IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නිලතල ලබාදෙන රවි සහ කුජ

කේන්ද්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ රාශි දොළහට ග්‍රහයින් කොටුකරගත් සටහනයි. කේන්ද්‍රයක සුවිශේෂීභාවයක් ලෙස දසවනභාවය හැඳින්විය හැක. දස වන භාවය කර්මස්ථානය, පිතෘස්ථානය ලෙස හැඳින්වේ. යම් පුද්ගලයකුගේ වෘත්තිය හෙවත් රැකීරක්ෂාව, තනතුරු, උසස්වීම්, රාජ්‍ය සම්මාන දසවැන්නෙන් නියෝජනය වේ. තවද පියා හා පිය පක්ෂයේ නෑයින් ගැනද, විවාහ සහකරුගේ මව ගැනද දැනගත හැකි වේ. ශරීරයේ දණහිස් අයත් වේ. දසවැන්නෙන් පුද්ගලයකුගේ තරුණ වයස නියෝජනය වේ.   
මේ අතර රවි හා කුජ ග්‍රහයා දසවැන්නට දිග්බල ග්‍රහයින් ලෙස සැලකෙයි. මෙම ග්‍රහයින් දෙදෙනා දසවැන්නේ තැන්පත් වීම ඉතා සුබදායක වේ. ග්‍රහලොව පියරජු ලෙස හැඳින්වෙන රවි දසවැන්නට දිග්බලයි. මෙය ඉතා සුබදායක පිහිටීමකි. මේෂ රාශිය දසවැන්න වීම ඉතා බලවත් වේ. තවද සිංහ රාශිය දසවැන්න වීමද ශුභ වේ. රවි මේෂ රාශියේ උච්ච බලය ලබන අතර සිංහ රාශියේ හිමිකාරිත්වය දරන රවි එහිදී ස්වක්ෂේත්‍ර බලය ලබයි. තුලා රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. 


බුදු, පසේ බුදු මහරහතන් ආදී උතුමෝද මව්පියන්ද අපගේ ජීවිතවලට ආලෝකය ලබාදෙන අය වෙති. මෙම උතුමන්ට ගරු කළ අයගේ කේන්ද්‍රවල රවි බලවත් වේ. ඒ අය තුළ පාලන ශක්තිය, සෘජු කතාව, උසස්වීම්වලට ඇති ආශාව, අණදීමේ ශක්තිය මහත්මා ගති, නිරෝගීභාවය, නිර්ලෝභීකම, අවංකකම යන සාධනීය ලක්ෂණ විද්‍යාමාන වේ. එමෙන්ම ඉහත අයට අපවාද, අපහාස කළ අයගේ රවි දුර්වලව පිහිටා ඇත. එවැනි පුද්ගලයින් තමන්ට නැති ගෞරව බලාපොරොත්තු වේ. අහංකාර ගතිගුණවලින් යුක්ත වේ. කල්පනාවේ විවිධ ගැටලු ඇතිවීමට ඉඩ ඇත. පියාගෙන් ලැබුණු දේපළ අහිමි වේ. තනතුරුවලින් පහත වැටේ. රැකියා කරන ස්ථානයේ ප්‍රධානියා අමනාප වෙයි. රවි දුර්වල වූ විට මොළය ආශ්‍රිත රෝග, හෘදය ආශ්‍රිත ​රෝග, පිත්තාධික රෝග, ඇස් රෝග ඇතිවීමට ඉඩ ඇත. 


ඔබේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා බලවත්ව දසවැන්නේ පිහිටා ඇත්නම් රාජ්‍ය සේවයේ රැකියා හිමිවීමේ භාග්‍යය ඇත. ඔබේ නායකත්ව ලක්ෂණ ඉස්මතු වේ. රජයේ තනතුරුවල උසස්වීම් ලැබේ. තම පියාට සුබදායක පිහිටීමකි. 


රවි නිසා බලවත් යෝග ගණනාවක් නිර්මාණය වී ඇත. එනම් රවි මේෂ රාශිගත වීමෙන් මයුරපාල යෝගය උදාවේ. පෙනුම තේජවන්තයි. රජයේ රැකියා ලබයි. දේපළ ඉඩකඩම් හිමි වේ. රවි ග්‍රහයා සිංහ රාශිගත වීමෙන් උපේන්ද්‍ර යෝගය යෙදෙයි. ප්‍රධානත්වය ලබයි. ආත්ම ගෞරවය රැකගනී. සිතන දේ කිරීමට පසුබට නොවේ. රවි සමග ශනි තුලා රාශිගතවීමෙන් නීච භංග රාජ යෝගයකට මග පාදයි. මෙහිදී පුද්ගලයාගේ සියලු අශුභ ඵල වළකා සුබඵල ළඟා කර දෙන්නේය. 


තවද ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන කුජ ග්‍රහයා දසවැන්නට දිග්බලයි. මකර රාශිය හා මේෂ, වෘශ්චික රාශි දසවැන්න වීම ඉතා බලවත් පිහිටීමකි. මේෂ හා වෘශ්චික ලග්නවලට කුජ අධිපති වන අතර මෙම රාශිවල ස්වක්ෂේත්‍ර බලය ලබයි. මකර රාශියේ කුජ උච්ච බලය ලබන අතර කටක රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. 
යම් ජන්ම පත්‍රයක ග්‍රහසිත්තම පරීක්ෂා කිරීමේදී කුජ බලවත්ව පිහිටා ඇත්නම් පෙර ආත්මවල සත්ත්ව අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව මෙන්ම ලේ දන්දීම, රෝගීන්ට සත්කාර කිරීම වැනි කටයුතු කළ නිසයි. යම් කෙනෙකු පෙර භවයේදී මව්පියන්ට පහරදීම, ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම, පවුල් ආරවුල් කිරීම, නිතර කෝපවීම වැනි අකුසල කර්මවල යෙදුණු අයගේ කුජ දුර්වලව උපදී. ඔබේ කේන්ද්‍රයේත් කුජ ග්‍රහයා බලවත්ව දසවැන්නේ තැන්පත්ව ඇත්නම් අධිෂ්ඨානය, ධෛර්යය, ශක්තිය, එඩිතරභාවය, ඉදිරිපත් වීමේ හැකියාව, ආත්ම විශ්වාසය, සටන්කාමීත්වය හා අවදානම් කටයුතු කෙරෙහි නොබියව ඉදිරිපත්වීමේ ශක්තිය ඇතිවේ. 


කුජ නොහොත් අඟහරු උච්ච බලයෙන් හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රගත වීමෙන් රුවක නම් පංච මහා පුරුෂ යෝගය යෙ​දේ. එඩිතරකම, නිර්භීතකම, කඩවසම් පෙනුම, කෘෂිකාර්මික පෙනුම, කාර්මික හා වගා කටයුතුවලට දක්ෂකම ඇති වේ. ක්‍රීඩාවටද දක්ෂකම ලැබෙන සුබ යෝගයකි. 


රවි හා කුජ කේන්ද්‍රයේ තැන්පත් වී ඇති ආකාරය අනුව නීච වී හෝ සතුරු රාශිගතව සහ පාප ග්‍රහයින් සමග සංයෝග වී හෝ පාප ග්‍රහයින්ගේ දෘෂ්ටි ලැබීමෙන් ග්‍රහ බලය දුර්වල වේ. 

 


ජ්‍යෝතිර්වේදිනී, 
අජන්තා ඒකනායක, මැද මහනුවර. 



අදහස් (0)

නිලතල ලබාදෙන රවි සහ කුජ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1612 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site