IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියානු ගගනගාමීන්ට හමුවුණු පිටසක්වළ බැක්ටීරියාව

 

රුසියානු අජටාකාශගාමියකු මෙන්ම ඉංජිනේරුවකු ද වන ඇන්තොන් ෂැක්ප්ලෙරෝව් කළ ප්‍රකාශයක් පසුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඔහු කීවේ පිටසක්වළ බැක්ටීරියාවක් ඔහුට හමුවුණු බවත් එම බැක්ටීරියාව මේ වනවිට පෘථිවියට රැගෙනවිත් පරීක්ෂණ සඳහා යොදා ගන්නා බවත්ය.

මෙය සිදුවී ඇත්තේ මීට අවුරුදු 19 කට පෙර, 1998 වසරේදීය. කොටස් වශයෙන් උඩු ගුවනට යැවීමෙන් පසු එකලැස් කෙරුණු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ විවෘත කෙරුණේ 1998 වසරේදීය. එම කටුත්තට රුසියානු ‘රොස්කොස්මොස්’ එසේත් නැතිනම් රුසියානු අභ්‍යාවකාශය සම්බන්ධ ගගනගාමීහු එක් වූහ. ඒ, ෂැක්ප්ලෙරෝව් සහ ඔහු යටතේ සිටි අජටාකාශගාමීන් ය.


ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ පිහිටා ඇත්තේ කිලෝ මීටර් 435 ත් 330 ක් ඉහළින් පෘථිවි කක්ෂයේය. මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස හැඳින්වෙන්නේ ලොව ප්‍රධාන රටවල් රැසක් එය නිර්මාණයටත්, පවත්වාගෙන යෑමටත් දායක වන නිසාය. සෑම විටම හය දෙනකුගෙන් සමන්විත ගගනගාමීහු කණ්ඩායම් මාස තුනෙන් තුනට හෝ හයෙන් හයට මාරුවෙන් මාරුවට අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතු බලා ගැනීම සිදු කරති.


ෂැක්ප්ලෙරෝව් තව නොබෝ දිනකින් යළිත් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යෑමට සූදානමින් සිටී. ඒ, තවත් ගගන මෙහෙයුමකටය. මෙය ඔහුගේ තෙවැනි ගගන මෙහෙයුම වනු ඇත. වසර 19 කට පෙර සිදුවුණු එම සිදුවීම සම්බන්ධයෙන් ඔහු ලොවට අනාවරණය කළේ රුසියානු ‘ටාස්’ නමැති පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ ෂැක්ප්ලෙරෝව්ගේ නව ගගන මෙහෙයුම සම්බන්ධයෙනි.


ෂැක්ප්ලෙරෝව් ඇතුළු සෙසු පිරිසට බැක්ටීරියාව දකින්න ලැබී ඇත්තේ ගගන සක්මනකදීය. බැක්ටීරියාව අභ්‍යවකාශ නැවැතුම්පොළේ පිටත, ඉන්ධන බැහැර කරන කොටසේ බඳෙහි දියසෙවල මෙන් බැඳී තිබී ඇත. බැක්ටීරියාව සොයා ගැනීම සිදු වී ඇත්තේ සන්වේදකවලිනි. එය ඊට පෙර එතැන නොතිබුණු බව තහවුරු විය. ෂැක්ප්ලෙරෝව් පවසන්නේ විශ්වයේ කොතැනක හෝ සිට බැක්ටීරියාව පැමිණෙන්න ඇති බවය. ඔහු එය හඳුන්වන්නේ ‘පිටසක්වළ අමුත්තකු’ කියාය.


රුසියානු අභ්‍යවකාශ ආයතනය බැක්ටීරියාව ගැන උනන්දුවක් දක්වා ඇති අතර, අභ්‍යවකාශ නැවැතුම්පොළ තුළදී බැක්ටීරියා සාම්පල පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ සියල්ල සිදුවී ඇත්තේ හොර රහසේ යැයි ෂැක්ප්ලෙරෝව් පැහැදිලි කරයි.  බැක්ටීරියාවෙන් මිනිසාට හානියක් නොමැති බව සැක හැර දැනගැනීමෙන් පසු, ගගනගාමීන් එහි සාම්පල වැඩිදුර අධ්‍යනයන් සඳහා පෘථිවියට ගෙනා බව ෂැක්ප්ලෙරෝව් කියයි. රුසියාවේ පර්යේෂණාගාරවලදී එම බැක්ටීරියාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පරීක්ෂණ පැවැත්වුණැයි ද ෂැක්ප්ලෙරෝව් පෙන්වා දෙයි.


අභ්‍යවකාශයේ ග්‍රහක, වල්ගාතරු ආදියේ තිබී පිටසක්වළ බැක්ටීරියා මීට පෙර සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇත. එහෙයින්, රුසියානුවන්ට පිටසක්වළ බැක්ටීරියාවක් හමුවුණා විය හැකි යැයි නාසා ආයතනය ද කියයි. අභ්‍යවකාශ දූවිලිවල ද ඇසට නොපෙනෙන පිටසක්වළ ක්ෂුද්‍රජීවී අංශු කොටස් අඩංගු විය හැකි බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. එපමණක් නොව, පෘථිවියේ සිට මේ ආකාරයට ක්ෂුද්‍රජීවීන් විශ්වයට යෑමක් ද සිදුවෙයි. 

 

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
රුසියන් පුවත් සේවා ඇසුරිනි



අදහස් (0)

රුසියානු ගගනගාමීන්ට හමුවුණු පිටසක්වළ බැක්ටීරියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site