IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සූරියවැව පාසලක් පිටුපස නිවසක කංසා වගාවක්

(දිලීප් ජයසේකර)

සුරියවැව පාසලක් පිටුපස නිවසක පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අද (10) සමත් වී තිබේ.
 
සුරියවැව විදුහලක් පිටුපස නිවසේ ඇති මඤ්ඤොක්කා වගාවක් තුළ කංසා හේනක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (10) අලුයම එම නිවස වටලනු ලැබීය.
 
එහිදී එම නිවසේ මඤ්ඤොක්කා වගාව තුළ ඉතා සුක්ෂමව පර්චස් 20ක පමණ කොටසක මෙම කංසා හේන සකස්කර තිබුණි.ඉතා සරුවට අඩි පහක් පමණ උසට වැඩි තිබුණු මෙම කංසා හේනේ තිබි ගංජා පැල 700ක් ගලවා විනාශ කිරීමට විශේෂ කාර්ය බළකා නිළධාරීන් කටයුතු කර තිබේ.
 
කංසා හේන පවත්වාගෙන ගිය 37 හැවිරිදි එක්දරු පියෙකු වු නිවසේ හිමි කරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කාලයක් තිස්සේ හොර රහසේ මෙලෙස කුඩා කුඩා බිම් කඩවල් සකස් කර ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබු බවයි මුලික පොලිස් ප්‍රශ්න කිරිම් වලදි අනවාරණය වි තිබේ.



අදහස් (0)

සූරියවැව පාසලක් පිටුපස නිවසක කංසා වගාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site