බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉංගිරිය හදපාන්ගොඩ දී සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරිමේදී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩයක් සොයා ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
එම ස්ථානයේ සිටි ත්‍රී රෝද රථ රියදුරු පලා ගිය බව ඉංගිරිය පොලිසිය පවසයි.
ඉංගිරිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු රාජකාරි ගමනක් යමින් සිටියදී හදපාන්ගොඩ කොටිගල හන්දියේ නවතා තිබු ත්‍රී රෝද රථයට මුවා වීමට උත්සහ දරා ඇති අතර ඒ සමඟම පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණිමත් සමඟම එම පුද්ගලයා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd