වන බ්‍රහස්පතින්දා අපට දරුවා ලබාගැනීමට අවශ්‍ය වේ යයි සිතමු. ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරයාට දෙන වේලාව (ඉෂ්ට කාලය) 2020 ඔක්තෝබර් 22 වන බ්‍රහස්පතින්දා උදේ 10.30 ට ය. ස්ථානය ​කොළඹදී පිරිමි යයි සිතමු. එවිට හඳහන මෙසේය.   


මෙහි රවි එකොළහේය. මේ නිසා වෙනත් ග්‍රහයින්ගෙන් වන අපල දුරුවේ. ව්‍යාපාර වලින් රැකියාවෙන් බොහෝ ධනය ලැබේ. හොඳ පිළිගැනීමක් ඇතිවේ. ගුරු ස්වක්ෂේත්‍රය. ශනි ස්වක්ෂේත්‍රය. රාහු හා කේතු උච්චය. හතට රාහු නරක යයි මතයක් ඇත. එහෙත් ඒ නරක් වන්නේ නොගැලපෙන අයකු හා විවාහ වුණොත්ය. සිකුරුගේ හා චන්ද්‍රයාගේ ශුභ දෘෂ්ටි ලැබීමෙන් තවත් බලවත් වන රාහු යස ඉසුරු හා දීර්ඝායුෂ ගෙන දෙයි. ඉතිරි සියලුම ග්‍රහයින් සාමාන්‍ය ලෙස බලවත්ය. සතුරු රාශියක කිසිම ග්‍රහයකු නැත.   


කල් ඇතිව පවුල් සංවිධානය කර ගන්න. දුර බලන්න ළඟ නොබලන්න.   

 

 

 


ජ්‍යොතිර්වේදී,   
එඩී කරුණාතිලක,   
විශ්‍රාමලත් විදුහල්පති   
32, ගලවැටිමෝදර පාර,  නල්ලූරුව, පානදුර   
0717004860, 0382237708. 

 

 

ඔබගේ ​ෙජ්‍යතිෂ්‍ය ලිපි මෙසේ යොමු කරන්න   
හඳහන, ඉරිදා ලංකාදීප - රසවිත   
විජය පුවත්පත් සමාගම   
අංක 8, හුණුපිටිය හරස් පාර   
කොළඹ 2.



අදහස් (0)

වෛද්‍ය විද්‍යාවයි, ජ්‍යොතිෂයයි ඔබයි

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 64 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 77 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 96 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 52 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 137 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 106 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 330 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site