IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


උදාවන රාහු කේතු මාරුව ඔ​ෙබි ලග්නයට බලපාන හැටි...

නව ග්‍රහයින් ගැන කතා කරන ජ්‍යෝතිෂයේදී රාහු හා කේතු ඡායා මාත්‍ර ග්‍රහයින් ලෙස හැඳින් වේ. රාහු හා කේතු මාරුවක් සිදුවන්නේ වසර එකහමාරකට පසුවය 2017 අගෝස්තු මස 18 වන දින රාහු ග්‍රහයා කටක රාශියටද කේතු ග්‍රහයා මකර රාශියටද පැමිණෙයි. මෙම ග්‍රහයින් දෙදෙනා 2017 අගෝස්තු මස 18 වන දින සිට 2019 මාර්තු මස 07 වන දින දක්වා මෙම රාශිවල සිය අණසක පතුරවමින් සිටී. රාහු දශා කාලය අවුරුදු 18 යි. කේතු දශාව වසර 07 කි.  

රාහුට ඇත්තේ නයි ඔළුවක් සහිත සිරුරක් ඉණෙන් උඩටද, මිනිස් සිරුරක් ඉණෙන් පහළට පෙන්වන රූපයකි. රාහු ජන්ම පත්‍රයක යහපත් ස්ථානයක බලවත් වීමෙන් ඉක්මන් දියුණුව හා හදිසි ධන ලාභ ලබා දෙයි. ප්‍රසිද්ධියට පත් වේ.  


රාහු දුර්වල වූ විට නිෂ්ඵල ගමන් බිමන් වියදම් අධික වීම නිසා සිතේ සන්සුන් බව නැති වීම. අදූරදර්ශීව කතා කිරීම. නොගැළපෙන ආශ්‍රය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හා ඉගෙනීමට බාධාවීම් දක්නට ලැබේ. ග්‍රැස්ට්‍රයිටීස්, තෙම්පරාදු ආහාර නිසා ඇතිවන රෝගාබාධ ඇතිවිය හැකිය. වතුර බීම අතපසු නොකරන්න. තමන්ට වඩා උගත් ප්‍රඥාවන්ත අය ඇසුරු කරන්න. 


රාහු අපලය ඇති අය බෝධි පූජා, බුද්ධ පූජා තබන විට වැටකෙයියා මල් පූජා කිරීමද ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාර හාර වීම ද සුදුසු වේ. චන්ද පිරිත, සූර්ය පිරිත යන පිරිත් භාවිතා කිරීමෙන් සුබපල උදාකරගත හැක. රතන, නවගුණ, අභිසම්භිදාන ආදී යන්ත්‍ර පැලදීමද සුදුසුය.   
මිනිස් හිසක් හා නාග සිරුරක් කේතුට හිමිය කේතු සිහි බුද්ධිය දියුණුකර, ඉගෙනීමේ කටයුතු දියුණු කරන අතර ප්‍රසිද්ධ වීමට ඉඩ නොදෙයි. ශරීරය විටමින් හා යකඩ ඌණතාව නිසා ඇතිවන රෝගාබාධවලට ගොදුරු වීමට ඉඩ ඇත.  කේතුගේ අපලයක් ඇති විට කළු පාට ඇඳුම් භාවිතය ඉතා අශුභය බෝධි පූජා, බුද්ධ පූජා තැබීමත් ඒ පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කර පිහිට පැතීම සුබ වේ. බෝධි පූජා තබන විට කෙසෙල් මුවේ මල් හා පුවක් මල් පූජා කිරීම සුදුසු වේ. කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කිරීම මගින් සුබපල උදාකරගත හැකිය.   


උදාවන ග්‍රහ මාරුව පොදුවේ ලග්නවලට සුබ අසුබ කෙසේද කියා අපි බලමු.  


මේෂ-  
රාහු හතරවැන්නේත් කේතු දහවැන්නේත් ගමන් කරන නිසා එතරම් සුබ දායක නොවේ. පවුලේ ඉඩකඩම් දේපොළ පිළිබඳ තරමක අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වීමට පුළුවන. පදිංචිය ද සමහර විට වෙනස් වීමට පුළුවන. තම නිවාස නිර්මාණයට තරමක බාධා ඇතිවේ. රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරික ක්ෂේතයේ අයගේ තම දක්ෂතා හැකියාවන් උසස් අයට නොපෙනේ. තමන් ආරම්භ කරන වැඩ කටයුතුවලට බාධා පැමිණේ. දරුවන්ගේ ඉගෙනීමට බාධා ඇති වේ. හදවත රෝගීන් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.  


වෘෂභ-  
රාහු තුන්වැන්නෙත් කේතු නව වැන්නේත් ගමන් ගන්නා නිසාත් තරමක සුබ දායක කාලයකි. උත්සාහය ධෛර්යය වර්ධනය වේ. අභියෝග ජයගනී. සහෝදරයින් හා අසල්වාසීන් නිසා වෙහෙසීමට සිදුවේ. ලේඛන කලාවේ දක්ෂතා පෙන්වයි. ආගම දහමට ළැදිවෙයි. වන්දනා ගමනකට හෝ විදේශ ගමනකට පදනම වැටෙයි. එහෙත් වෘෂභ ලග්න හිමියන්ට එරාෂ්ටක අපල තත්ත්වයක් ඇති බව අමතක කරන්න එපා. පෙර පින හා භාග්‍යය අඩුවන අතර සේවක ගැටලු ඇති වේ. සෙනසුරු අපලවලට අදාළ ශාන්ති කර්ම කරගන්න.  


මිථුන-  
රාහු දෙවැන්නේත් කේතු අටවැන්නේත් ගමන් කිරීම නිසා එතරම සුබ දායක නොවේ. මිල මුදල්වලින් කරදර ඇති වේ. තැන්පත් ධනය පරිහරණයේදී කල්පනාකාරී වන්න. ධන හානි සිදුවීමට පුළුවන්. දුරදිග නොබලා ඉක්මන්කමින් කරන කතාවෙන් ආරවුල් මතු වේ. ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් වන්න. ශාරීරික ආබාධවලට ලක්වීමට ඉඩ ඇත. ශරීරයේ විටමින් හා යකඩ ඌණතාව නිසා ඇතිවන රෝගාබාධවලට ගොදුරු වීමට ඉඩකඩ ඇත.

 
කටක-  
 රාහු ලග්නයේත් කේතු හත්වැන්නේත් ගමන් කරන නිසා ගමන් බිමන් වැඩි වේ. ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබේ. තීන්දු තීරණ ගැනීමේදී විශේෂඥ උපදෙස් ලබාගන්න. ගෘහ ජීවිතය තුළදී එකිනෙකාගේ අදහස්වලට නම්‍යශීලී වන්න. ගැටලු නිර්මාණය වීමට පුළුවන. යටි බඩේ රෝග ඇතිවීමට පුළුවන.  


සිංහ-  
රාහු දොළොස් වැන්නේද කේතු හය වැන්නේත් ගමන් කරන කාලය තුළ නිෂ්ඵල වියදම් ද පිට පළාත්වල ගමන් බිමන්ද යෙදේ. සතුරු කරදර ඇතිවීමට ඉඩකඩ වැඩි නිසා ප්‍රවේශම් වන්න. විදේශ ගමන් යෙදේ. සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න.  


කන්‍යා-   
සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නේ රාහු බලවත් වීම හා පස් වැන්නේ කේතු ග්‍රහයා ගමන් කිරීම නිසා සුබ කාලයක් නිර්මාණය වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. හදිසි ධන ලාබ, ලෙතරැයි ජයග්‍රහණ හිමි වේ. සමාජයේ ඉහළ තැනක් හිමි වේ. මිත්‍ර සම්බන්ධතා වැඩිදියුණු වේ. වෙස්වළාගත් මිතුරන්ගෙන් ප්‍රවේශම්වන්න. ඉඩකඩම් මිලදී ගත හැක. මංගල කටයුතුවලට පදනම වැටෙයි. ආයෝජනවලින් ලාබ ලබයි. බැංකු තැන්පතු වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු වලින් උසස් තැනක් හිමි වේ. සෞඛ්‍ය යහපත් වේ.  


තුලා-  
රාහු දස වැන්නේත් කේතු හතර වැන්නේත් ගමන් කිරීම තරමක් යහපත් වේ. වැඩකටයුතු සඵල වේ. ප්‍රසිද්ධ වෙයි. ව්‍යාපාරවලට සුබයි. ගමන් බිමන් බහුල වේ. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. රැකීරක්ෂා ලැබීමට පුළුවන. ඉඩකඩම් දේපොළවලින් කරදර ඇති වේ. නෑදෑයින් විරුද්ධ වෙයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය.  


වෘශ්චික-  
රාහු නව වැන්නට පැමිණෙයි. සිතේ සැනසීමක් නැති කාලයකි. ගමන් බිමන්වලදී කරදර බාධා ඇති වේ. දුරගමන් යෙදේ. පිනට අකමැති වේ. වියදම් අධික වීම නිසා මුදල් ප්‍රමාණය අඩුවේ. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. කේතු තුන් වැන්නේ වීමෙන් චිත්ත ධෛර්යය ඉහළ යයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. සහෝදර සහෝදරියන්ගෙන් කරදර ඇති වේ. බලාපොරොත්තු රහිත ලාභ ලැබේ.   


ධනු-  
රාහු අට වැන්ටද, කේතු දෙවැන්නටද පැමිණෙයි. චිත්ත ශක්තිය බලවත් කර ගන්න උත්සාහ ගන්න. ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් වන්න. මිල මුදල් පිළිබඳ ලාබ අඩු කාලයක්. රහසිගත ආදායම් ඇති කර ගනී. තමන්​ෙග් භාණ්ඩ ආරක්ෂා කරගන්න. වචන පාවිච්චියේදී සැලකිලිමත් වන්න. මුඛයේ ආබාධ, දත්වල රෝග සාදයි. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවලට බාධා ඇති වේ. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.  


මකර-  
රාහු හත් වැන්නටද, කේතු ලග්න භාවයට පැමිණේ. ප්‍රසිද්ධිය හා කීර්තිය ඇති වේ. උසස් අය​ෙග් උදව් උපකාර ලැබේ. රහස් සම්බන්ධතා ගොඩනැඟේ. අවිවාහක අයට විවාහය ඉක්මන් වේ. ප්‍රසිද්ධ සතුරෝ ඇති වේ. මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. ශරීර ශක්තිය හීන වේ.  


 කුම්භ-  
රාහු හය වැන්නටද, කේතු දොළොස් වැන්නටද පැමිණේ. ශරීර සනීපය ඇති වේ. රැකියාවලින්ද, ව්‍යාපාරවලින්ද දියුණුව ලැබෙන කාලයකි. සතරු කරදර අඩු වේ. ​ෙස්වක ගැටලු විසඳේ. ණය පහසුකම් ලැබේ. කේතු දොළොස්වැන්නේදී වියදම් අඩු​ වේ. ආගම දහමට ලැදි වේ. වන්දනා ගමනකට පදනම වැටේ.  


මීන-
රාහු පස් වැන්නේ ගමන් කරයි. ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධා සහිත කාලයකි. ආයෝජන කිරීමේදී සැලකිලිමත් වන්න. උදාරාබාධ ඇතිවේ. කේතු එකොළොස් වැන්නේදී ආදායම් යහපත් වේ. ඉඩකඩම් ධනය ලබා දේ. ප්‍රසිද්ධ වේ. උත්සාහයෙන් ප්‍රතිඵල ලැබේ.

  
ජ්‍යොතිෂ්‍යවේදිනී අජන්තා ඒකනායක,   
මැද මහනුවර.



අදහස් (0)

උදාවන රාහු කේතු මාරුව ඔ​ෙබි ලග්නයට බලපාන හැටි...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 247 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1598 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site