ඩයනා උදයංගනී
සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී හෙට (28) සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවට මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට දහවල් 12.11 ට යාපනය දිස්ත‍්‍රික්කයේ කලපූමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු යන ප‍්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අපේ‍්‍රල් මාසයේත්, දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේත් වශයෙන් වසරකට දෙවරක් ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් පවතින බව ඔහු සඳහන් කළේය.
අප්‍රේල් මාසයේදී දිවයින හරහා සුළං හැමීම අඩුවීම හේතුවෙන් දැඩි උණුසුමක් ඇති වුවද අගොස්තු මාසයේදී සුළං රටා හේතුවෙන් එතරම් උණුසුමක් නොදැනෙන බව ඔහු සඳහන් කළේය.
මීට අමතරව හෙට (27) දිනයේදී සවස 02.00 න් පමණ පසු ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ද ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙට දහවල් යාපනයට ළඟින් ඉර පායයි