IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වවුනියාව ලංවිම සේවකයන්ට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

(සිතුම් චතුරංග)
           
වවුනියාව විදුලි බල මණ්ඩලයේ අධිකාරීවරයකු ඇතුළු සේවකයින් පස්දෙනකුට පහරදීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් දෙදෙනකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව දිසා විනිසුරු එම්.එම්.රියාස් අද(08) නියෝග කළේය.
 
එලෙස බන්ධනාගර ගතකෙරුණේ වවුනියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි නමගිය දාමරිකයකු වන කුලසිංහම් ජොන්සන් හෙවත් ‘රංජා‘ නැමැත්තා සහ ඔහුගේ සහයකයින් දෙදෙනකුවූ පාණ්ඩියන් ප්‍රතාප් හා එඩ්වන්නාදන් දිනේෂ් යන අයය.
           
පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවේ සිටින සෙසු සැකකරුවන් 13 දෙනා සමඟ මෙම තිදෙනාද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
           
පොලිසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු නීතිඥවරයකු සමඟ අද උදෑසන අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබීය.
           
ප්‍රධාන සැකකරුට එරෙහි විවිධ පුද්ගලයින්ට පහරදීම්, අඩත්තේට්ටම් කිරීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නඩු රාශියක් පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
 
විදුලි බිල්පත් නොගෙවූ වවුනියාව, ආච්චිපුරම්, දහවන පටුමඟහි නිවාසක ඉකුත් 04 වැනිදා  විදුලිය විසන්ධි කිරීමට යාමේදී රංජා නැමති ප්‍රධාන සැකකරු තවත් කිහිපදෙනකු සමඟ එක්ව මෙම පහරදුන් බවත්, මේ හේතුවෙන් තුවාල ලැබූ වවුනියාව විදුලිබල මණ්ඩලයේ  විදුලි අධිකාරීවරයා ඇතුළු සේවකයින් වවුනියාව රෝහල වෙත ඇතුලත් කර ඇති බවත් පොලිසිය කියයි.
           
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

වවුනියාව ලංවිම සේවකයන්ට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site