(විජේරත්න රත්නායක)
මහියංගණය දම්බරාව ප‍්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 7ක් සමඟ පුද්ගලයින් හතර දෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇතැයි මහියංගන පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ දම්බරාව, සොරබොරවැව, මහියංගන ප්‍රාදේශීය සභා නිවාසයන්හි පදිංචි 28,32, 38 සහ 42 හැවිරිදි පුද්ගලයන්ය.
මහියංගන දම්බරාව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් මහියංගන පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් මෙම ව්‍යාජ නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් මහියංගන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd