IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උපතේ ග්‍රහ පිහිටීම

කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම අනුව එහි පලාඵලද විවිධ විය හැක. ග්‍රහයින් උපතේදී පිහිටි ස්ථාන, එනම් ලග්නය, දෙක තුන ආදී වශයෙන් ගැනෙන විට එකී තැන්වල උච්චව හෝ මිතුරුව ග්‍රහ පිහිටි විට එම ස්ථාන වලින් හැඳින්වෙන ඵල වැඩිවිය හැක. විශේෂයෙන් ගුරු, සඳු, කිවි, බුද වැනි සෞම්‍ය ග්‍රහයින් යම් ස්ථානයක වෙත් නම් එහි ඵල යහපත් වන බව කියැවේ. 
  
යුරේනස් උච්චව හෝ ස්වක්ෂේත්‍රව නවය හෝ එකොළොස් වැන්නේ වූ විට දක්ෂ ඉංජිනේරුවරුන් බිහිවන බවත් නැප්චූන් එසේ පිහිටන විට වෛද්‍යවරුන් බිහිවන බවත් දක්වා ඇත. යුරේනස්ට වෘශ්චිකයත් නැප්චූන්ට කටකයත් උච්ච රාශි වන බව කියැවේ. ගුරු බුද කිවි යන ග්‍රහයින් එසේ තැන්පත් වූ විට පරිපාලනය, ගුරුකම වැනි තත්ත්වයන්ට පත්වීමේ හැකියාව දක්වයි.   


මේවායේ බලය සෙසු බලයන්ට වඩා බලවත් බව පැරණි ​පොත පත දක්වා ඇත.   


කේන්ද්‍රයක, සතර කේන්දරයේ හෝ ත්‍රිකෝණ ගතව යම් ග්‍රහයෙක් ස්වක්ෂේත්‍රව හෝ උච්චව පිහිටි කල විවිධ ඵල ශුභ ග්‍රහ යෝගද පිහිටිය හැකිය. බුද, කුජ, ගුරු සිකුරු හා ශනි ග්‍රහයින් එසේ පිහිටි විට බුදු උපතේ පවා පිහිටි පංච මහා පුරුෂ යෝග ද පිහිටීමට ඉඩ ඇත.   


යුරේනස් නැප්චූන් වැනි ග්‍රහයින්ගේ ගති ලක්ෂණ සොයා ගැනීමට තුඩුදුන් යුරෝපයේ ඇතිවූ කාර්මික විප්ලවය හා විද්‍යා පුනර්ජීවයද බෙහෙවින් ඉවහල් වී ඇති බව හෙළි වේ. ග්‍රහ ලෝකයේ ඉංජිනේරුවා හැටියට සලකන යුරේනස් නිසා ජෝර්ජ් ස්ටීවන්සන්, විලියම් කැස්ටන් හා අැඩ්මන්ඩ් කාර්රයිට් වැනි විද්‍යාඥයින්ගෙන් අලුත් දේ ලෝකයාට ලැබිණ.   


ග්‍රහ ලෝකයේ රාජ වෛද්‍යවරයා ලෙස හැඳින්වෙන නැප්චූන් ගෙන් ​ෙරාස්ලින්ඩ් කොක්, ලුවී පාස්චර්, ලිස්ටර්සාමි වැනි රසායනික විද්‍යාඥයන්ගෙන් ක්ෂය රෝග විෂබීජ, පිස්සු බලු එන්නත වැනි දේ ලොවට හෙළි විය. ඉතා මෑතදී සොයාගෙන ඇති ප්ලූටෝ හෙවත් ග්‍රහ ලොවේ පාතාලයා නිසා කුඩු, එත​නෝල් වැනි මිනිසාට අහිතකර දේත් පරමාණු බෝම්බය හා ජලකර බෝම්බය වැනි මිනිසාට අනතුරුදායක දේද ඇතිවිය. 

 
ලග්නයේ සිට ගැණෙන විට දෙක, තුන ආදී වශයෙන් රාශි දොළහ ගැණේ. එහි එනම් රවි සිටි විට සහෝදරයින්ට හොඳ නැත. එහෙත් තමා උසස් අයෙක් වේ. පෞරුෂය යහපත් වේ. වහා කිපෙන සුළුය. දෙවැන්නේ නම් ඇස් රෝගවලට හේතුය. ධනය ලැබේ. තුන්වැන්නේ හිරු සිටි විට ප්‍රසිද්ධ පුද්ගලයෙක් වේ. සහෝදරයින් ද ප්‍රකට අය වනු ඇත. හතර වැන්නේ නම් ගේදොරඉඩකඩම් ඇතිවේ. නෑයින්ට හොඳය.   


මව්ට හොඳ නැත. නැදිමයිලන්හට හොඳ නැත. පස් වැන්නේ නම් ඉගනීමට ප්‍රසිද්ධ අයෙක් වේ. ව්‍යාපාරවලට හොඳය. වනගත ජීවිතය ප්‍රිය කරයි. හය වැන්නේ නම් ප්‍රසිද්ධ අයෙක් වේ. ව්‍යාපාරවලට හොඳය. වනගත ජීවිතය ප්‍රිය කරයි. හය වැන්නේ නම්, ප්‍රසිද්ධ අයෙක් වේ. කීකරු සේවකයෝ ඇත. හොඳට අඳින්නට කැමති වේ.   


හත් වැන්නේ නම් ව්‍යාපාර වලින් ජය ලැබේ. ඇස් රෝග ඇති විය හැක. පියාට අපලය. ප්‍රභූන් ප්‍රිය කරයි. අට වැන්නේ නම් සැමියාට, මව්පියන් හට අපලය. ඇස් ලෙඩ ඇතිවේ. නව වැන්නේ නම් පොහොසත්වේ. මව්පියන් හට හොඳය. හොරි කුෂ්ට ඇතිවිය හැක. දහයේ නම් සාර්ථක දිවියක් හිමිය. දෙමව්පියන් හට ​ෙහාඳය. සෙම් රෝගවලට හේතුයි. එකොළහේ නම් ප්‍රීතිමත් දිවියකි. පොහොසත් වේ. දොළහේ නම් ප්‍රීතිමත් දිවියකි. වයස අගදී පොහොසත් වේ. පියාට යහපත් නොවේ.   

 

 


ඉන්දියාවේ පළවෙන Astrology Magazine හා ලක්දිව පැරණි පොතපත ඇසුරිනි.   

 

 


විශ්‍රාමික විදුල්පති   
ඇම්.ඩී.ඊ. සුමනරත්න   
හොරවල, වැලිපැන්න  



අදහස් (0)

උපතේ ග්‍රහ පිහිටීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site