IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘76% ක් වත්කම් බැරකම් ප‍්‍රකාශන භාරදීලා‘

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයක් 6151 ක් අතරින් මේ වනවිට 4694 දෙනෙක් තම වත්කම් බැරකම් ප‍්‍රකාශන බාර දි ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. එය ප‍්‍රතිශතයක් ලෙස ‍76% කි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාස තුනක් ඇතුළත තම වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබාදීමට කටයුතු නොකරන සියලූම අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙන බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය නිවේදනය කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයන්ගෙන් 14 දෙනෙක් හැරෙන්නට සෙසු සියලුදෙනා මේ වනවිට වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබා දී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙතෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබා දී නොමැත්තේ 28 දෙනෙක් පමණක් බවත් කියති.

ජනතා විමුක්ති පෙරමුණේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ එක් අපේක්ෂකයෙක් පමණක් මෙතෙක් තම වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබා දී නොමැත.  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂයේ  අපේක්ෂකයන් 92 ක් සිය වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදිය යුතුව ඇති බවත් අපේ ජාතික පෙරමුණේ 20 දෙනෙක්, පෙරටුගාමී පක්ෂයේ 24 දෙනෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදිය යුතුව ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් වාර්තා කියයි.

බොදුජන පෙරමුණේ අපේක්ෂකයන් 80 ක්, ලිබරල් පක්ෂයේ අපේක්ෂකයන් 32 ක්, ජාතික බලය පක්ෂයේ අපේක්ෂකයන් 48 ක්, ඊ පී ඩී පී පක්ෂයේ 14 ක්, දෙමල ජාතික පක්ෂයේ 18 දෙනෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදී නොමැත.

 



අදහස් (0)

‘76% ක් වත්කම් බැරකම් ප‍්‍රකාශන භාරදීලා‘

අනුර Monday, 10 August 2015 04:32 PM

අපේ රාජපක්ෂ කට්ටිය දීලද? (නි)

:       0       0

කමල් ජෝර්දාන් Monday, 10 August 2015 04:35 PM

අපිට මේ අපේක්ෂයකින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ බලන්න ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

පැරකුම් අජිත් Tuesday, 11 August 2015 09:43 AM

18 වනදායින් පසු මොන පාටින් කවුරු දිනුවත් සැම එකමුතුව ඝාතන, ස්ත්‍රී දූෂණ ආදී සියළු අපරාධ මෙරටින් මුලිනුපුටා දමා යුක්තිය සාධාරණත්වය, සංවර්ධනය, ස්වභාව සෞන්දර්යය ඇති නූතන යුගයේ සිංගප්පූරුව සේම සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් මාස 60 කින් ගොඩනැගීමට අදිටන් කරගත යුතුයි (නි)

:       0       0

පෙරේරා Monday, 10 August 2015 06:35 PM

ඔය තෝරු මෝරු දෙතුන් දෙනෙක්ගෙවත් වත්කම් ප්‍රසිද්ධ කළොත් හොඳයි ජනතාවටත් බලාගන්න. (නි)

:       0       0

ෆාහිම් Monday, 10 August 2015 10:46 AM

මේ කට්ටිය කොහින්ද මුදල් ආවේ කියලාවත් දන්නේ නැතුව ඇති (නි)

:       0       0

හේරත් Monday, 10 August 2015 12:08 PM

මහින්ද මහත්තයා දීලද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site