IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුරියවැවදී පස් ප්‍රවාහණය කරන ටිපර් රථ කරුවන් විරෝධතාවයක

(දිලීප් ජයසේකර / රොෂාන් දිලිප් කුමාර)
 
පොලිස් විශේෂ කාර්ය බළකාය මැතිවරණයෙන් පසු දිගින් දිගටම දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් සඳහා පස් ප්‍රවාහණය කරනු ලබන ටිපර් රථ ඉතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වහා නවතන ලෙස ඉල්ලා ටිපර් රථ රියදුරන් 200ක් පමණ  අද (14)  සුරියවැව බස්නැවතුම්පොල ඉදිරිපිටදී විරෝධතාවයක් නියැළිණි.

 
විරෝධතාවයට එක්ව සිටි පිරිස් පැවසුවේ දිගින් දිගටම පොලිස් විශේෂ කාර්ය බළකාය අධිවේගි මාර්ගයට පස් සපයන ටිපර් රථ රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ,ඒ හේතුව නිසා සිය රැකියාව පවා දැඩි ලෙස අනතුරට ලක් වි ඇති බවත්ය.
 
ටිපර් රථ රියදුරෙකුට දිනකට ඉතා සුළු මුදලක් වැටුප ලෙස හිමිවන අතර විශේෂ කාර්ය බළකාය අසාධාරණ ලෙස  ටිපර් රථ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමේදි වරකට රුපියල් 20,000ක් හෝ  50,000ක  පමණ මුදලක් දඩ ලෙස ගෙවිමට සිදු වන බවත් ඔවුන් පවසයි.
 
එමෙන්ම ටිපර් රථ රියදුරන් පවසන්නේ නීත්‍යානුකූල ලෙස බල පත්‍ර ලබා ගැනීමෙන් පසුව පස් ප්‍රවාහනය කරනු ලැබුවත් පොලිස් විශේෂ කාර්ය බළකායෙන්  දැඩි ලෙස බාධා ඇති වෙන බවත් අද (14) ටිපර් රථ 07ක් අත්අඩංගුවට ගත් බවද ටිපර් රථ රියදුරන් පවසති.
 
ටිපර් රථ රියදුරන් පවසන්නේ තමන් රජයේ දැවැන්ත සංවර්ධණ කාර්යයක් සඳහා පස් ප්‍රවාහනය කරනවා මිසක් වෙනත් ජාවාරම් සඳහා පස් ප්‍රවාහනය නොකරන බවත්ය. ඒ නිසා ඉදිරියේදී මේ සදහා සාධාරණ විසදුමක් වගකිවයුතු පාර්ශව වලින් නොලැබෙන්නේ නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පස් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථ රියදුරන් එක්ව දැඩි තීරණයක් ගන්නා බවත් ඔවුන් වැඩි දුරටත් පැවසිය.



අදහස් (2)

සුරියවැවදී පස් ප්‍රවාහණය කරන ටිපර් රථ කරුවන් විරෝධතාවයක

lal Wednesday, 14 February 2018 03:48 PM

ඉස්සරවෙලාම මේගොල්ලන්ට පාරේ විනයක් ඇතුව වාහනේ පදවන හැටි ඉගෙනගන්න කියන්න.

:       0       24

ajith Thursday, 15 February 2018 02:38 AM

ඔය ටිපර් රියදුරු මහත්වරු හිතාගෙන ඉන්නේ මහා මාර්ගය අයිති එයාලට විතරයි කියලා. ඉතා අධික වේගයෙන් සහ අනතුරු දායක විධියටයි රිය පදවන්නේ. පස් පටවල ඒක ටෙන්ට් රෙද්දකින් වහන්නයි නීතිය කියන්නේ. මේ ගොල්ල ඉරිච්ච ටෙන්ට් කෑල්ලකින් යන්තම් නාමිකව වහගෙන යනවා. වාහනේ වේගෙට එම රෙදි කැල්ල විසිවේවි යනවා කොඩියක් වගේ. පාරේ යන අයගේ ඇස් වල පස්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site