IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


​ෙමරට අලිඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාතිකයාගේ සොහොන

ඉතිහාසයෙන් පිටුවක්

 

මේ දිනවල රටේ මහ සම්පතක් වන අලි ඇතුන් පිළිබඳව මහ කතිකාවතක් ගොඩනැගී ඇත. අලි මිනිස් ගැටුම් නිරතුරු අපේ මුළුමහත් සමාජයම ප්‍රශ්න කරති. ගම් දනව් වල අහිංසක මිනිස්සු අලින්ට ගොදුරු වන අතර තැන තැන වෙඩි වැදී මිය ගිය අලීන්ගේ සිරුරුද හමුවේ. පරිසරවේදීහු තමන් දන්නා භාෂාවෙන් අලි ඇතුන් පිළිබඳව රට හමුවේ කරුණු ඉදිරිපත් කරති. එහෙත් අපේ වටිනා අලි ඇතුන් රටට අහිමි වී යමින් පවතී. ඉකුත්දා දළ ඇතාගේ මරණය මෙරට සංවේදී මිනිස්සු මහ කම්පනයට පත් වූහ. එය කළවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව බොහෝ දෙනා කියන්නට වූහ.   

 

අද මෙන්ම එදා ඉංග්‍රීසින්ගේ පාලන සමයේ දී අපේ අලි ඇත්තු ඝාතනයට ලක් වූහ. ඒ ඉංග්‍රීසි එදා තමන්ගේ විනෝද‌ාංශයක් ලෙස අලි අැතුන් දඩයම් කර තමන්ගේ දක්ෂතාව අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කළහ. ඉංග්‍රීසි සමයේ අලි අැතුන් දඩයමට අති දක්‍ෂයින් කීපදෙනෙකුගේ නම් කියැවේ. ඒ අතර මේජර් තෝමස් විලියම් රොජර්ස්, සර් සැමුවෙල් බේකර්ගේ නම් ඉදිරියෙන් කියැවේ. ඔවුන් අතරින් මෙරට අලි ඇතුන් 1500ක් පමණ දෙනා මරාදම‌ා ඉංග්‍රීසි පාලන සමයේ කළු පැල්ලමක් එක් කළ මේජර් තෝමස් රොජර්ස් ගැන අද ද නුවරඑළිය වැඩිහිටි ජනතාව කතාබහ කරති. ඒ ඔහුගේ සොහොන නුවරඑළියේ පිහිටි නිසාය.   


1824 ජනවාරි 4 දින ශ්‍රී ලංකාවේ රයිෆල් බළකායේ මේජර්වරයකු ලෙස මෙරට සේවයට එක්ව ඇත. දක්‍ෂ හමුදා නිලධාරියෙකු වූ මේජර් තෝමස් 1834 දී බදුල්ල සහකාර ආණ්ඩුවේ ඒජන්ත හා විනිශ්චකාර ධුරයට පත්ව ඇති බව වාර්තා වේ.   


තමාට නිවාඩුවක් ලැබුණු හැම මොහොතකම අලි ඇතුන් දඩයමට හුරු වූ රොජර්ස් අලි ඇතුන්ටද හොර රහසේ උන් ළඟටම ගොස් දඩයම් කිරීමට ඇති දක්‍ෂයෙකු බව ඉංග්‍රීසින් අතර ජනප්‍රිය වී ඇත.   


මේජර් තෝමස් රොජර්ස්ගේ‍ දඩයමට එරෙහිව ඌව පළාතේ මහා සංඝයා වහන්සේලාද දැඩි අප්‍රසාදය පළකළ අතර ඔහුට නිසි දඬුවම් කවදාහෝ හිමි වන බවට සපථ කළහ. එය කෙසේ වූවත් 1845 ජූලි 07 දින මේජර් තෝමස් රොජර්ස් හපුතලේ ප්‍රදේශයේ රාජකාරියට ගොස් පැමිණෙමින් සිටියදී අතරමගදී අකුණු සරයක් වැදී මියගියේය. මියගිය මේජර් වරයාගේ සිරුර හිතවතුන් විසින් නුවරඑළියට ගෙනැවිත් භූමදාන කර ඇත.   
එම සොහොනටත් වසරකට වතාවක් අකුණු සැර වැදුණු බව නුවරඑළිය පැරන්නන්ගේ මතය වේ. මීට වසර කීපයකට පෙරද එම සොහොනට ආසන්න තැනක වූ විශාල සයිප්‍රස් ගසකට අකුණක් වැදී ගස දෙපලු වී බිම ඇද වැටුණි.   


අද ද නුවර එළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශාලාවට පසුපස ඇති ඉංග්‍රීසින්ගේ පැරණි සොහොන් භූමියේ ඇති මේජර් තෝමස් රොජර්ස්ගේ සොහොන දකින්නට පිළිවන. එම සොහොනට අකුණු සැර වැදී දෙපලු වී ගිය සොහොන් ගල පසු කාලයකදී ඉංග්‍රීසින් විසින් යළ ප්‍රතිසංස්කරණය කළ ලක්‍ෂණ ද අද එම සොහොන් ගලෙන් දැකගත හැකිය.   


අපේ වටිනා සම්පතක් වන අලි ඇතුන් මරා දැමූ පාපයට ස්වාභාවධර්මය තුළින්ම මියගිය මේජර් තෝමස් රොජර්ස්ට මියයන්නට සිදුවූවා සේම අද දවසේ ද වන අලි ඇතුන් මරා දමා සල්ලි සොයන අමනයින්ට අත්වන ඉරණමද කෙබදු එකක් වේදැයි මෙරට කවුරුත් බලා සිටිති.   

 

 

 


ඡායාරූප හා සටහන නුවරඑළිය 
ෂෙල්ටන් හෙට්ටිආරච්චි



අදහස් (0)

​ෙමරට අලිඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාතිකයාගේ සොහොන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 716 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site