IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ගුරු යෝගවල හොඳ නරක

ගුරු නොහොත් බ්‍රහස්පති ග්‍රහයාගේ යෝග පිළිබඳ කතා කිරීමට ප්‍රථමයෙන් ගුරු ග්‍රහයා ගැන මදක් විමසා බලමු. නව ග්‍රහයින් අතුරෙන් ප්‍රධාන තැනක් ගන්නා මොහු සුරගුරු නමින් හඳුන්වනු ලැබේ. දෙවියන්ගේ ගුරුවරකම දැරීමට මොහු නියම සුදුස්සාය. ගුණ නුවණින් හා ශරීර සොබාවෙන් ද උසස් ග්‍රහයා මොහුය. මෙම ග්‍රහයාගේ ශරීරය සර්වාංග සම්පූර්ණය. නමුත් මෙම ග්‍රහයාගේ ශරීරය මහත වැඩි නිසා ස්වල්ප දෝෂයක් ද ඒ නිසා තිබෙන බව ද කිව යුතුය.   


අපි දැන් ගුරු යෝග සම්බන්ධ කරුණු සලකා බලමු   

 

1. ගුරු බුධ යෝගය   


මෙය ශුභ බල දෙන යෝගයකි. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපන කටයුතු ඉතාම උසස් අයුරින් කරගෙන යනු ඇත. මෙම යෝගයන් උපන් අය සුවිශේෂ දක්ෂකම් ඇති පුද්ගලයෝ වෙති. නමුත් ඇතැම් විට ඉතාම කලාතුරකින් කෙනෙක් එසේ නොවන්නට ද පිළිවන. ලෝකයේ සියල්ලක්ම නීතියට අනුවම සිදු නොවන ධර්මතාවය ද මෙයට බලපායි. කේන්ද්‍රයේ වමේ සිට ගණනය කරන විට 3-5-11 රාශිවල ගුරු බුධ සංයෝගය පිහිටීම ඉතාම උසස් ශුභ ඵල ගෙන දීමට හේතුවේ. මේ යෝගයෙන් උපන් අය උසස් අධ්‍යාපනය අනිවාර්​ෙ‌යන්ම ලබාගනී. 

 
2. ගුරු කුජ යෝගය   


මෙම යෝගය ගුරු මංගල යෝගය නමින් හඳුන්වයි. මේ යෝගය හැමෝටම හැම තැනටම සිදු නොවන බව සිතා ගත යුතුයි. මින් අදහස් වනුයේ සැමටම එක සමාන ගුණ නොලැබෙන බවයි. විශේෂයෙන් කටක ලග්නයෙන් උපන් අයට මෙම යෝගයේ නියම පල ලැබේ. උගත් බුද්ධිමත් අය මේ යෝගයෙන් උපන් අය වේ. මේ ගුරු කුජ යෝගය රාජ යෝගයක් ද වේ. කේන්ද්‍රයේ 9-10 අධිපති මේ දෙදෙනාය. ඒ නිසා මේ යෝගය හොඳ ස්ථානයක සිටියොත් ඉතාම උසස් ශුභ ඵල ගෙන දේ. හොඳ ස්ථාන යනු 1-2-4-5-7-9-10-11 යන ස්ථානයි.   


කේන්ද්‍රයේ,   


ගුරු කුජ යෝගය තිබීම නිසා බුද්ධිමත් වීම   

ධනය ලැබීම ධනවත් වීම   

ඉඩකඩම් යාන වාහන ලැබීම   

විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට හැකිවීම   

උසස් විවාහයක් කර ගැනීමට හැකි වීම   

ගුණ නුවණින් අග තැන්පත් අයෙක් වීම   

උසස් රැකියාවක් ලබාගැනීමට හැකි වීම   


කිසිදු කරදරයකින් (මහන්සියක් නොවී) තොරව සාධාරණ ලෙස මුදල් ලැබීම (ව්‍යාපාර වලින්)   

මෙම ගුරු කුජ යෝගය කේන්ද්‍රයේ 3-6-8-12 යන ස්ථානවලට ශුභ ඵල ගෙන නොදේ. අශුභයි.   


ගුරු - චන්ද්‍ර යෝගය (ගුරු සඳු යෝගය)   


මෙම යෝගයෙන් උපන් තැනැත්තා හොඳ නරක දෙපැත්තටම එක වාගේ වේගයෙන් ක්‍රියා කරයි. ගුරු සඳු යෝගය කිසියම් කේන්ද්‍රයක 7 වැන්නේ සිටියොත් විවාහය කල් ගත වීමට ඉඩ තිබේ. සඳු ස්ත්‍රි කාරක යෝගයකි. ගුරුගේ ස්වභාවය අනුව මොහුට ස්ත්‍රීන් රුස්සන්නේ නැත. මේ නිසා යෝගය 7 වැන්නට අශුභයි. නරකයි. අප ලත් අත්දැකීම් අනුව ගුරු සඳු කටක රාශියේ සිටියොත් විවාහ වැඩි හරියක් කඩාකප්පල් වී තිබේ. විශේෂයෙන් ධනු මීන රාශිවලට මේ යෝගය හොඳ නැත. මේ යෝගයෙන් උපන් අය සිතේ අහංකාර ගති ද පෙන්නුම් කෙරේ. නිතරම හිතේ ලොකුකමක් පවතියි. නමුත් ඇති දෙයක් නැත.   


මේ යෝගය කේන්ද්‍රයේ පිහිටි ස්ථාන අනුව පලාපලය වෙනස්වන බවද සිතාගත යුතුය. කේන්ද්‍රයේ 2 වැන්නේ පිහිටියේ නම් විවාහය සම්බන්ධ ශුභ ලක්ෂණ පෙන්නුම් කෙරේ. 4 වැන්නේ පිහිටියේ නම් දේපළ උරුමය ද 10 වැන්නේ තිබේ නම් රැකියාවේ ස්ථාවරත්වය පෙන්නුම් කෙරේ. කේන්ද්‍රයේ දුෂ්ට ස්ථානවලට මෙම යෝගය පිහිටීම කිසිසේත් ශුභ නොවේ. දුෂ්ට ස්ථාන යනු වටේ සිට ගැනීමේ දී 2-6-8-12 යන රාශි වේ.   


ගුරු රවි යෝගය   


​ෙමම යෝගය සැම විටම ඉතා යහපත් වේ. නරක ස්ථානයක වුවත් මේ දෙදෙනාගේ යෝගයෙන් යහපත් ප්‍රතිඵල ගෙන දේ. මේ යෝගය ඥාන යෝගයකි. මින් උපන් අය ඥානවන්තයෝය. මේ යෝගයෙන් උපන් අය මල්ලව පොර ආදී ක්‍රීඩාවන් හි දක්ෂකම් පෙන්වයි. කම්මැලි නැති එඩිතර ඉගෙනීමට ඉතාම දක්ෂ අය මේ යෝගයෙන් උපන් අය වේ. වෘෂභ ලග්න හිමියන්ට මේ යෝගය පිහිටියේ නම් ලොතරැයි වාසනා හිමිවීම වාසනාව තිබේ. මුදල් අතින් අගහිඟකම් නොමැත. කේන්ද්‍රයේ 1-5-9-11 යන බලවත් ස්ථානයක සිටියේ නම් ලෝක පූජිත තත්ත්වයට පත් වේ.   


ගුරු සිකුරු යෝගය   


මේ දෙදෙනා සතුරුයි. නමුත් ශුභ යෝගයකි. ශුභ ඵල ගෙන දේ. ඉඩකඩම් යාන වාහන හොඳ ගෙවල් දොරවල් ලැබීමට හේතු වේ. උසස් ගුණවත් නැණවත් බිරිඳක්, සැමියෙක් වේ. ඉතාම දක්ෂ වාසනාවන්ත පුද්ගලයන්ට මෙම යෝගය පිහිටයි. කේන්ද්‍රයේ නරක ස්ථානයක මා ඉහත සඳහන් ශුභ ලක්ෂණ අඩු වේ. අශුභයි. කොහොම නමුත් මේ යෝගය ශුභ යෝගයකි.   


ගුරු ශනි යෝගය   


ඉතාම බලවත් යෝගයකි. ඉතාම වාසනාවන්ත යෝගයකි. කේන්ද්‍ර හිමියා අඩියෙන් අඩිය උසස් වේ. උසස් තනතුරු ලැබේ. නොසිතූ අයුරින් ධනය ලැබේ. මේ අයුරින් හදිසියේ මුදල් ලැබෙන විට පෙර පිනට යැයි මිනිස්සු කියන්න පටන් ගනී. උසස් රැකියා පමණක් නොව ලොකු වාසනා ලොතරැයි ලැබෙන්නේ මේ යෝගය තිබූ අයටය. තම දරුවන්ට ධනය ඉතිරිකර තැබීම මේ යෝගයෙන් උපන් අයගේ ලක්ෂණයකි. මේ යෝගය තිබියදී 5 වැන්නට රවි සඳු දෙදෙනාගේ ශුභ දෘෂ්ටියක් වැටේ නම් ඉතාම බලවත් මෙන්ම උසස් තනතුරු ලැබීමට ද හේතු වේ. මේ යෝගය කේන්ද්‍රයේ පිහිටන ස්ථානය අනුව ගුණාගුණවල ස්වභාවය වෙනස් වේ. කොහොම නමුත් ශුභ යෝගයකි.   


ගුරු රාහු යෝගය   


ඉතාම ශුභ යෝගයකි. මුදල් ලැබීම අතින් ඉතාම ශුභයි. 11 වැන්නේ මේ යෝගය පිහිටීම හදිසි මුදල් ලැබීමට හේතු වේ. මේෂ ලග්නයට 11 වැන්නේ පිහිටීම ඉතාම හොඳයි.

   
ගුරු කේතු යෝගය   


ශුභ යෝගයකි. ලග්නයේ පිහිටියේ නම් උසස් අධ්‍යාපනය අනිවාර්​ෙ‌යන්ම ලැබේ. නිශ්චිත ලග්න හිමියන්ට මේ යෝගය ලග්නයේ පිහිටියේ නම් අනිවාර්​ෙ‌යන්ම වෛද්‍යවයෙකු වේ. මේ යෝගය කේන්ද්‍රයේ 1-5-10 රාශිවල සිටියේ නම් ඉතාම ශුභයි. අධ්‍යාපනයෙන් ඉහළට යයි 2-6-8-12 රාශිවල එතරම් ශුභ ඵල ගෙන නොදේ.   


තම දරුවන්ගේ සහ තමාගේම කේන්ද්‍රය ඔබට පරීක්ෂාකර ගැනීමට හැකි වන පරිදි සරල ලෙස ලියා ඇති බව සඳහන් කරන අතර තම අනාගතය සකස් කර ගැනීමට මේ ලිපිය ඉවහල් වනු ඇතැයි මාගේ හැඟීමයි.   

 

 

 

 


ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී, විශ්‍රාමලත් විදුහල්පති   
කේ.ඩීආර්.පී. රාජකරුණා   
ගුරු සෙවණ ජ්‍යොතිෂ කාර්යාලය   
මැදවැලිකඩ පාර, රාජගිරිය.   



අදහස් (2)

ගුරු යෝගවල හොඳ නරක

ගංගා හේතුමුනි Tuesday, 31 December 2019 03:08 AM

මේෂ ලග්නයට ගුරු කේතු 9 වැන්නේත්, සදු, සිකුරු 11 වැන්නෙත් පිහිටීම කෙසේද ?

:       0       1

Malisha sachintha Tuesday, 24 March 2020 08:25 AM

මිතුන ලගනය වී ගුරු රවි යෝගය 7 වැන්නේ තිබුනොත් ප්‍රතිඵල කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 299 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site