IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විල්පත්තුවේ නිධන් හෑරූ අය රක්ෂිත බන්ධනාගාරයට

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි සහ පුත්තලම එච්.චන්දන)


විල්පත්තුව ජාතික උද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් (උත්තුමඩාරු) ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හෑරීයැයි සැකපිට අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා නියෝග කළේය.

 පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන ප්‍රසන්න ප්‍රදීප් කුමාර සහ ඒ.එච්.එම්. ගයාන් කෝසල යන සැකකරුවන් දෙදෙනා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.


මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් අදාළ ස්ථානයේ කැණීම් කරමින් සිටියදී එළුන්කුලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 18 දින එම ස්ථානය වටලා ඇත. ඒ වන විට සැකකරුවන් පිරිස එම ස්ථානයේ අඩි 10 ක පමණ විශ්කම්භයකින් යුතු ගැඹුරු වළක් හාරා තිබී ඇත. මෙම මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු සමග ජල මෝටරයක් ඇතුළුව පොළොව කැණීමට යොදා ගන්නා උපකරණ තොගයක් අත් අඩංගුවට ගෙන තිබුණි.


සෙසු සැකකරුවන් පළා ගොස් තිබූ අතර එම පිරිස 15 ක් පමණ වියහැකි බවට වනජීවී නිලධාරීහු සැකපළ කරති. එසේ පළාගිය සැකකරුවන් අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයෙකුද සිටින බවට මෙහිදී අනාවරණය වූ අතර, එම සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය. වනසත්ව අඩවි ආරක්ෂක පී.එම්.ඩී. ටී. දිසානායක මහතා විසින් සැකකරුවන් දෙදෙනා සමග අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළේය.

කැණීම සිදුකර තිබූ අයුරු...



අදහස් (0)

විල්පත්තුවේ නිධන් හෑරූ අය රක්ෂිත බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site