IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සේවයට ගිය කොන්දොස්තරට ඩිපෝවේදී පහරදෙති

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
දිවුලපිටිය ඩිපෝවේ සේවයේ නියුතු කොන්දොස්තරවරයකුට අද(19) හිටපු ඩිපෝ අධිකාරීවරයකු ඇතුළු දෙදෙනෙකු පහර දී ඇති බවද, තුවාල ලැබූ කොන්දොස්තරවරයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කියයි.
 
තුවාල ලබා ඇත්තේ වෑකඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන  දෙදරු පියෙකි.
 
කොන්දොස්තරවරයා අද උදෑසන සේවයට ගිය අවස්ථාවේදී මෙම පිරිස ඔහුට පහරදී ඇත. සිද්ධිය සැලවීමෙන් පසුව කොන්දොස්තරවරයාගේ ඥාතීන් පැමිණ ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
 
තුවාලකරු දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා ඇති බවද,  ඔහුගේ තත්තවය  බරපතල නොවන බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන  බව දිවුලපිටිය පොලිසිය කියයි.



අදහස් (0)

සේවයට ගිය කොන්දොස්තරට ඩිපෝවේදී පහරදෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site