IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අදෘශ්‍යමාන බලවේගයකින් මරා දැමූ සුරූපී තරුණිය

පෙනෙන නොපෙනෙන ලෝකය

 

මිනිස් ආත්මයේ දී යම් අයෙකුට ඉලක්කගතව කරන වචන හරඹයන්, යුද හරඹයකට වඩා විනාශකාරී භයානක බව දන්නේ කීයෙන් කී දෙනාද? මිනිසා මිනිසාට පරිභව නොකළ යුතු බව වටහා ගැනීමට කාලයක් ගත වේ. එය වත්මන් සමාජයේ ඉතා බහුලව දක්නට ලැබෙන කාරණයකි. සාපලත් නොපෙනෙන සිතිවිලි තරංග විශ්වයේ සැරිසරා අදාළ පුද්ගලයාව ඊතල පහරක් මෙන් පසාරු කරනවා නොඅනුමානය. එය අදෘශ්‍යමාන බලවේගයක ක්‍රියාකාරීත්වයක් බව වටහා ගත යුතුය. මෙය විදු ඇසට ද ​ගෝචර නොවේ. 

 
ඇය කැපී පෙනෙන හිතුවක්කාරී චරිතයකි. කෝටිපති ව්‍යාපාරික පවුලේ බඩ පිස්සිය වීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. කෝටිපති ව්‍යාපාරික පවුලකට දාව උපන් බඩ පිස්සිය නිසා පවුලේ සියලුම දෙනාගේම නොමද ආදරයට පාත්‍ර වූවාය. රූපත් බවින් අග තැන්පත් වූ ඇය පාසලේ දී සහ නිවසේ දී පොදු ක්‍රියාකාරකම්වල දීත් මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ද දක්ෂ දරුවෙකු බව නම් දරා සිටියාය. ඒ කෙසේ වෙතත් ඇයගේ හිතුවක්කාරී දඩබ්බර ගති ලක්ෂණ කා හටත් රිස්සුවේ නැත. පාසලෙන් මෙන්ම බාහිර පාර්ශ්වයන්ගෙන් එල්ල වූ ​චෝදනා නිසා නිවැසියන්ගෙන් නිතර නිතර ලැබුණ අවවාද අනුශාසනා ඇයට තවත් වදයක් විය. ඇය කළ එක්තරා හිතුවක්කාරී ක්‍රියාවක් නිසා මුළු රට පුරාවටම ප්‍රසිද්ධියට පත් වූවාය. ප්‍රසිද්ධියේ තරම කොයි තරම් ද යත් ඈ ගැන පොත් පත් පුවත් ආදිය මැවෙද්දී විද්‍යුත් මාධ්‍ය හරහා ද ඇයගේ රුව පවා ප්‍රදර්ශනය කිරීමට එරට තුළ ජන මාධ්‍ය කටයුතු කෙරිණි.   


මෙසේ කලක් ගත විය. පාසලේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ඇය පාසල් දිවියට සමු දුන්නාය. එය දෙමව්පියන්ගේ පෙරැත්තය අනුවය. දෙමව්පියන්ගේ වත් පොහොසත්කම් නිසා නිවසේ රැඳෙන්නට ඉඩ හැරියා මිස රැකියාවක් කිරීමටවත් තවදුරටත් උසස් අධ්‍යාපනය හැදැරීමටවත් ඇයට වරම් නොලැබිණි.


මෙසේ තරුණ වියට එළඹෙත්ම සුන්දර වයසේ විසිඑක් වන කඩඉමට ළඟා වූ දිනය සටහන් වූයෙන් එම දිනය ඉතාමත් උත්සවශ්‍රීයෙන් බැබළුණ අතර, මෙය සම්බන්ධව අතිවිශාල සුබ පැතුම් පත් සංඛ්‍යාවක් ඇය අතට පත් විය. මේ සෑම සුබ පැතුම් පතක්ම කියවා බැලීමට ද ඇය වගා බලා ගත්තාය. එපමණක් ද නොව ඒවාට ප්‍රතිචාර දැක්වීමට ද පසුබට නොවූවාය.   


මෙම සුබ පැතුම් පත් අතරින් ඉතාම සුවිශේෂී වූ සුබ පැතුම් පතක් ද විය. නම දුටු පමණින් එය කවුරුන් විසින් එවන ලද්දක් ද යන්න ඇයට වටහා ගන්නට ගත වූයේ නිමේෂයකි. එය ප්‍රථම පාසල් ප්‍රේමයේ ප්‍රතිඵලය මුහුකුරා යෑමක් විය. ඇය කීප වාරයක්ම ඒ සුබ පැතුම් පත කියවා බැලුවාය. “තිස් එක් වන උපන් දිනයේ දී මම ඔබව මගේ ලෝකයට ගන්නවා. ඔබට සුබ උපන් දිනයක්” මීට... යනුවෙන් සඳහන් කර තිබිණි.   


ඇයව කලක් අැසුරු කළ ප්‍රථම පාසල් ප්‍රේමවන්තයා ඇය තුළ තිබූ හිතුවක්කාරී දඩබ්බර ගතිය නිසා අකමැත්තෙන් වුවද එම ප්‍රේමයට සමුදීමට තීරණය කළ බව මතකයට නැගිනි. නමුත් එම තරුණියගේ අග තැන්පතු රූපශ්‍රීය නිසා ප්‍රථම ආදරය යටි සිත තුළට කිඳා බැස ඇති නිසා නිතරම මේ ගැන ඔහුට වදයක් ද විය. වරෙක ඔහු ඇයව මරා දමන බව ද තර්ජනය කර තිබූ බව ඇය සිහියට නගා ගත්තාය.   


යටි සිතෙහි තිබූ වෛරය ක්‍රෝධය සුබ පැතුම් පතෙහි ද සටහන් කර දැක්වීමට වග බලා ගත්තේ එම නිසා වන්නට පුළුවන. තරුණියගේ දෙමව්පියන්ට හොර රහසේ ඇයට නිතර නිතර තර්ජනය ද කර තිබිණි. තමන්ගේ දෙමව්පියන්ට ද නොදන්වා මෙම කරදරයෙන් මිදීමට මඟක් ඇය කල්පනා කළාය. හිතුවක්කාරී දඟකාරියක් නිසා අැයට කදිම අදහසක් පහළ වූයෙන් ප්‍රේමවන්තයා සමග දීර්ඝ දුරකතන සාකච්ඡාවකින් පසු එක් දිනයක දෙදෙනාම වි​නෝද චාරිකාවක් යෑමට කතිකා කරගෙන ස්ථිර කර ගත්තේය.   
අදාළ දිනය ළඟා වූයෙන් වෙනත් කාරණාවක් දෙමව්පියන්ට පවසා ඇයට දෙමව්පියන් විසින් ලබා දී තිබූ අති නවීන මෝටර් රථයෙන් ගමන ආරම්භ කළාය. අතරමග දී පෙම්වතා ද නංවාගෙන ඉතාමත් සුන්දර කඳුකර ප්‍රදේශයකට ගොස් ඇති තරම් විනෝද සුවයෙන් ඔවුන් දෙදෙනා ගත කළෝය. සවස් යාමයේ නිවෙස් බලා පිටත් වූයේය. මෙසේ මඳ දුරක් ආපසු ගමනේ දී යෙදෙන විට ඇය පෙම්වතාට මෝටර් රථයේ තිරිංගවල ආබාධයක් ඇති බව පවසා විශාල කඳු බෑවුමකට රථය හරවා ඇය රථයෙන් පැන ගත්තාය. 

 
එයින් පසු පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වූයේ මෝටර් රථයේ තිරිංගවල ඇති වූ දෝෂයක් නිසා මෙම අනතුර සිදු වූ බවයි. කෙසේ වෙතත් මෙම තරුණයා මිය නොගිය අතර ජීවිතයේ සදාකල් අබ්බගාතයකු බවට පත් කිරීමට තරම් මෙම අනතුර අකාරුණික වූ බව නම් ඇත්තය. ඉතාම කැපී පෙනෙන අයුරින් මෙම රිය අනතුර මාධ්‍ය තුළින් හුවා දැක්වීමට යුහුසුලු වීම නිසා ඇයට මෙය හදවතට වද දෙන කාරණයක් වූයෙන් දිවි නසා ගන්නා බව ද දෙමව්පියන්ට පවසා තිබිණි. නමුත් ඇයගේ හදවතට කිඳා බැස තිබූ කරදරකාරී ප්‍රේම වෘත්තාන්තය මෙයින් අවසන් වීම ගැනත් ඇයගේ සැලසුම සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වීම ගැනත් කිසිවෙකුටත් නොකීමට ඇය වග බලා ගත්තාය.   


මාධ්‍ය තුළින් ඇය නීතියෙන් ගැලවීම ගැන අනීතියේ ප්‍රතිඵලයක් බවත්, උසාවිය මගින් ලබා දුන් තීරණය ස්වාධීන නොවන බවත් මාධ්‍ය තුළින් නිතර ප්‍රකාශයට පත් කළ නිසා මුළු ලොවින් සමුගැනීමට ඇය කල්පනා කළාය. හිතුවක්කාරී ස්ථිර අධිෂ්ඨානයක් ඇයගේ හදවතේ ගම්‍ය වූයෙන් මෙම ක්‍රියාශීලී සුන්දර තරුණිය තම යෙහෙළියන් සමග අවන්හලකට ගොස් අධික ලෙස මත්පැන් පානය කළාය. වෙනදා මෙන් නොව සිහිය විකල් වනතුරුම ඈ මත්පැන් පානය කළ අතර සිහි මුර්ඡාවෙන් රෝහල් ඇඳක් මත වැතිරුණාය.   
වෛද්‍යවරුන්ට මැය මෙවැනි හිතුවක්කාරකමක් කර ගැනීමට කාරණය කුමක් ද යන්න මහත් ප්‍රහේලිකාවක් විය. ඇයගේ යෙහෙළියන් විසින් පවසා සිටියේ මෙම තරුණිය පසුගිය දිනවල අනවශ්‍ය ලෙස සිත් තැවුලකින් පසු වූ බවයි. අබ්බගාත පෙම්වතාට ද මෙම අසුබ ආරංචිය සැලවිමෙන් කායික සහ මානසිකව අසරණ වී සිටි නිසා ඔහු ද මරණයට පත් විය. නමුත් ඇය මේ වගක් නොදත්තාය.   


වෛද්‍යවරුන් ඇයට නිසි සුවය ලබා දීමට නොහැකිව සති මාස අවුරුදු ගණන් පසු කර ඉදිරියට ගියේය. අන්තිමේ දී මැය සුවය නොලබන බවත් අැයගේ මරණය ළං වන තුරු මේ තත්ත්වයෙන් පසුවන බවත් සිහිමුර්ඡාවෙන් සිටින බවත් නිගමනය කෙරිණි.   


වත් පොහොසත්කම් ඇති දෙමව්පියන් විසින් ඇයගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරන ලෙස උසාවියේ නඩුවක් ගොනු කරනු ලැබිණ. ජීවත් වන කෙනෙකුගේ ජීවිතය අහිමි කිරීමට නීතියෙන් ඉඩක් දෙන්නේ කෙසේ ද යන්න දීර්ඝ නඩු විභාගයකින් පසු ඇයට විෂ එන්නත් කර මරා දමන ලෙස නියෝග කර සිටියෝය. නමුත් වෛද්‍යවරු කියා සිටියේ ඔවුන් සිටින්නේ සත්ත්වයින් ජීවත් කිරීමට මිස මරා දැමීමට නොවන බවත්ය. එම නිසා වසර ගණනාවක් සිහි මුර්ඡාවෙන් සිටින ඇයට විෂ එන්නත් කිරීම ප්‍රතික්ෂේප කළෝය.   
​දෙමව්පියන් විසින් නැවතත් තම දියණියගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරන ලෙස ඉල්ලා අධිකරණයෙන් දෙවන වරටත් අභියාචනවක් ගොනු කළ අතර, අභියාචනය නැවත විභාගයකින් පසු ලැබුණේ ද එම තීන්දුවමය.   


එයින් පසු වෛද්‍ය මණ්ඩලය රැස් වී උසාවි නියෝගය ක්‍රියාත්මක කරන බවට ඒකමතිකව තීරණයක් ගෙන දියණියගේ දෙමව්පියන්ට සහ විනිසුරුවන්ට මේ බව දැනුම් දෙන ලදී. වෛද්‍යවරුන් ඇයට විෂ එන්නත් කිරීමට ඉදිරිපත් නොවූ අතර සිහිමුර්ඡාවෙන් සිටින ඇයගේ ඔක්සිජන් මුඛ ආවරණය ගලවා දැමීමට තීරණය කළේය. එය ගැලවීමෙන් පසු ඇය තත්පරයකුදු ජීවත් නොවූවාය. දෙමව්පියන්ට ද මහත් ඇස්වැසිල්ලක් විය. නමුත් එදින ඇයගේ තිස් එක් වන උපන් දිනයයි. විසි එක් වන උපන්දිනය පසු වී ඉන් ආසන්න දිනයක දී සිට තිස් එක් වන උපන් දිනය දක්වා වසර දහයක් සිහි මුර්ඡාවෙන් සිටි ඇය තම පෙම්වතාගේ පැතුම අනුව ඔහුගේ ලෝකයටම ගත්තේය.   


දෙමව්පියන්ට ද කුතුහලය දනවන කාරණය වූයේ ආදාහන කටයුතුවලින් පසු ඇයගේ නිදන කාමරය පරීක්ෂා කිරීමෙන් පසු සිය පෙම්වතා විසින් එවන ලද උපන් දින සුබ පැතුම් පත හමුවීමෙන් පසුවයි.   


මෙය සිදු වූයේ කෙසේද? සංසාර ගත පුරුදු හා මිනිස් ආත්මවල දී පවසන වචන ඉලක්ක ගත පුද්ගලයාට වදින ඊතල පහරක් ද? මෙය සැඟවුණු නොපෙනෙන දෙයක් ඇස් පනාපිටම සිදු වී ඇති බව නම් ඉතාමත් සත්‍ය කාරණයකි. සිය පෙම්වතා ඇයගේ තිස් එක් වන උපන් දිනයේ දී ඉලක්කගතව ඇයව මරු වසඟයට ගත්තේ කෙසේද? නොපෙනෙන ලෝකයේ අදෘශ්‍යමාන බලවේගයක් වත් ක්‍රියාත්මක වූවාද?   


මෙය සත්‍ය සිදුවීමකි. ඇයගේ නම “කැරම් ඈන් ක්වීන්ය” ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ රොක්ස්බරි නගරයේ උත්පත්තිය ලබා ඇති ඇය මෙහි කතා නායිකාව වේ.   


කුලියාපිටියේ එස්. ප්‍රබෝධ සමරක්කොඩි   

 

 

 



අදහස් (0)

අදෘශ්‍යමාන බලවේගයකින් මරා දැමූ සුරූපී තරුණිය

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 123 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 43 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 85 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 324 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site