IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මාස හයෙන් ලෝකයේ උසම කඳු 14ම නැග්ග කෙනෙක්

ලෝකෙන් ටිකක්   

 

 

 

නේපාල ජාතික කඳු නගින්නෙක් හා හිටපු බ්‍රිතාන්‍ය මැරින් හමුදා සෙබළෙකු වන නිර්මල් පුර්ජා මාස හයකින් ලෝකයේ උසම කඳු 14ම තරණය කරමින් නව ලෝක වාර්තාවක් තබා ඇත. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දකුණු කොරියාවේ කිම් - චන්ග් හෝ ය. ඔහුට ඒ සඳහා ගත වූ කාලය වසර හතක්, මාස 11ක් හා දින 14කි.   


සාමාන්‍ය කඳු නගින්නෙකුට වසර ගණනාවක් ගත වෙන මෙම භාරදූර කාර්යය සඳහා නිර්මල් හට ගත වී තිබෙන්නේ දින 189කි. ඔහු ලෝකයේ තිබෙන මීටර් 8000ට වඩා උස් කඳු මුදුන් 14ම තරණය කළේය.   


2003 දී බ්‍රිතාන්‍ය හමුදාවට බැඳුණු ඔහු 2009 දී රෝයල් මැරීන් සෙබළෙකු බවට පත් විය. 2018 දී ඔහු රාජකීය සම්මානයකින් පවා පිදුම් ලැබුවේය.   
නිර්මල් ඔහුගේ කඳු තරණ මෙහෙයුම ඇරඹුවේ අප්‍රේල් මාසයේ නේපාලයේ සිට ය. එවරස්ට් කන්ද තරණය කළේ මැයි මාසයේ දීයි. එවරස්ට් කඳු මුදුනේ කඳු නගින්නන්ගේ අධික තදබදයක් තිබෙන ඡායාරූපයක් ගෙන තිබුණේ ද ඔහු ය.   


නේපාලයේ අන්නපූර්ණා, ධවුලගිරි, කන්චෙන්ජුන්ගා, එවරස්ට්, ලොට්සේ, මකාලු, පකිස්තානයේ නංගා ප්‍රභාත්, ගැෂෙර්බ්‍රම් 1 හා 2, කේ 2, බ්‍රෝඩ් පීක්, චීනයේ චෝ ඔයු, නේපාලයේ මනස්ලූ හා අවසන් වශයෙන් චීනයේ ෂිෂාපන්ග්මා යන කඳු තරණය කරන ලදී. අප්‍රේල් මාසයෙන් ඇරඹි කඳු තරණ මෙහෙයුම අවසන් වූයේ ඔක්තෝබර් 29 වෙනි දා ය.   
මෙවැනි ඉතා උස් කඳු නැගීමේ දී මොළයේ හා පෙණහලුවල තරල එක් රැස්වීම, නොයෙකුත් ආසාදනවලට ලක්වීම හා තවත් රෝගාබාධ රැසක් ඇති වීමට ඉඩ කඩ ඇත. කඳු තරණයේ දී අතරමං වී සිටි කඳු නගින්නන් සිවු දෙනෙක් බේරා ගැනීමට ද නිර්මල් හට හැකියාව ලැබිණි.   


අප්‍රේල් 23 වෙනි දා අන්නපූර්ණ කන්දේ සිට පහළට බසින අතරතුර කණ්ඩායම මග හැරී, ආහාර, ජලය හෝ ඔක්සිජන් ටැංකියක් නැතිව පැය 40ක් සිටි ආචාර්ය චින් වුයි කින් බේරාගැනීමට ද ඔහු කටයුතු කළේය. මැයි 15 වෙනි දා කන්චෙන්ජුන්ගා කන්දේදී අතරමංව සිටි තවත් කඳු නගින්නන් දෙදෙනෙකු බේරා ගැනීමට නිර්මල් හා කණ්ඩායම සමත් වූහ.   


නේපාලයේ ධවුලගිරි පෙදෙසේ, මීටර් 1600කටත් වැඩි උස් කඳුකර කලාපයක උපත ලැබූ නිර්මල්, හැදී වැඩුණේ චිත්වාන් හි ය. 2003 දී බ්‍රිතාන්‍ය හමුදාවට බැඳුණු ඔහු 2009දී රෝයල් මැරීන් සෙබළෙකු බවට පත් විය. 2018 දී ඔහු රාජකීය සම්මානයකින් පවා පිදුම් ලැබුවේය.   

 

 


ඔහු කඳු නගින්නෙක් ලෙස කීර්තියට පාත්‍ර වූයේ මීටර් 8000ට වඩා උස් කඳු තරණය කිරීමට පටන් ගත් පසුවයි. නොනවත්වා පැය 48ක් තුළ ලෝකයේ උසම කන්ද වන එවරස්ට්, ලොට්සේ හා මකාලු යන ලෝකයේ සිවු වැනි හා පස් වැනි උසම කඳු මුදුන් ද තරණය කළේය. 

 
මින්ග්මා ඩේවිඩ් ෂර්පා, ගල්ජෙන් ෂර්පා සහ ගෙස්මන් තමාන් යන අය ඔහුගේ කඳු තරණ කණ්ඩායමේ සාමාජිකයන් වූහ.   


කඳු නගින්නන්ගේ ලෝකයේ කිරුළ දිනාගැනීම ලෙස සැලකුණේ හිමාල කඳුවැටියේ තිබෙන මීටර් 8000ට වඩා උස කඳු දැවැන්තයන් සියල්ල තරණය කිරීමයි. පළමු වරට එම කඳු සියල්ල තරණය කර වාර්තාවක් තැබුවේ රෙයින්හෝල්ඩ් මෙස්නර් විසින්, 1987 වර්ෂයේ දී ය. එම තරණයත් සමඟ ඔක්සිජන් සැපයුමක් නොමැතිව එතරම් උස කඳු නැගි පළමු මනුෂ්‍යයා ලෙස ද මෙස්නර් ඉතිහාසගත විය.   


මීටර් 8000ට වැඩි කඳු ලෝකයේ දැවැන්තයින් තරණය කළ පළමු බ්‍රිතාන්‍යයා වීමේ ගෞරවය දිනාගත් ඇලන් හින්ක්ස් මෙම නේපාල තරුණයා ගැන ප්‍රශංසාත්මකව කතා කරයි. කඳු තරණය සඳහා ඔහුට වසර 15ක් පමණ ගත වී තිබේ.   


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක   



අදහස් (0)

මාස හයෙන් ලෝකයේ උසම කඳු 14ම නැග්ග කෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 172 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1028 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site