IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


හාලිඇල නිවාස දෙකකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(විජේරත්න රත්නායක)

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්ට අයත් නිවාස දෙකකින් රුපියල් පනස් දහසක් වටිනා රන් පෙන්ඩන්ට් දෙකක් සොරකම් කළ බවට සැකපිට තරුණයින් දෙදෙනෙක් හාලිඇල පොලිසිය මඟින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල පොලිස් වසමට අයත් දෙමෝදර ගවරවෙල පදිංචි වයස අවුරුදු 20 ක් හා අවුරුදු 21 ක් වන තරුණයින් දෙදෙනෙකි.

හාලිඇල කීරියගොල්ල ප්‍රදේශයේ අදාළ නිවෙස් දෙකෙහි දිවා කාලයේ කිසිවෙක් නොමැති අවස්ථාවේ මොවුන් එම නිවාසවල ජනෙල් ගලවා ඇතුළුවී එක් නිවසක වූ රුපියල් විසි දහසක් වටිනා රන් පෙන්ඩන්ට් එකක් සහ අනෙක් නිවසේ තිබූ රුපියල් තිස් දහසක් වටිනා රන් පෙන්ඩන්ට් එකක්ද සොරකම් කර ඇතැයි පැවසේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හාලිඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අදහස් (0)

හාලිඇල නිවාස දෙකකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6099 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 307 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 337 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1270 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site